young women

2017-09-09 11:08:51 | ethalayaTv.com


තරුණියන්ගේ මනස තුළ ඇති වටිනාකම තරුණියන්ගේ මනස තුළ ඇති වටිනාකම
මෙයට සාදක වූ ප‍්‍රධාන හේතුව ඈත අතීතයේ මිනිසා ගැහැණිය සැලකුවේ වහලියක ලෙසින්ය. ඒ යුගයේ ගැහැණිය තහංචි දැමු තහනම් භාණ්ඩයක් බවට පත්වී තිබුණි. ඒ නිසා ප‍්‍රථම මල්වරයට පත් වූ විගස එම තරුණියගේ මනස තුළ එහි ඇති වටිනාකම තහවුරු කිරීමට බැ?රුම් බවක් මතුකර ශුද්ධ වූ වස්තුවක් ලෙසින් සුරැුකීමට අවශ්‍ය නිසා එවන් දිනයේදී පුරුෂ දර්ශනයෙන් ඈත් වී රන් රුවන් අභාරණ පැලදීමෙන් වෙන් වී රහසිගතව හා අප‍්‍රසිද්ධව ජීවත් වීමට දින වකවානු නියම කිරීම සඳහා මේ චරිතය යොදාගෙන තිබේ.

මේ මොහොතේ ශාරීරික වශයෙන් සත්වයා තරමක දුර්වල තත්වයකට පත්වන අවස්ථාවකි. ඒ නිසා ශරිරය අධිකව වෙහෙසීමෙන් වැලකී සිටිය යුතු කාල සීමාවක් වන බැවින් එදා නොදියුණු සමාජයට මෙය ඉතා බැ?රුම් බවක් හා මිත්‍යා බවක් කා වද්දා ඒ රාමුව තුළ මිනිසා රැුඳවීමට උත්සහා කලා විනා ජ්‍යොතිෂ වශයෙන් මල්වර පලාපල කීමේ කිසිදු ශාස්ත‍්‍රීය පදනමක් නැත.

නමුත් එවන් ප‍්‍රථම සිදුවීමක් ඇති වූ විට පමණක් නොව, ඉන් පසු චවද්‍ර ගමන අනුව චද්‍ර තිමී 30 කදී නොහොත් දින 28 කදී වරක් නිරෝගී ස්ත‍්‍රියකගේ රජස් වීම නොහොත් මල්වරය සිදුවන බැවින් එය සිදුවීමෙන් පසු සුභ හෝරා සුභ නැකැත් දින හෝරා ප‍්‍රථම ජල ස්නානය කරීමෙන් ඉදිරි කාලය තුළවාසනාවන්ත දරුවන් පිළිසිඳ ගැනීමට හා නිරෝගී සිරුරක් හිමි වීමට හේතු භූත වන බැවින් ප‍්‍රථම මල්වරයේදී ප‍්‍රථම ජල ස්නානය සුභ නැකතින් සිදු කිරිම ජ්‍යොතිෂ විද්‍යාවට එකඟ ක‍්‍රියාවකි. නමුත් මල්වර නැකැත් ආසන්නව පැමිණෙන මොහොතේ සකසන තත්කල කේන්ද්‍ර සටහනකින් ජීවන තොරතුරු පවසන්නට යෑම ජ්‍යොතිෂ සයුරේ අතරමංවීමකි.

මෙවන් සමහර නොගැලපෙන මිත්‍යා මත හා පාරම්පරිකව ගති සිරිත් ජ්‍යොතිෂ විද්‍යවට එක්වීමෙන් ජ්‍යොතිෂයේ ඇති විද්‍යාත්මක අගය යටපත් වී ඇත. ඈත පුරාණයේ නොදියුණු මිනිසා ජ්‍යෙතිෂ දේවත්වයෙන් සැලකූ අතර වත්මන් නවීන විද්‍යාවෙන් දියුණු වු මිනිසා ඒ මිත්‍යා මත පදනම් රහිත දෙයක් යයි සලකා ජ්‍යොතිෂයට ගැරහීමට ද පසුබට නොවීම සත්‍යයකි.

එසේ නම් ජ්‍යොතිෂ විද්‍යාව තුළින් මෙවැනි මිත්‍යා මත ඉවත් කිරීමට ජ්‍යොතිෂ විද්‍යාාවට කරන මහඟු සේවයක් බව මගේ හැඟීමයි.
1673 Visits

——–

 

 

contactus-n