stop

2017-09-09 11:05:56 | ethalayaTv.com


ගැහැණියගේ තහනම් භාණ්ඩ ගැහැණියගේ තහනම් භාණ්ඩ
එසේ නම් මෙය ස්වාභාවික ශාරිරික සිදුවීමකි. මෙහි ඇති සුවිශේෂී බවක් විද්‍යාත්මකව සිතන විට නොපෙනේ. මේ නිසාම යම් කාන්තාවක් මල්වර වීමෙන් පසු එම මොහොතේ ඇතිවන ග‍්‍රහ කිරණ හෝ ග‍්‍රහබල අනුව ඇගේ ජන්ම බලය වෙනස් වේද? ජන්ම කේන්ද්‍රයේ සනිටුහන් වන ග‍්‍රහ පිහිටීම් නොහොත් පූර්ව කර්ම බලයන් වෙනස් කල හැකිද? එසේ නම් මල්වරය සිදු වන්නේ කාන්තාවන්ට පමණක් මෙය ජ්‍යොතිෂ න්‍යායක් නම් පුරුෂයන්ට එවැනි අවස්ථාවක් හිමි නොවෙයි ද?

වෛද්‍ය විද්‍යාව අනුව ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව සත්වයාගේ බාහිර හා අභ්‍යන්තර ශාරිරික ඉන්ද්‍රියන්ගේ වර්ධනය අනුව ඒ ඒ වස්තුන්ට ආවේණික වූ කාල සීමාවක් තුළ මල්වරයට සුදුසු තත්වයට පත්වේ. මිනිසාට සත්වයාට තුරුලතාවන්ට පවා මෙය පොදු සොබා දහමකි.

එසේ නම් ළදැරියකගේ මල්වර වීමකදී පමණක් ජ්‍යොතිෂ විද්‍යාව අනුව හා ගතානුගතික සම්ප‍්‍රදායන් අනුව අනවශ්‍ය පලාඵල කථනයන් කීම හා මල්වර වූ දැරිය හිරකාරියක,ු රෝගියෙකු නොහොත් අශුභ වස්තුවක් ලෙස මිනිස් දෑසින් පවා ඈත්කර අඳුරු කුටියක සිරකර පෝෂදායි ආහාර වෙනුවට දියර සහිත දෙමින් කොටුකර, වටකර තෝරාගත් දිනයකදී හිරු එළිය පවා නොවැටෙන මොහොතක ජල ස්නානයට පත්කර එයිනුදු නොනැවතී වත්මන් සමාජයේ මෙය සුවිශේෂ මංගල්‍යයක් ලෙස සලකා ප‍්‍රීති උත්සව පවත්වා රටට හ`ඩනගා කිමට තරම් මිනිසා මිත්‍යාවට බර වූයේ කුමන හේතුවක් නිසා දැයි මදක් සොයා බලමු.
1763 Visits

——–

 

 

contactus-n