Change

2017-09-09 10:47:20 | ethalayaTv.com


කර්ම බලය වෙනස් කළ හැකිද? කර්ම බලය වෙනස් කළ හැකිද?
මෙයින් ලොව යමෙකු උපදින මොහොතේ අප සටහන් කරන විශ්වයේ පවතින ග‍්‍රහ සටහන අනුව ඔහුගේ මුළු ජීවිත පැවැත්ම විග‍්‍රහ කළ යුතු නොවේ. ජ්‍යොතිෂයේ මූල්‍ය හා තිරසාර පදනම එයයි.

මා මුලින්ම සඳහන් කළ පරිදි ඈත අතීතයේ නොදියුණු මිනිසා යම් යම් දේ හද තුලට කා වැද්දීම සඳහා විද්වතුන් විවිධ මිත්‍යා අදහස් උපයෝගී කර ගත්හ. එවැනි මිත්‍යා මත උපයෝගී කර ගනිමින් එදා සමාජීය ගුණාංග පැවැත්ම සදාචාර ගොඩ නගා ගැනීමටද එය ඉවහල් කර ගත්තෝය. එදා සිට අද දක්වා මෙවැනි සමහර මිත්‍යා මත ජ්‍යොතිෂ විද්‍යාව තුලද ගැබ්වී මුල් බැස ගෙන ඇති බව නොරහසකි.

එවැනි එක් මිත්‍යා මතයක් නම් මෙලොව බිහිවන කාන්තාවන් වැඩිවියට පත්වීම නොහොත් මල්වර වීමේදී ජ්‍යොතිෂ විද්‍යාව තුළින් දෙන මිත්‍යා මත මව්කුසින් ජනිත වූ ස්ත‍්‍රියක් වසර 10 සිට 16 දක්වා අතර කාලය තුළ පවතින මෙම සුවිශේෂ අවස්ථාව නොහොත් ප‍්‍රථම මල්වරය අපේ පැරැුන්නෝ විවිධ නම් වලින් හැඳින්වූහ. ඔපස්, මල්වර, කිලිවීම, වැඩිවියට පත්වීම, රජස් වීම, කොටහලූ වීම යන විවිධ නම් වලින් මෙය හැඳින්වුහ. මල්වරය යනු මල් හට ගැනීම නොහොත් පල හට ගැනීමට සුදුසු තත්ත්වයට පත්වීම යන්නයි. සමස්ත විශ්වයේ පැවැත්ම සඳහා ස්ත‍්‍රී වර්ගයාගේ සම්මාදම නොහොත් අත්‍යවශ්‍යතාවය අවශ්‍යයමය. මෙලොව ජනිත වන ස්ත‍්‍රයක් සිය වර්ගයා බිහි කිරීම සඳහා නොහොත් තම බීජ හට ගැනීමට සුදුසු තත්ත්වයට පත් වීම මල්වරය යනුවෙන් හඳුන්වනු ලැබේ.

එදා සිට අද දක්වා විශේෂයෙන් ආසියාතික රටවල නොහොත් ලංකාව ඉන්දියා,ජපානය වැනි රටවල මේ සිදුවීම ස්ත‍්‍රියකගේ දෙවන උපත ලෙස නම් කර තිබේ. ඒ තුලින්ම ජ්‍යොතිෂ විද්‍යාවට මෙය එක්තරා මිනිස් ජීවිතයේ සිදුවන අසාමාන්‍ය නොහොත් සුවිශේෂ සිදුවීමක් ලෙස සලකා ඒ තුලින් එම දැරියගේ ජීවන තොරතුරු අනාගත තොරතුරු පමණක් නොව මව්පිය සහෝදර හිතවතුන් පිළිබඳව ජ්‍යොතිෂමය ජීවිත විග‍්‍රහයක යෙදෙන්නට තරම් ජ්‍යොතිෂ විද්‍යාව මිත්‍යා මතයක් තුලින් ආගාධයට ගොස් තිබේ.

ලොව බිහිවන මිනිසාගේ හෝ සත්වයා තුරු ලතා කුමන වස්තුවක හෝ ස්ත‍්‍රී පුරුෂ බේදයක් පවතී. එයින් සිය වර්ගයා බෝ කිරීමේ භාග්‍ය හිමිවන්නේ ස්ත‍්‍රියටය. කලින් සඳහන් කළ කුමන වස්තුවක වුවත් එය ස්ත‍්‍රී බීජයක් නම් එම වස්තුවෙන සිය වර්ගයා බෝ කිරීමට සුදුසු තත්ත්වයට පත්වීම මල්වරය නමින් හැඳින්වේ.
1608 Visits

——–

 

 

contactus-n