Abuse

2017-09-09 10:42:04 | ethalayaTv.com


බන්ධනාගාර ලොක්කෝ සිරකාරියන්ට අතවර කරලා බන්ධනාගාර ලොක්කෝ සිරකාරියන්ට අතවර කරලා
ගණිකා වෘත්තියේ නියැලෙන චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය නිළියන් හා මෝස්තර නිරූපිකාවන් ගැන කතා කරන විට පසුගිය මාර්තු මස 08 වැනිදාට යෙදී තිබුණු ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොට ගෙන වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවු බවට ප‍්‍රචරය වු කරුණක් කෙරෙහිද අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. එනම්, මෝස්තර නිරූපිකාවන් හා පොදුවේ ගණිකා වෘත්තියේ යෙදී අත් අඩංගුවට පත්වී ඇති විශාල සුරූපී තරුණියන් පිරිසක් දැනට වැලිකඩ බන්ධනාගාරය තුළ කල් ගත කරමින් සිටිති.

ඔවුන්ගේ මෝස්තර නිරූපන ප‍්‍රදර්ශනයක් මාර්තු මස 08 වැනිදා කාන්තා දිනය මුල් කරගෙන බන්ධනාගාරය තුළ පැවැත්විණි. එහි පෙර පුරුදු පුහුණුවීම් වලදී හා ප‍්‍රදර්ශනය දා එවැනි සුරූපිනියන් කිහිප දෙනෙකුම ජේ්‍යෂ්ඨ බන්ධනාගාර නිලධාරින් කිහිප දෙනෙකු විසින් විවිධ ලිංගික ස්පර්ශයන් සිදුකර ඇති බවක් පිළිබඳව ප‍්‍රබල ප‍්‍රචාරයක් බන්ධනාගාරය තුළ දියත් විය.

සමහර නිලධාරින්ගේ එම තරුණියන්ගේ අඩ නිරුවත් ඡුායාරූප පවා ලබාගත් බවට ප‍්‍රකාශ විය. බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා නම් ප‍්‍රකාශ කර ඇත්තේ තමන්ට එවැනි පැමිණිලි ලැබී නැති බවය. නමුත් එවැනි සිදුවීමක් පිළිබඳව ප‍්‍රබල ප‍්‍රචාරයක් ඇත. යම් හෙයකින් එවැනි දෙයක් සිදුවී ඇත්නම් එහි ඇති ස්වභාවය පිළිබඳවත් අපට හොඳ අවබෝධයක් ලබා ගත හැක.
1534 Visits

——–

 

 

contactus-n