Harak

2017-09-03 22:06:57 | ethalayaTv.com


බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපතිගේ හරක් ලොරිය හික්කඩුව පොලිසිය හොරෙන් පන්නලා බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපතිගේ හරක් ලොරිය හික්කඩුව පොලිසිය හොරෙන් පන්නලා
හරක් මැරීම හා හරක් මස් විකිණීම සපුරා තහනම් කරන ලෙස ඉල්ලා පසුගිය යුගය තුළ රට පුරා මහත් ආන්දෝලනයක් දියත් විය. මෙම ක්රියාවලිය පිටුපස ජීවමාන හස්තය ලෙස ක්රියාක්මක වුණේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් හා ඔවුන්ව නියෝජනය කරන බෞද්ධ සංවිධාන කිහිපයකි. ඔවුහු උද්ඝෝෂණ පාගමන් පමණක් නොව, සමාජය තුළ කලහකාරී ලෙස හැසිරෙමින් ඉල්ලා සිටියේ වහාම හරක් මැරීම හා විකිණීම නතර කරන ලෙසය. මේ ව්යාපාරය හරහා දියත් වුණු බොදු බල සේනාව හරක් මස් විකිණීමේ නිරතව සිටි වෙළෙඳසැල්වලට පවා බලහත්කාරයෙන් ඇතුළු වෙමින් පහරදීම් හා ගිනි තැබීම් පවා සිදු කෙරිණි. හරක් මැරීම හා විකිණීම ප්රසිද්ධියේ සිදු කරනුයේ බොහෝ විට නීති විරෝධීව නොව ඒවාට අදාළ බලපත්ර ලබා ගෙනය. හොරෙන් එවැනි දේවල් සිදු කරන අවස්ථාද ඕනෑ තරම නැතිවා නොවේ. නමුත් නීත්යනුකූලව බලපත්ර සහිතව හරක් මස් විකුණන ස්ථානවලට බලහත්කාරයෙන් කඩා වැදී අවහිර හෝ බාධා කිරීම් සිදු කරමින් එවැනි තැන්වල කලහකාරී ලෙස හැසිරීම කිසිදු අයකුට කිසිදු අයිතියක් නැත. එවැනි අයව පොලිස් අත්අඩංගුවට ගෙන නීති මගින් ක්රියා කිරීමේ හැකියාව පවා ඇත.

එහෙත් එම තත්වයන් පවා පසෙක තබා බොදු බල සේනාව මහින්ද රාජපක්ෂ පාලනය තුළ හරක් මස් වෙළෙඳ සැල්වලට එරෙහිව නීති විරෝධී ලෙස ක්රියා කළද රාජපක්ෂ පොලිසිය ඔවුන්ට එරෙහිව කිසිදු පියවරක් ගත්තේ නැත. නීතියේ බලහත්කාරකමින් අන් අයව පීඩාවට පත් කිරීමට රාජපක්ෂලාගේ මුදල් බලයෙන් ක්රියා කළ බොදු බල සේනාව පියවර ගත් බව සැබෑ කරුණු දන්නා අයට නම් රහසක් නොවේ. .

හරක් ප්රශ්නය මුල් කර ගෙන පසු ගිය යුගයේ පූජ්ය බෝවත්තේ ඉන්ද්රරතන නමැති භික්ෂුන් වහන්සේ මහනුවර දළදා මාළිගාව ඉදිරිපිටදී සිරුරට ගිනි තබා ගෙන අපවත් වූහ. භික්ෂුන් වහන්සේ නමක් යනු අන් අයටත් ආදර්ශවත් ලෙස ක්රියා කළ යුතු අයෙකි. එවැනි අයෙක් මෙලෙස සිරුරට ගිනි තබා ගෙන සිය දිවි නසා ගැනීම මගින් සමාජයට වැරදි ආදර්ශයක් ලබා දී ඇත. එය එතරම් ප්රඥා ගෝචර නැත. උන්වහන්සේගේ අපවත්වීමෙන් අවදි වූ බෞද්ධ භික්ෂුන් හා සංවිධාන ප්රකාශ කර සිටියේ හරක් මැරීම හා විකිණීම නතර කරන තුරු සටන අත් නොහරින බවය. .

එහෙත් දැන් සිදුවී ඇත්තේ කුමක්ද? හරක් මැරීම හෝ විකිණීම නතර වුණේ නැත. එහෙත් භික්ෂුන්ගේ හරක් සටන නම් නතර වී ඇත. එවැනි සටනක් තිබුණාද කියාවත් දැන් කිසිදු හාංකවිසියක් නැත. හරක් මැරීම හා විකිණීම බහුතර ලෙස සිදු කරනුයේ මුස්ලිම් මිනිසුන්ය. රාජපක්ෂ පාලනය තුළ බොදු බල සේනාව මුස්ලිම් ප්රජාවට එරෙහිව දරුණු ප්රහාරයක් දියත් කෙරිණි. එහෙත් රාජපක්ෂ පාලනය බිඳ වැටීමත් සමග ඒ විරෝධය පුස්සක් වී ඇත. ඉන් පෙන්නුම් කරන්නේ කුමක්ද? භික්ෂු සංවිධාන ඒ කළ හරක් සටන හරක් මැරීමට එරෙහි සටනක් නොව එම ක්රියාව මුස්ලිම් ප්රජාවට එරෙහිව දියත් කළ සටනක් බව යම් අයෙකුට හැඟීමක් ඇති වනු ඇත. .

එසේ නොමැති නම් හරක් සටන මුස්ලිම් ප්රජාවගෙන් තොර වූ එකක්ව පැවතියේ නම් හරක් මැරීමට එරෙහි සටන තවමත් තිබිය යුතුව තිබිණි. එවැනි දෙයක් දැන් නොමැතිවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ මෙම සටන සැබෑවටම හරක් මැරීමට එරෙහි සටනක් නොව එයට මුවා වී බොදු බල සේනාව බෞද්ධයන් උසි ගන්වා මුස්ලිම් සිංහල ජාතිවාදයක් රට දියත් කිරීම උදෙසා කරන ලද තිරිසන් ක්රියාවක් බවය. .
හරකා හෙවත් ගවයා යනු මිනිසාට ඉතාමත් සමීප, සංවේදී සතෙකි. මිනිසාගේ පැවැත්ම හා ජීවනෝපාය සරි කර ගැනීමට ගවයාගෙන් ලැබෙන පිටිවහල සුළුපටු නැත. එවැනි සත්වයෙක්ව මිනිසා විසින් මරා කෑමට ගැනීම ඉතාමත් බරපතළ ප්රශ්නයක් බව කිසියම් අයකුට හැෙඟන්නේ නම් එහි එතරම් වරදක් නැත. හරක් මස් යනු මිනිසාගේ ශරීර වර්ධනයට ඉතාමත් පෝෂ්යදායි ආහාරයකි. ”මේ යකා වැඩ කරන්නේ හරියට හරක් මස් කාලා වගේ” සමහර ශක්තිමත් පුද්ගලයන්ට තවත් සමහරු කියනු ඇත. ඉන් කියනු ඇත්තේ කුමක්ද? හරක් මස් කෑම මිනිසාගේ ශරීර ශක්තියට වැදගත් බවය. හරකා ජීවතුන් අතර සිටියදීත් ඌ මරා මස් කළ පසුත් මිනිසාගේ පැවැත්මට වැදගත් වන්නේ එවැනි කරුණු කාරණා මතය. .

එය එසේ වුවද හරක් මැරීමට හෝ මස් විකිණීමට එරෙහිව කිසියම් අයෙක් ප්රජාතන්ත්රවාදී ලෙස කලහකාරී බවෙන් තොරව සාමකාමී ලෙස විරෝධය පෑම වරදක් නොවේ. එය ශක්තිමත් ප්රජාතන්ත්රවාදී සමාජයක මූලික අංගයකි. සතුන්ට කරුණාව දැක්වීම මිනිසාගේ මූලික ප්රයත්නය සේම සතුන්ට කරදර හිරිහැරවලින් මුදවා ගැනීමත් මිනිසාගේ වගකීමකි. සත්ව හිංසා පනත යනු සතුන්ගේ ආරක්ෂාවට ඇති කරන ලද දෙයකි. සෙසු ආගම්වලට වඩා බෞද්ධයා සතුන් කෙරෙහි දක්වන්නේ අසීමිත වූ මානුෂීය බවකි. .

නමුත් සමහර බෞද්ධයෝ නම් බෞද්ධ බව කඩතුරාවක් ලෙස තබා ගෙන සතුන්ට කරන හිරිහැර කරදර අතිමහත්ය. ඉන් එක් අති ශුද්ධ වන්ත බෞද්ධයකු ලෙස පෙනී සිටින බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති, නියෝජ්ය පොලිස්පති නිමල් චන්ද්ර වාකිෂ්ඨගේ බෞද්ධ ශ්රද්ධාවන්ත බව රෙද්ද පල්ලෙන් බේරෙන්නේ ඔහුගේ හරක් ජාවාරමේ සැබෑ කැඩපත අනාවරණය වීමට පටන් ගැනීමත් සමගය. අරක්කු, සිගරට් කිසිවක් පානය නොකරන, මස්, මාළු, කිරි, බිත්තර පමණක් නොව අඩුම තරමින් උම්මලකඩ කෑල්ලක්වත් අනුභව නොකරන නිමල් චන්ද්ර වාකිෂ්ඨ හතර පෝයට සිල් සමාදම් වන උතුම් වූ සැදැහැවත් බෞද්ධයෙකි. .

එහෙව් අයෙක් හරක් ජාවාරමේ නියැලී සිටින්නේ යැයි ප්රකාශ කළහොත් සමහරවිට එය කිසියම් අයකුගේ පුදුමයට හේතු වන කාරණයක් විය හැක. බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින බෞද්ධ මහා සම්මේලනෙය් උප සභාපති එහෙම අයෙක් නම් තවත් කුමන කතාද යන්න සිතනු ඇත. මොහු බෞද්ධ මහා සම්මේලනයේ උපසභාපති පමණක් නොව මහින්ද රාජපක්ෂ පාලනය තුළ කොළඹ 7, කේම්බි්රජ් පෙදෙසේ, අංක 10 දරන ස්ථානයේ පිහිටි රාජ්ය බුද්ධි අංශය භාරව සිටි ප්රධානියාය. ලංකාවේ ප්රධානතම හා අතිශය වැදගත්ම ඔත්තු අංශය භාරව සිටි නියෝජ්ය පොලිස්පතිවරයෙක් හරක් ජාවාරම්කාරයෙක් නම් නීතිය පොලිසිය හා බෞද්ධකම පිළිබඳ ඇතිවන හැඟීම කුමක් විය හැකිද යන්න සැදැහැ සිතින් මෙනෙහිකර බැලීම උතුම් වූ බෞද්ධයන්ගේ පරම යුතුකම හා වගකීම වනු ඇත. .

නියෝජ්ය පොලිස්පති නිමල් චන්ද්ර වාකිෂ්ඨ රාජපක්ෂ පාලනය තුළ රාජ්ය බුද්ධි අංශය තුළ ක්රියා කරමින් බහුලව සිදු කළේ රටට දැයට වැඩදායි හිතකර දේවල් නොව රාජපක්ෂ වෙනුවෙන් දේශපාලන ක්රියාදාමයන් දියත් කිරීමය. ඔහුගේ පාලනය තුළ දී රාජ්ය බුද්ධි අංශයට පරළොව යාමට සිදු වූයේ එබැවිනි. ඔහු රාජපක්ෂගේ දේශපාලන බලයෙන් මත් වී ගාල්ල ත්රස්තවාදී විමර්ශන ඒකකය උපයෝගී කර ගෙන රාජ්ය මුදල් හා දේපළ අවභාවිතාවේ යොදමින් තම පුද්ගලික ව්යාපාරික වැඩ කළේය. ඒවාට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගැනීමට පොලිස්පතිවරයා වුවද එදත් අදත් එතරම් උනන්දුවක් දැක්වූයේ නැත. .

රාජපක්ෂලා බලයෙන් විසි වී ගියද නිමල් චන්ද්ර වාකිෂ්ඨ තම මගෝඩි වැඩ නතර කර නැත. ඔහුගේ හරක් ජාවාරම එළියට එන්නේ මේ පසුබිම තුළය. මෙය ප්රසිද්ධ කරළිය තුළ රැුව් පිළිරැුව් දීමට පටන් ගත්තේ 2016 පෙබරවාරි මස 2 වැනිදාය. එදින රාත්රී හික්කඩුව පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් වන දිනේෂ් (72779* හා සුදර්ශන (72877* යන නිලධාරීන් දෙදෙනා ජංගම මුර සංචාර කටයුතුවල නියැලී සිට ඇත. එවිට මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සැක කටයුතු ලොරි රථයක් නවත්වා පරීක්ෂාකර තිබේ. .

එහි පිටුපස ගවයන් තිදෙනෙක් ගාල් කර තිබී ඇත. ඔවුන් ප්රවාහනය කිරීමට යොදා ගෙන තිබූ බලපත්ර පරීක්ෂා කිරීමේදී හා එහි සිටි පුද්ගලයන්ගෙන් ප්රශ්න කිරීමෙන් පරස්පර විරෝධී කරුණු ඉස්මතු වී ඇති බැවින් පොලිස් නිලධාරීන් දෙදෙනා එම ලොරිය හා එහි සිටි පිරිස ගවයන් තිදෙනා සමග හික්කඩුව පොලිසියට රැුගෙනවිත් ඇත්තේ වැඩිදුර පරීක්ෂණ සඳහාය. පොලිස් නිලධාරීන්ගේ මූලික සැකය වී තිබුණේ මෙම ගවයන් නීති විරෝධීව ප්රවාහනය කරන හොර හරක් වීමට ඉඩ ඇති බවය. .

ගවයන් ප්රවාහනය කිරීමට යොදා ගෙන තිබූ ලියකියවිලිවල හා වෙනත් සාධක පරීක්ෂා කිරීමේදී පවා මෙහි නීති විරෝධී බවක් පෙන්නුම් කෙරිණි. සාමාන්යයෙන් ගවයන් ප්රවාහනය කිරීමේදී යොදා ගත යුතු නීතිමය ක්රමවේදයක් ඇත. එම ක්රියා පටිපාටිය මේ තුළ දිස් වූයේ නැත. එයම එහි ඇති එක් මූලික නීති විරෝධී ක්රමයකි. විශේෂයෙන් ගවයන් පස්වරු හයෙන් පසු ප්රවාහනය කරන්නේ නැත. ප්රවාහනය කළ යුතු යම් යම් වේලාවන් හා මාර්ග පැහැදිලිව බලපත්රයේ සටහන් කළ යුතුය. එහෙත් එවැනි දෙයක් එම ලියකියවිලිවල නැත. ඒ ඇයි? .

පෝද්දල-බෝපේ සහකාර ප්රාදේශීය ලේකම් ඒ.පී.ඞී. නිලංගි ඩයස්ගේ අත්සනින් නිකුත් කර ඇති රහස් අංක APH/P022511 දරන ලිපියට අනුව මෙම ගවයන් ආරච්චිගේවත්ත කිතුලම්පිටියේ සිට රත්තොට කයිකාවල දක්වා ප්රවාහනය කිරීමට අවසර දී ඇත. ආරච්චිගේ වත්ත පිහිටා ඇත්තේ ගාල්ල දිස්ත්රික්කයේ පෝද්දල ප්රදේශයේය. රත්තොට පිහිටා ඇත්තේ මාතලේ දිස්ත්රික්කයේය. එසේ නම් ආරච්චිගෙවත්තේ සිට රත්තොටට එම ගවයන් ප්රවාහනය කිරීමේදී ඔවුන් ගමන් ගන්නා මාර්ගය නිශ්චිත වශයෙන් සඳහන් කළ යුතුය. එහෙත් එය මෙහි සටහන්කර නැත. ඒ ඇයි? .

ඊටත් ගාල්ලේ සිට මාතලේට ඇත්තේ සැතපුම් සියයකට වැඩි දුරකි. එතරම් අධික දුරක් ගවයන් ප්රවාහනය කිරීමේදී ඔවුන් අනිවාර්යයෙන්ම පීඩාවට ලක් වනු ඇත. එබැවින් ඔවුන් ප්රවාහනය කිරීමේදී ඔවුන්ගේ සැප පහසුව පරීක්ෂාවට ලක් කළ යුතුය. හොඳ වාතාශ්රය, ඇඟට පතට හිරිහැර නොවන ලෙස සැතපී සිටීමේ හැකියාව, කෑම බීම ආදී කරුණු ඊට අයත් වේ. එහෙත් එම මූලික කරුණුවත් ඔවුන් ප්රවාහනය කිරීමේදී අනුගමනයය කර තිබේද යන්න ප්රශ්නයකි. .

ඔවුන්ට ලොරි තට්ටුව තුළ සැතපීම උදෙසා පිදුරු වෙනුවට මෙට්ට දමා තිබී ඇත. එම මෙට්ට කාගේද? දැන ගන්නට ඇති ආකාරයට එම මෙට්ට නියෝජ්ය පොලිස්පති නිමල් චන්ද්ර වාකිෂ්ඨ ගේ අම්මාගේ, අප්පාගේ හෝ තමන්ගේ පෞද්ගලික බූදලයකින් ලබා ගත් ඒවා නොව පොලිසියටම අයත් මෙට්ට තොගයකි. එය බරපතළ කරුණකි. පොලිසියේ මෙට්ට හරක් ප්රවාහනය කිරීමට යොදා ගැනීමට හැකියාව ලැබුණේ කෙසේද? ඉන් කියවුණේ එම මෙට්ට ගාල්ල, ත්රස්තවාදී විමර්ශන ඒකකයට අයත් ඒවා බවය. එහි පොලිස් නිලධාරීන්ට නිදා ගැනීම උදෙසා පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබා දී තිබූ මෙට්ට හරක්ට බුදියා ගැනීමට මෙලෙස යොදා ගෙන ඇත. එය එසේ සිදු වූයේ කෙසේද? .

සාමාන්යයෙන් පොලිස් දෙපාර්තමේන්තුව මගින් පොලිස් නිලධාරීන්ට නිදා ගැනීමට වසර තුනකට වරක් මෙට්ට ලබා දෙනු ඇත. ඉන් පසු ඒවා අබලි ද්රව්ය බවට පත් වුවහොත් භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් කර ඔවුන්ගේ අනුමැතිය මත විනාශ කිරීමට පියවර ගනු ඇත. මෙම මෙට්ට එවැනි ක්රියාවලියකට යොමු වූ මෙට්ටද? ඒ බව සනාථ කරන්නේ කෙසේද? එසේ නොමැති නම් බූස්ස ත්රස්ත විමර්ශන නිලධාරීන්ට දුන් මෙට්ට හොර පාරේ ගොස් හරක් ප්රවාහනය කිරීමට යොදා ගත්තේද? මෙය විමර්ශනයට ලක් වූ කරුණකි. .

ගාල්ල බූස්ස ත්රස්ත විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ලාල් ගමගේය. ඔහු එම ස්ථානයට පත් කළේ නියෝජ්ය පොලිස්පති නිමල් චන්ද්ර වාකිෂ්ඨය. බොහෝ හොර වැඩ කරන්නේ ඔවුන් දෙදෙනාගේ එකතුවෙනි. මෙම හරක් වැඬේත් ඔවුන් දෙදෙනාගේ ඒකාබද්ධ ක්රියාවලියක් බවට සැක කෙරේ. හරක් ප්රවාහනයට පොලිස් මෙට්ට ලැබුණේ මේ සබඳතාව නිසා විය හැක. පෝද්දල බෝපේ රජයේ පශු වෛද්ය නිලධාරියා 2016 පෙබරවාරි මස 01 වැනි දින නිකුත් කර ඇති 092713 හා 269602 අංක දරන ලියකියවලිවලට අනුව මෙම හරක් දෙදෙනා ප්රවාහනය කිරීමේ මූලිකයා නියෝජ්ය පොලිස්පති නිමල් චන්ද්ර වාකිෂ්ඨය. ඒ බව එම ලිපිවල පැහැදිලිව සඳහන් වේ. .

රජයේ පශු වෛද්යවරයා 2016 පෙබරවාරි මස 01 දින නිකුත් කර ඇති එම ලියකියවිලිවල කල් ඉකුත්වීමේ දිනය ලෙස සඳහන් වන්නේ 2016.02.08 වැනිදාය. නමුත් පෝද්දල බෝපේ සහකාර ප්රාදේශීය ලේකම් ඒ.පී.ඞී. නිලංගි ඩයස් නිකුත් කර ඇති ලියකියවිලිවල කල් ඉකුත් වී ඇති දිනය ලෙස සටහන් වී ඇත්තේ 2016 පෙබරවාරි මස 03 වැනිදාය. මෙහි පවා පරස්පර විරෝධතා ඇත. ඊටත් සහකාර ප්රාදේශීය ලේකම්වරිය අදාළ ලියකියවිලි නිකුත් කළ දිනය 2016 පෙබරවාරි යනුවෙන් සටහන් යොදා ඇතත් එහි දිනය කවදාද යන්න සඳහන් කර නැත. ඒ ඇයි? එය සැකයට තුඩු දෙන කරුණකි. .

සාමාන්යයෙන් ගවයන් ප්රවාහනය කිරීමේදී එළ ගවයන් හා මී ගවයන් එකට ප්රවාහනය කරන්නේ නැත. ඊට මූලික හේතුව ඔවුහු ප්රතිවරුද්ධ පාර්ශ්ව දෙකකට අයත් සතුන් බැවින් එකිනෙකා ඇණ ගැනීමේ ප්රවණතාවක් තිබෙන බැවිනි. ඊටත් මී ගවයන් යනු නිතර මඩ වගුරුවල බැස සිටින සතෙකි. ඔවුන් ගාල්ල වැනි ප්රදේශයක සිට මාතලේට ප්රවාහනය කිරීමේදී ඇෙඟ් මඩ තැවරී නොමැතිව ගමන් කිරීම තුළ ඔවුන්ට අවශ්ය කරන ශාරීරික පහසුව අහිමි වී යාමෙන් යම් ජීවිත අනතුරක් හෝ අපහසුතාවක් මතුවීමට බැරි නැත. .

එහෙත් එම කරුණු පවා එතරම් සැලකිල්ලට භාජනය නොකර මෙම හරක් ප්රවාහනය කර ඇත. එනම්, මෙම ලොරිය තුළ ගමන් කළ ගවයන් තිදෙනාගෙන් හංවඩු අංක 314202640002 දරන වයස අවුරුදු හයක ගැහැණු හා 314202640003 අංක දරන අවුරුදු 7ක් වයස ගවයන් දෙදෙනා එළ ගවයන්ය. 822117830003 අංක දරන අවුරුදු තුන හමාරක් වයස ගැහැණු සතා මී ගවයෙකි. මින් පෙන්නුම් කරන්නේ මී ගවයන් හා එළ ගවයන් එකට ප්රවාහනය කර ඇති බව නොවේද? .

එසේම මෙම ලියකියවිලිවල මී ගවයාගේ වර්ගය සටහන් කර නැත. එළ ගවයන් දෙදෙනාගේ වර්ගය සටහන් කිරීමත් මී ගවයාගේ වර්ගය සටහන් නොකිරීමටත් හේතුව කුමක්ද? එමෙන්ම අවුරුදු හතක් වන එළ ගවයා ගැහැණු සතෙක්ද පිරිමි සතෙක්ද? යන කරුණද එහි සඳහන් වන්නේ නැත. හරක් ප්රවාහනය කළ මී හරක් මේ කරුණු කෙරෙහි සැලකිල්ල නොදැක්වූයේ මේවා හොරෙන් ප්රවාහනය කරන හොර හරක් නිසාද? නැත්නම් වෙනත් ප්රශ්නය කුමක්ද? .

මෙම හරක් ගාල්ලේ සිට රත්තොටට නියෝජ්ය පොලිස්පති නිමල් චන්ද්ර වාකිෂ්ඨ ප්රවාහනය කර ඇත්තේ 42-2292 අංක දරන නිල් පාට ලොරි රථයෙනි. එහි අයිතිකරුවා වන්නේ ගාල්ල, වංචාවල, පිලාන ප්රදේශයේ පදිංචි සුරේන්ද්ර ආචාරිගේ රමේෂ් නිශාන්තය. හික්කඩුව පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් වන දිනේෂ් හා සුදර්ශන මෙම ලොරිය අත්අඩංගුවට ගෙන පොලිසියට රැුගෙන විත් පරීක්ෂණ ආරම්භ කිරීමත් සමග ලොරි රියදුරා ඒ බව නියෝජ්ය පොලිස්පති නිමල් චන්ද්ර වාකිෂ්ඨද කතා කොට සිද්ධිය දැනුම් දී ඇත. .

එවිට ඔහු හික්කඩුව පොලිස් ස්ථානාධිපතිවරයාට කතා කොට හරක් ලොරිය නිදහස් කර ගැනීමට උත්සාහ කර ඇත. එහෙත් ස්ථානාධිපතිවරයා එයට එතරම් කැමැත්තක් පළ කර නැත. ඒ එහි කිසියම් නීති විරෝධී බවක් තිබෙන නිසාය. එසේ නොවේ නම්, ඔහු ඊට අකමැති වීමට කිසිදු සාධාරණ හේතුවක් තිබිය නොහැක. ඊට පසු වාකිෂ්ඨ ගාල්ල නියෝජ්ය පොලිස්පති දයා ගුණවර්ධනට කතා කොට ඔහු මගින් හරක් ලොරිය නිදහස් කර ගෙන ඇති බව කතා බහට ලක් වී ඇති කරුණකි. .

නමුත් මෙය නිදහස් කර ගැනීම සම්පූර්ණ නීති විරෝධී ක්රියාවක් බව පොලිස් නිලධාරීන් ප්රකාශ කරන දෙයකි. මෙම හරක් ප්රවාහනය කිරීමෙදී හා ප්රශ්න සහගත බවක් තිබියදී ලොරිය නිදහස් කළේ කෙසේද? යන්න ඔවුන්ගේ ප්රශ්න කිරීමට භාජනය වී ඇත. මීට අදාළ බොහෝ කරුණු හික්කඩුව පොලිසියේ පී.ආර්.121/16 හා 122/16 නඩු භාණ්ඩ පොත්පත් පරීක්ෂා කිරීමේදී පවා තහවුරු කර ගත හැක. .

සාමාන්යයෙන් සැකකටයුතු මෙවැනි දෙයක් පොලිස් අත්අඩංගුවට ගත් පසු මේ පිළිබඳව සෑම පොලිස් ස්ථානයකටම පොලිස් පණිවිඩ ලබා දී එම ප්රදේශවලින් යම් හරක් තොගයක් අතුරුදන් වී ඇත්ද? නැද්ද? යන්න විමසා බලනු ඇත. එවිට එවැනි පැමිණිල්ලක් එම පොලිසියකට ලැබී තිබුණහොත් එම පැමිණිල්ල හා මෙම හරක් ලොරිය අතර කිසියම් සම්බන්ධයක් තිබේද යන්න පරීක්ෂා කර බැලීම සාමාන්ය ස්වභාවයකි. එසේ නම්, මෙම හරක් ලොරිය හික්කඩුව පොලිසියෙන් නිදහස් කිරීමට පෙර එම ක්රියාදාමය අනුගමනය කර තිබෙද? එය විමර්ශනය කළ යුතු දෙයකි. .

මෙම හරක් ප්රවාහනය කිරීම නීති විරෝධී නැත්නම් පොලිස් නිලධාරීන් දෙදෙනා ඒවා අත්අඩංගුවට ගෙන පොලිසියට රැුගෙන ඒමට ක්රියා කළේ ඇයි? හරක් ලොරිය නීති විරෝධී නැත්නම් පොලිස් නිලධාරීන් දෙදෙනා මින් නීති විරෝධී ක්රියාවක් සිදු කර තිබිය යුතුය. එසේ නම් ඔවුන් දෙදෙනාට එරෙහිව පියවර ගත යුතුය. එසේ නම් එය සිදු කළාද? දැන ගන්නට ඇති ආකාරයට නම් නැත. එසේ නම් පොලිස් නිලධාරීන් නීතිය ක්රියාවේ යොදවා ඇත. හරක් ලොරිය නිදහස් කිරීමෙන් නීතියට පටහැනි ක්රියාවක් සිදු කර ඇත. වැරැුද්ද ඇත්තේ කොතැනද? හැෙඟන ආකාරයට නම් හරක් ලොරිය ඉහළ පොලිස් බලපෑම හමුවේ හොර රහසේම නිදහස් කර යවා ඇත. .

මෙලෙස හරක් ලොරිය නිදහස් කළද සෞඛ්ය තත්වය පිළිබඳ සහතිකයට අනුව ගාල්ලෙන් රැුගෙන ගිය හරක් රත්තොට ප්රාදේශීය ලේකම්ට බාර කර සහතික කර ගත යුතුය. එය සිදු කර තිබේද යන්න සොයා බැලිය යුතුය. නියෝජ්ය පොලිස්පති නිමල් චන්ද්ර වාකිෂ්ඨගේ අවශ්යතාව මත හරක් ලොරිය හික්කඩුව පොලිසියෙන් නිදහස් කළ බවට චෝදනා නැගෙන්නේ ගාල්ල නියෝජ්ය පොලිස්පති දයා ගුණවර්ධනටය. .

රටම මහත් ආන්දෝලනයකට තුඩු දුන් ශ්රී ලංකා රගර් කණ්ඩායමේ උප නායකයාව සිටි මොහොමඞ් වසීම් තාජුඞීන්ව අබිරහස් ලෙස මරා දමන විට කොළඹ ප්රදේශය බාර නියෝජ්ය පොලිස්පතිව සිටියේ දැනට ගාල්ල නියෝජ්ය පොලිස්පතිව සිටින දයා ගුණවර්ධනය. එදා තාජුඞීන් ඝාතන පරීක්ෂණ යට ගැසීම පිළිබඳ ඔහුද වගකිව යුතුය. අද නියෝජ්ය පොලිස්පති වාකිෂ්ඨගේ හරක් ලොරිය හික්කඩුව ප්රදේශයෙන් නිදහස් කිරීමට දයා ගුණවර්ධන නියෝග දුන්නා නම් ඔහු මෙහිදී යම් වැරැුද්දක් සිදු කර ඇති බව පෙනේ. ඒ ගැන නිශ්චිත සොයා බැලීමක් සිදු කර පොලිස් කොමිසම ගන්නා පියවර කුමක්ද යන්න බොහෝ පොලිස් නිලධාරීන් දෑස් දල්වා බලා සිටිනු ඇත. .

මූලික වශයෙන් මෙම හරක් ලොරිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ බෞද්ධ මහා සම්මෙලනෙය් උප සභාපති නියෝජ්ය පොලිස්පති නිමල් චන්ද්ර වාකිෂ්ඨටය. මෙහි පුදුම සහගත සිදුවීම නම් උතුම් වූ බෞද්ධයකු ලෙස පෙනී සිටින බෞද්ධ හා සම්මේලනයේ උප සභාපති චන්ද්රා වාකිෂ්ඨ හරක් වැනි මිනිසාට ඉතාම සමීප පසුගිය යුගයේ ගවයන් මැරීමට එරෙහිව බෞද්ධයන් විශාල වශයෙන් හඬ නැඟූ සතුන් තොගයක්ම බෞද්ධයෙක් ලෙස පෙනී සිටින චන්ද්රා වාකිෂ්ඨ හිංසාකාරී ලෙස ප්රවාහනය කිරීමෙන් කිසියම් ජාවාරමක නියැලී ඇති බවට එල්ල වී ඇති චෝදනාවයි. එම චෝදනාවට ඔහු වැරදිකරුද? නිවැරදිකරුද? යන්න පොලිසිය විසින්ම නිසි පරීක්ෂණයක් සිදු කර පියවර ගන්නවා වෙනුවට හොර හරක් ලොරිය නිදහස් කර පරීක්ෂණ යටපත් කිරීම නම් හරක් මස් අනුභව නොකරන බෞද්ධයන් වන බොහෝ අයට වාකිෂ්ඨ නමැති බෞද්ධයාගේ ක්රියා කලාපය නම් ඉතාමත් ලැජ්ජා සහගතය. .

අරුණ ප්රියදර්ශන.....
1893 Visits

——–

 

 

contactus-n