Pujith

2017-09-03 03:48:36 | ethalayaTv.com


පූජිත ජයසුන්දර පොලිස්පති ධුරයෙන් ඉවතට! පූජිත ජයසුන්දර පොලිස්පති ධුරයෙන් ඉවතට!
ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ ඉතාම කෙටි කාලයක් තුළ මහත් ආන්දෝලනයකට ලක් වූ පොලිස්පතිවරයෙක් බවට පත්වීමට පූජිත ජයසුන්දර සමත් වී ඇත. සමස්ත සමාජය තුළ එතරම් කතා බහට ලක් වූ චරිතයක් බවට පත් වීමට තරම් ඔහුට තුඩු දුන් කරුණු කාරණා මොනවාද? එය විමසා බැලිය යුත්තේ තවමත් ඔහු කෙරෙහි පවතින ජනතා අවධානය හා කතා බහ අඩුවී නොමැති බැවිනි.

2016 අපේ‍්‍රල් මස 18 වැනිදා පොලිස්පති ධුරයට පත් වූ ඔහු සිය ධුරයේ කටයුතු කර ඇත්තේ තවමත් මාස 8ක් වැනි කෙටි කාලයකි. තවත් වසර තුනක් පමණ ඔහුට සිය තනතුරේ රැුඳී සිටීමේ හැකියාව ඇත. වයස අවුරුදු 60 සම්පූර්ණ වී විශ‍්‍රාම යන්නේ ඉන් පසුවය. නමුත් ඊට පෙර කුමන ක‍්‍රමයකින් හෝ ප‍්‍රශ්නයක් මතු කර ඔහුව ගෙදර යැවීමට පිරිසක් උත්සාහ කරන බව පෙනේ.

එය කොතෙක් දුරට සාර්ථකවේද යන්න ප‍්‍රකාශ කිරීමට අපහසුය. නමුත් එය එම පිරිස් හිතන තරම් ලෙහෙසි පහසු ක‍්‍රියාවක් නොවන බවට නම් පැහැදිලිය. මහින්ද රාජපක්ෂ පාලනයක් තිබුනා නම්, එක රැුයෙන් ඔහුව බෙල්ලෙන් අල්ලා පැත්තකට දමා තමන්ට හිතවත් වෙනත් අයෙක් එම තනතුරට පත් කරනු ඇත. හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට කළේ එවැනි දෙයකි. එහෙත් දැන් එදාට වඩා දේශපාලන මුහුණුවර වෙනස්ය. මෙය යහපාලනයකි. එදා කළ කෙළි සෙල්ලම් ඒ ආකාරයෙන්ම අද කිරීමට අපහසුය. මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව බලයට පත් වූ පසු 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය හරහා කොමිෂන් සභා පිහිටුවූයේ රාජ්‍යයේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීමේ චේතනාවෙනි.

එමගින් ඇති වූ ව්‍යවස්ථාදායක සභාව හරහා පොලිස්පති පත් කිරීමේ බලය ස්ථාපිත විය. ඍජු දේශපාලන අත පෙවීමකින් තොරව පොලිස්පති ධුරයට පූජිත ජයසුන්දර පත් වුණේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.සියලූම පාර්ලිමේන්තු දේශපාලන පක්ෂ හා විද්වතුන් නියෝජනය වන ආකාරයට පිහිටු වූ ව්‍යවස්ථාදායක සභාවේ බහුතර ඡුන්දයෙන් පූජිත ජයසුන්දර සිය තනතුරට පත් වුවද එම ඡුන්ද විමසීම මුළු රටේම දැඩි අවධානයට ලක් වූ ජනාධිපති හෝ මහ මැතිවරණ සටනකටත් වඩා තියුණු ස්වරූපයක් ගැනිණි.

පොලිස්පති සටනෙන් අපේක්ෂකයන් වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු වන එස්.එම්. වික‍්‍රමසිංහ, පූජිත ජයසුන්දර හා චන්දන වික‍්‍රමරත්න පෙළ ගැසී සිටියෝය. එස්.එම්. වික‍්‍රමසිංහ යනු ජනාධිපති ආරක්ෂක අංශ භාර ප‍්‍රධානියාය. මහින්ද රාජපක්ෂගේ දුර්දාන්ත පාලනය තුළ ඔහුගේ ආරක්ෂාව බාර ජනාධිපති ආරක්ෂක ප‍්‍රධානියා ලෙස කටයුතු කළේ එස්.එම්. වික‍්‍රමසිංහය. අද මෛත‍්‍රීපාල සිරිසේනගේ ආරක්ෂක ප‍්‍රධානියාත් ඔහුය.

කැලේ මාරු වූවාට කොටියා මාරු වී නැත. එදා රාජපක්ෂ පාලනය තුළ ජනාධිපති ආරක්ෂක අංශය මොන තරම් අසංවර ආකාරයට හැසිරුණාද යන්න මුළු රටම දන්නවා ඇත. ප‍්‍රතිවාදීන්ට පහරදීම, පැහැර ගෙන යාම, අයුතු ලෙස මිල මුදල් දේපළ එක් රැුස් කිරීම, මිනී මැරීම යනාදී කෙළවරක් නැති චෝදනා ගොන්නකට රාජපක්ෂ ජනාධිපති ආරක්ෂක අංශය නම් දරා ඇත.

එම ආරක්ෂක අංශය භාරව සිටි ප‍්‍රධානියා වූ එස්.එම්. වික‍්‍රමසිංහව තවදුරටත් මෛත‍්‍රීපාල සිරිසේනගේ ආරක්ෂාව භාරව තබා ගැනීම ජුගුප්සා ජනකය. පිළිකුල් සහගතය. පොලිස්පති සටනේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ අභිප‍්‍රාය වූයේ එහෙව් එස්.එම්. වික‍්‍රමසිංහව පොලිස්පති ධුරයට පත් කිරීමටය. හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්ගේ අරමුණව තිබුණේත් එයයි.

යම් හෙයකින් එම ප‍්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වී එස්.එම්. වික‍්‍රමසිංහ පොලිස්පති ධුරයට පත් වූයේ නම් එස්.එම්.ටත් වඩා වැඩිපුරම සතුටට පත් වන්නේ රාජපක්ෂවාදීන්ය. රාජපක්ෂවරුන් සිය පාලනය තුළ සිදු කරන ලද අපරාධ ඔහු හරහා යටපත් කර ගැනීමේ දොර කවුළු විවෘත කර ගනු ඇත. ඒ ඔහුත් මේ අපරාධ කල්ලිදාමයේ නියෝජිතයකු වන බැවිනි.

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් මරා දැම්මේ කවුද? ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කළේ කවුද? මේවාට ඍජු ලෙසම රාජපක්ෂ කල්ලි වගකිව යුතුය. මහා පරිමාණයේ මූල්‍ය අපරාධවලට වගකිව යුතුය. එසේ නම් රාජපක්ෂවරුන්ව අවුරුදු ගණනාවක් ආරක්ෂා කළ එස්.එම්. වික‍්‍රමසිංහ පොලිස්පති ධුරයට පත් වූ පසු රාජපක්ෂවරුන්ව අනාරක්ෂිත තත්වයට පත් කරයිද?

නිවැරදි ආකාරයට නම් විය යුතුව තිබුණේ එස්.එම්. ජනාධිපති ආරක්ෂක අංශයෙන් ඉවත් කර කිසියම් පළාතක් බාරදීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පියවර ගැනීමකි. නමුත් ඔහු එය කළේ නැත. මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධාන ආරක්ෂකයා තමන්ගේත් ප‍්‍රධාන ආරක්ෂකයා ලෙස තවදුරටත් තබා ගැනීමකි. එස්.එම්. පොළොන්නරුවේය. ජනාධිපතිවරයාගේ ගම් පළාතද එයයි. ගමේකමද පිටුවහලක් කර ගෙන එස්.එම්. තවදුරටත් මෛත‍්‍රීපාල සෙවණේ වැජඹෙන බව පෙනේ.

ඔහු සිටින්නේ ජනාධිපතිවරයාව ආරක්ෂා කිරීමටය. එහෙත් ඔහුගේ ආරක්ෂක වළල්ල මෛත‍්‍රීගේ ජීවිතයට තර්ජනයක් බවට පසුගිය යුගයේ බරපතළ චෝදනා එල්ල විය. ජනාධිපතිවරයා අඟුණකොළපැලැස්සේ රැුස්වීමට ගිය මොහොතේ නාමල් රාජපක්ෂගේ ආරක්ෂක හමුදා සෙබළෙක් ඔහුව ඝාතනය කිරීමට ගිනි අවියක් රැුගෙන ජනාධිපතිවරයා ළඟට කිට්ටු වූ බවට චෝදනා එල්ල විය. තවත් එවැනි චෝදනා බොහෝය. ඒ තුළ මෛත‍්‍රීපාලගේ ජීවිතය ආරක්ෂිතද?

එහෙව් එස්.එම්.ව ජනාධිපතිවරයා පොලිස්පති ධුරයට පත් කිරීමේ උත්සාහයක් තිබිණි. ඇවන්ට්ගාඞ් අවි ආයුධ ජාවාරම්කාරයන් ආරක්ෂා කිරීමට ක‍්‍රියා කළ බවට චෝදනා එල්ල වී සිටින ඇමැති විජේදාස රාජපක්ෂ හා පොලිසිය භාර ඇමැති සාගල රත්නායකගේ ප‍්‍රයත්නය වූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්නව පොලිස්පති ධුරයට පත් කිරීමටය. නිහඬ චරිතයක් ලෙස නම් දරා සිටින ඔහු පූජිත ජයසුන්දරගෙන් පසු පොලිස්පති ධුරයට සුදුසුකම් ලබා සිටින ලේඛනයේ ඉදිරියෙන්ම සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියාය.

නමුත් ඒ සියල්ල අබිබවා ව්‍යවස්ථාදායක සභාවේ වැඩි ඡුන්දයෙන් පොලිස්පති ධුරයට පත්වීමට පූජිත ජයසුන්දර සමත් විය. එම පත්වීම ලබා ගැනීමට ෆේස්බුක් හරහා විශාල මාධ්‍ය සටනක් දියත් කළ බවටද ඇතැම් ප‍්‍රතිවාදීන්ගේ විවේචනයට ඔහු ලක් විය. ව්‍යවස්ථාදායක සභාවේ එක් සාමාජිකයකු වන්නේ විජේදාස රාජපක්ෂ ඇමැතිවරයාය. ඔහු මුලින් පෙනී සිටියේ චන්දන වික‍්‍රමරත්නව පොලිස්පති පුටුවේ වාඩි කරවීමටය. එම තත්වය සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් කළේ රනිල් වික‍්‍රමසිංහය. රනිල්ගේ අභිප‍්‍රාය වූයේ රාජපක්ෂ කල්ලියේ හෝ වෙනත් පාර්ශ්වයන්ට නතු නොවූ දක්ෂ පොලිස් නිලධාරියකු ලෙස ජනතා ප‍්‍රසාදය දිනා සිටි පූජිත ජයසුන්දර පොලිස්පති ධුරයට පත් වනවා දැකීමටය. එම නිසා විජේදාස රාජපක්ෂගේ සිත වෙනස් කරමින් ව්‍යවස්ථාදායක සභාවේදී පූජිත ජයසුන්දර වෙනුවෙන් ඡුන්දය භාවිත කිරීමට ඔහුව පෙළඹුවේ රනිල්ය.

පොලිස්පති තනතුරට පූජිත ජයසුන්දර පත් වූ සැණින් ඊළඟ ප‍්‍රහාරය ඔහුට එල්ල වූයේ රාජපක්ෂ කල්ලියෙනි. උදය ගම්මන්පිල, විමල් වීරවංශ වැනි අය පූජිත ජයසුන්දරගේ පත්වීම ව්‍යවස්ථා විරෝධී බවට හඬ නඟන්නට විය. ඉන් ඔවුහු උත්සාහ කළේ පොලිස්පති පත්වීම නීති විරෝධී යැයි ජනමතයක් ඇති කර එය හෑල්ලූවට ලක් කිරීමටය. කුමන හෝ උප්පරවැට්ටියකින් පූජිත ජයසුන්දරව සිය තනතුරෙන් ඉවත් කර එස්.එම්. වික‍්‍රමසිංහ වැනි රාජපක්ෂවාදී හිතවතෙක් පත් කර ගැනීමටය. එහෙත් එය සාර්ථක වූයේ නැත. මාධ්‍ය සංදර්ශනවලින් ඒ සියල්ල නිමාවට පත් විය.

රාජපක්ෂ කල්ලියේ පමණක් නොව, මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රහාරවලට පවා මුහුණ දීමට පූජිත ජයසුන්දරට සිදු විය. නව පොලිස්පති ලෙස ඔහු වැඩ බාර ගත්තේ රාජපක්ෂ ආණ්ඩුවේ මූල්‍ය අපරාධ, මිනී මැරීම් ඇතුළු ¥ෂිත ක‍්‍රියාවලට හවුල් පිරිස් පිළිබඳ පරීක්ෂණ පවත්වා නීතිමය ක‍්‍රියා මාර්ග ගැනීමටය. එහෙත් ඒවා කිරීමේදී ඔහුට ලොකුම බලපෑම එල්ල වූයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගෙනි. මූල්‍ය අක‍්‍රමවත් චෝදනා යටතේ ගෝඨාභය රාජපක්ෂ හා හිටපු ති‍්‍රවිධ හමුදාපතිවරුන් තිදෙනකුට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමේදී ඉන් ලොකුවටම ආවේශ වූයේ ජනාධිපතිවරයාය. යුද්ධය නිමාවට පත් කිරීමට ක‍්‍රියා කළ යුද රණවිරුවන්ව අධිකරණයට දක්කා ගෙන යාම වැරදි ක‍්‍රියාවක් බවට චෝදනා කර පොලිසිය ප‍්‍රසිද්ධියේ දෝෂ දර්ශනයට ලක් කළේ එබැවිනි.

මොන තරම් ලොකු රණවිරුවෙක් වුවත් රටට මහ මෙරක් තරම් සේවාවක් කර ඇතත් ඔහු රටේ ජාතික සම්පත් අවභාවිතා කර ¥ෂණ ක‍්‍රියාවල යෙදෙමින් නීති විරෝධී ක‍්‍රියාවකට හවුල් නම්, ඔවුන්ට එරෙහිව අනිවාර්යයෙන් නීතිය ඉෂ්ට විය යුතුය. රටට කළ සේවය කඩතුරාවක් කර ගෙන කිසිවකුටත් නීති විරෝධී වැඩ කිරීමට ඉඩදිය නොහැක.

එසේ නම්, පොලිස්පතිවරයා කර ඇත්තේ එම නීතිමය ක‍්‍රියාදාමය ඉටු කිරීමකි. එයට අකුල් හෙළීම රටේ ප‍්‍රධාන පුරවැසියා හැටියට ජනාධිපතිවරයා ක‍්‍රියා කිරීම කිසිසේත්ම අනුමත කළ හැකි දෙයක් නොවේ. මෛත‍්‍රීපාල සිරිසේන 2015 ජනවාරි මස 8 වැනිදා ජනාධිපති ධුරයට පත් වුණේම තරාතිරම නොබලා ¥ෂිතයන්ට එරෙහිව ක‍්‍රියා කරන බවට ප‍්‍රතිඥා දෙමිනි. එහෙව් මිනිසා නීතියට අකුල් හෙළීම මොන තරම් අශෝභන ක‍්‍රියාවක්ද?

පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අණ දෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති ඩබ්.ඒ. සරත්චන්ද්‍ර අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරට පත් කිරීමේදීද ජනාධිපතිවරයාගේ තර්ජන ගුලිය පොලිස්පතිවරයා වෙත එල්ල විය. ඔහුව අත්අඩංගුවට ගත්තේ පන්සලේ බෝ ගසේ බෝ කොළ කඩලාවත් පිං කැටේ මුදල් සොරකම් කරලාවත් නොවේ. රජයට අයත් මෝටර් රථයක් අවභාවිතා කරමින් රුපියල් ලක්ෂ ගණනක මුදලක් අයුතු ලෙස පරිහරණය කිරීමේ චෝදනාව යටතේය.

ඉන් දැඩි ලෙස කම්පනයට පත් ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට දුරකථන මගින් කථා කර දොස් පවරා තිබුණේ ඔහුව අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කිරීම වැරදි සහගත ක‍්‍රියාවක් බව කියමිනි. ඔහුව අත්අඩංගුවට නොගෙන පොලිස් දෙපාර්තමේන්තු මට්ටමින් මෙය විස\ ගත යුතුව තිබුණු බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබූ බව කියැවිණි.

දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා ඇතුළු රාජපක්ෂවාදී ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර සිටියේ කොටි ත‍්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීමට ජීවිතය කැප කළ රණවිරුවෙක් වූ සරත්චන්ද්‍ර අත්අඩංගුවට ගැනීම ලැජ්ජා නැති ක‍්‍රියාවක් බවයි. ඔහු රණවිරුවෙක්ද? යන්න වෙනම කතාවකි. නමුත් අපට යළිත් ප‍්‍රශ්න කිරීමට සිදු වන්නේ රණවිරුවෙක් වුවත්, වැරදි වැඩක් කර ඇත්නම් නීතිය ඉටු නොකර වෙන කළ හැක්කේ කුමක්ද? යන්නය.

කොටි ත‍්‍රස්තවාදය පරාජය කර රටට සාමය උදා කර දුන් උදාර රණවිරුවන් ඉදිරියේදී ස්ත‍්‍රී ¥ෂණ, මංකොල්ලකෑම්, මිනී මැරුම් ඇතුළු අපරාධවලට හවුල් වුවහොත් ඔවුන් රණවිරුවන් ලෙස ලේබල් කර අත්අඩංගුවට නොගෙන සිටිය හැකිද? එසේ නොවේ නම් මෛත‍්‍රීපාල සිරිසේනට කළ හැකි දෙයක් ඇත. මොන වැරදි කළත් රණවිරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාවේ නොයෙදවිය යුතු බවට පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කර නීතියක් සම්මත කර ගැනීමටය. එවිට පොලිස්පතිවරයා ඒ නීතියට ගරු කර වැරදි කළ හෝ කරන රනවිරුවන්ට එරෙහිව නීතිමය ක‍්‍රියා මාර්ග නොගෙන සිටිනු ඇත. එසේ නොමැතිව වැරදි කරන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා විට පොලිස්පතිවරයාට බැණ වැදීම හෝ බලපෑම් කිරීම එතරම් ප‍්‍රඥාගෝචර නැත.

ගෝ්ඨාභය රාජපක්ෂ හා හිටපු නාවික හමුදාපතිවරුන් වන ජයනාත් පෙරේරා, සෝමරත්න දිසානායක, ජයන්ත පෙරේරා වැනි අය බරපතළ මූල්‍ය අපරාධ හා ඇවන්ට්ගාඞ් ආයුධ ජාවාරම, ඇතුළු චෝදනාවලට පාත‍්‍රව සිටින අය වෙති. විශේෂ කාර්ය බලකායේ හිටපු නියෝජ්‍ය පොලිස්පති සරත්චන්ද්‍ර රාජපක්ෂ පාලනය තුළ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස සේවය කළේය. ඔහු අද තිලංග සුමතිපාල සභාපති ධුරය දරන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ආරක්ෂක ප‍්‍රධානියාය. එදා රාජපක්ෂලාගේ ආවතේවකරුවකු වූ ඔහු අද මෛත‍්‍රීපාලලාගේ දාසයකු බවට පත්වී ඇත. ආණ්ඩු මාරු වන විට තම පැවැත්ම සහතික කර ගැනීම උදෙසා පාද මාරු කිරීම බොහෝ අයගේ අංග ලක්ෂණයකි. එදා රාජපක්ෂ ¥ෂිතයෝ බොහොමයක් අද මෛත‍්‍රීපාල ආණ්ඩු සෙවණේ සිටින්නේ එබැවිනි. තිලංග සුපතිපාලද එවැනි චරිතයකි.

ගෝඨාභය රාජපක්ෂ, හිටපු හමුදාපතිවරු තිදෙනකු හා නියෝජ්‍ය පොලිස්පතිවරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන විට රණවිරුවන්ව අධිකරණයට කුදලා ගෙන යන බවට පොලිස්පතිවරයාට චෝදනා කළ ජනාධිපතිවරයා දෙවුන්දර මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික‍්‍රමරත්නව අත්අඩංගුවට ගන්නේ නැතැයි පොලිස්පතිවරයා කරන ලද ප‍්‍රකාශයක් අල්ලා ගෙන ඔහුට තඩි බාමින් ඇයි අල්ලන්නේ නැත්තේ යැයි ප‍්‍රශ්න කර සිටී.

එලෙස බලන විට අත්අඩංගුවට ගැනීමත් වැරදිය. නොගත්තත් වැරදිය. නීතිය ඉෂ්ට කළත් වැරදිය. නොකළත් වැරදිය. දෙපැත්තෙන්ම තැලෙන්නේ පොලිස්පතිවරයාය. දෙවුන්දර බස්නායක නිලමේ හොඳ පුද්ගලයකු නොවේ. අන්තිම ¥ෂිතයෙකි. හොරෙකි. වංචාකාරයෙකි. ඔහුට එරෙහිව කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් දැනටමත් පරික්ෂණ කිහිපයක් සිදුවේ.

මහින්ද රාජපක්ෂ පාලනය තුළ බස්නායක නිලමේ රාජපක්ෂලාගේ අග‍්‍ර පුරෝහිත ඒජන්තයෙකි. ඒ පාලනය අවසන් වූ පසු දැන් ඔහු පොලිසිය භාර ඇමැති සාගල රත්නායකට හේත්තු වී ඇත. කොයි ¥ෂිතයාත් ඕනෑම යුගයක පවතින ආණ්ඩුවට හේත්තු වී යාම බේරා ගැනීමට උත්සාහ කරති. දෙවුන්දර බස්නායක නිලමේ ඩිෂාන් වික‍්‍රමරත්නද එවැනි අයෙකි.

පොලිස්පතිවරයා රත්නපුරයේ රැුස්වීමක සිටියදී සාගල රත්නායක දුරකථනයෙන් ඔහුට කතා කර නිලමේව අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස ඔහුට බලපෑම් කර ඇත. එම දුරකථන සංවාදයට මාධ්‍ය මගින් ඉහළ ප‍්‍රචාරයක් ලැබිණි. සාමාන්‍යයෙන් ඕනෑම නිලධාරියෙක් විෂය භාර ඇමැතිවරයා යම් නියෝගයක් හෝ ප‍්‍රශ්නයක් ඇසූ විට එය පිළිපැදීමට හෝ නියෝග ක‍්‍රියාත්මක කිරීමට හෝ ඊට අවනතවීමට සිදුවීම නිතැතින්ම සිදු වන දෙයකි.

ඊට එරෙහිව ක‍්‍රියාත්මකවීමේ ප‍්‍රායෝගික අපහසු තත්වයක්් පැන නගී. පොලිස්පති පූජිත ජයසුන්දරත් සාගල රත්නායකගේ දුරකථන ඇමතුමෙන් පත්වූයේ එවැනි ස්වභාවයකටය. එම නිසා ඇමැතිවරයාගේ එම ඉල්ලීමට ඔහුට එකඟවීමට සිදු විය. එය තුරුම්පුවක් කර ගෙන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විලක්කුව අතට ගත් කට්ටඩියා සේ පොලිස්පතිවරයාට චෝදනා එල්ල කරමින් හැසිරුනේ නිලමේව අත්අඩංගුවට නොගැනීමට එකඟවීම තුළ ඔහු සිය තනතුරට නොසුදුසු අයෙකු ලෙසය.

එම නිසා පොලිස්පතිවරයාගේ එම ක‍්‍රියා කලාපය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමටද ජනාධිපතිවරයා නියෝග කෙරිණි. අපට පෙනෙන ආකාරයට පරීක්ෂණ ආරම්භ කළ යුත්තේ පොලිස්පතිවරයාගේ හැසිරීම පිළිබඳව නොව, සාගල රත්නායකගේ අයුතු සහගත ක‍්‍රියා කලාපය පිළිබඳවය. විෂය භාර ඇමැතිවරයා ලෙස ඔහු තම හිතෛෂිවන්ත විත්තිකරුවන් අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිස්පතිවරයාට බලපෑම් එල්ල කර ඇත. බරපතළ කරුණ වන්නේ එයයි.

පරීක්ෂණ ඇරඹිය යුත්තේ පොලිස්පති පිළිබඳව නොව, ඇමති පිළිබඳවය. විෂය බාර ඇමැතිවරයා වශයෙන් ඔහු සැකකරුවන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිස්පතිවරයාට බලපෑම් කිරීමට ඇති අයිතිය කුමක්ද? මින් පෙන්නුම් කරන්නේ පොලිස්පතිවරයාට හිතට එකඟව නීතිමය ප‍්‍රකාරව රාජකාරිය කිරීමට ඇමැතිවරයා ඉඩ නොදෙන බවය. එසේනම් වරද ඇත්තේ කොතැනද? ඇමැතිවරයාගේද පොලිස්පතිවරයාගේද? ජනාධිපතිවරයා මෙය තේරුම් ගත යුතුය.

රත්නපුර රැුස්වීමේදී සාගල රත්නායක ඇමැතිවරයාගෙන් පොලිස්පතිවරයාට ලැබුණු එම දුරකථන ඇමතුවේදී පිටස්තර සමාජයට නොදැනෙන ලෙස එයට ප‍්‍රතිචාර දැක්වීමේ හැකියාවක් ඔහුට තිබිණි. නමුත් එවැනි දෙයක් කිරීමේ අවශ්‍යතාවක් ඔහුට තිබුණේ නැත. ඔහුටත් අවශ්‍ය වූයේ ඇමැතිවරයාගෙන් තම රාජකාරියට බලපෑම් තිබෙන බව රටේ ලෝකයාට පෙන්වීමටය. සිය රාජකාරි පරිපථය තුළ ඔහුට එය ප‍්‍රායෝගිකව කටින් ප‍්‍රකාශ කිරීමේ අපහසු තත්වයක් ඇත.

එසේ වුවහොත් එය විශාල ප‍්‍රශ්නකාරී ස්වභාවයක් ඉසිලීමට ඉඩ තිබිණි. එබැවින් ඔහු සිය බලපෑම පිළිබඳ ඇමැතිවරයාගෙන් ලැබුණු දුරකථන ඇමතුම සමස්ත ජනතාවටත් දැනෙන තේරෙන ආකාරයට පිළිතුරු ලබා දුන්නේ බුද්ධිමත් ජනතාවට තේරුම් ගැනීමටය. පොලිස්පතිවරයා මෝඩයකු නොවේ. ඔහු මෙය සිතා මතා කළේ ඉදිරියට හෝ මෙවැනි බලපෑම් වළක්වා ගෙන රාජකාරිය අකුරට ඉෂ්ට කිරීමේ අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කර ගැනීමටය.

අප දකින ආකාරයට මෙහි සම්පූර්ණ වැරදිකරුවා පොලිස්පතිවරයා නොව, ඇමැතිවරයාය. පොලිසිය භාර හිටපු ඇමැති තිලක් මාරපනට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූයේ ඇවන්ට්ගාඞ් අවි ආයුධ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමෙන් වැළකීමට පියවර ගැනීම නිසාය. ඔහුගෙන් පුරප්පාඩු වූ ඇමැති තනතුරට පත් සාගල රත්නායක කළේද ඒ හා සමාන ක‍්‍රියාවකි.

¥ෂිතයකු ලෙස නම් දරා සිටින දෙවුන්දර මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික‍්‍රමරත්නව අත්අඩංගුවට ගැනීමෙන් වළක්වා ගැනීමය. එසේ නම් තිලක් මාරපන සේ ඔහුවත් ඇමති ධුරයෙන් ඉවත් කළ යුතුය. නැත්නම් ඉල්ලා අස්වීමට ඔහුට බලපෑම් එල්ල කළ යුතුය. එසේ නොමැතිව මුව හමට තඩි බාන්නා සේ පොලිස්පතිවරයාට චෝදනා එල්ල කළාට වැඩක් නැත.

දැන් මේ ¥ෂිත බලවේග හා ඔවුන්ව ආරක්සා කරන ඇමැති පිරිස උත්සාහ කරන්නේ පූජිත ජයසුන්දරව පොලිස්පති ධුරයෙන් ඉවත් කර තමන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවිය හැකි සුරතල් කීකරු අයකු පොලිස්පති ධුරයට පත් කර ගැනීමටය. එහෙත් එය හිතන තරම් ලෙහෙසි නැත. පොලිස්පතිවරයාව පත් කර ඇත්තේ ව්‍යවස්ථාදායක සභාව විසිනි. ඔහු පිළිබඳව යම් තීරණයක් ගන්නේ නම් එය විධිමත් ලෙස ලබා ගත යුත්තේ ව්‍යවස්ථාදායක සභාව විසිනි.

මේ වනවිට ඊට පිඹුරුපත් සකස් කරමින් සිටින බව කියැවේ. ව්‍යවස්ථාදායක සභාවේ සභාපති එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කථානායක කරු ජයසූරියයි. ඔහු දැනටමත් පොලිස්පතිවරයාට එරෙහිව පරීක්ෂණයක් ඉල්ලා ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇත. මේ සැරසෙන්නේ පොලිස්පතිවරයාව එලවා දැමීමටද? එසේ වුවහොත් එය මහින්ද රාජපක්ෂ පාලනය ශිරාණි බණ්ඩාරනායකව අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළා සේ රටට ඉතාමත් අහිතකර ලෙස බලපාන තීන්දුවක් විය හැක. යහපාලන ආණ්ඩුව බලයට පත් වුණේ යහපත් රාජ්‍ය සේවයක් රට තුළ ස්ථාපිත කිරීමටය. රාජ්‍ය නිලධාරීන්ට කිසිවකුගේ බලපෑම්වලින් හා තර්ජනවලින් තොරව නිදහසේ සේවය කිරීමටය. කොමිෂන් සභා පිහිටුවූයේද එහි ස්වාධීන බව තහවුරු කිරීම උදෙසාය. එවැනි ස්වභාවයක් තුළ ඇමැති කළ බලපෑමට ඇමැති තනතුරෙන් ඉවත් නොකර එම බලපෑමට අදාළ දුරකථන ඇමතුමට පිළිතුරු දුන් පොලිස්පතිවරයාව ගෙදර යැවීම එතරම් ¥රදර්ශී ක‍්‍රියාවක් නොවේ. ඉන් පෙන්නුම් කරන්නේ යහපාලනයේ කඩා වැටීම මිස වෙන කුමක්ද?

අමිල ජයවර්ධන.....
2013 Visits
පූජිත ජයසුන්දර පොලිස්පති ධුරයෙන් ඉවතට! පූජිත ජයසුන්දර පොලිස්පති ධුරයෙන් ඉවතට! පූජිත ජයසුන්දර පොලිස්පති ධුරයෙන් ඉවතට! බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපතිගේ හරක් ලොරිය හික්කඩුව පොලිසිය හොරෙන් පන්නලා පූජිත ජයසුන්දර පොලිස්පති ධුරයෙන් ඉවතට! සතුරු බල නසන රත්නමාලී බන්ධන යන්ත‍්‍රය පූජිත ජයසුන්දර පොලිස්පති ධුරයෙන් ඉවතට! July Magazine
පූජිත ජයසුන්දර පොලිස්පති ධුරයෙන් ඉවතට! ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති හඞ්සන් සමරසිංහගේ පුත් ඔසඳ සමරසිංහ කියන කතාවක් පූජිත ජයසුන්දර පොලිස්පති ධුරයෙන් ඉවතට! රටම කළඹන නිව්ස් එකක් බලාපොරොත්තු වන්න පූජිත ජයසුන්දර පොලිස්පති ධුරයෙන් ඉවතට! මහින්ද රාජපක්‍ෂ පාලනයේ තිරය පිටුපස දුටු නොදුටු සැගවුනු අබිරහස් ඇතුලත් සාටක නාටක පූජිත ජයසුන්දර පොලිස්පති ධුරයෙන් ඉවතට! ගනුදෙනුකරුවන් බය කර කප්පම් ගන්නා පෑන් ඒෂියා බැංකුවේ ‘ක‍්‍රිබ්’ මාෆියාවේ ඇතුළේ කතාව
පූජිත ජයසුන්දර පොලිස්පති ධුරයෙන් ඉවතට! ඊතලය සැප්තැම්බර් කලාපය පූජිත ජයසුන්දර පොලිස්පති ධුරයෙන් ඉවතට! ගණිකාවක් සමඟ රාත‍්‍රියක් පූජිත ජයසුන්දර පොලිස්පති ධුරයෙන් ඉවතට! මහින්ද රාජපක්‍ෂ පාලනයේ තිරය පිටුපස දුටු නොදුටු සැගවුනු අබිරහස් ඇතුලත් පූජිත ජයසුන්දර පොලිස්පති ධුරයෙන් ඉවතට! සුදු වෑන්

——–

 

 

contactus-n