Samudradevi

2017-09-03 01:34:15 | ethalayaTv.com


නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විදුහලේ ඇතුළේ අර්බුදය නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විදුහලේ ඇතුළේ අර්බුදය
බස්නාහිර පළාතට අයත් ජයවර්ධනපුර කලාපයේ නුගේගොඩ කොට්ඨාසයට අයත් සමුද්‍රදේවි බාලිකා පාසල වසර 100 සපිරුණු රටේ ඉපැරණි ජනප‍්‍රිය පාසල් අතර ඉතා ඉහළ තත්වයක පසුවන පාසලකි. මේ වන විට දරුවන් 3250ට ඉහළ සංඛ්‍යාවක් අකුරු කරවන 5 වසර ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල හා අ.පො.ස. සාමාන්‍ය පෙළ වසර ප‍්‍රතිඵලවලින් පළාතින්ම ප‍්‍රමුඛ පෙළේ ප‍්‍රතිඵල සහිත පාසලකි. සෞන්දර්ය කලා කුසලතා මට්ටමින් මුළු රටේම නම ගත් මෙම ජාතික සම්පත මේ වන විට පත්ව ඇත්තේ මහත් ඛේදනීය තත්වයකටය.

අයිලින් සිරිවර්ධන, පුෂ්පා කළුබෝවිල, වසන්ති රණසිංහ වැනි අති දක්ෂ විදුහල්පතිනියන් යටතේ මෙම පළාත් පාසල ජාතික පාසල් සමග සම කළ හැකි ගුණාත්මක භාවයෙන් පිරිපුන් පාසලක් බවට රටේ පත් වී තිබුණද මේ වන විට අසාර්ථක දුර්වල අක‍්‍රමිකතාවය හා අදුරදර්ශී පාලනයක් තුළින් මේ සියල්ල විනාශ මුඛයට ඇද දමමින් සිටිති.

වර්තමානයේ මෙම පාසලේ විදුල්පතිනිය ලෙස කොළඹ විශාකා විදුහලේ පරිපාලන අංශයේ සේවයේ සිටි පරිපාලන සේවය ඉහළින්ම සමත් වී ඇති රේණුකා ජයවර්ධන මහත්මිය කටයුතු කරති. පාසල් පාලනය කිරීම කුළුඳුල් අත්දැකීම වූයෙන් තම ප‍්‍රායෝගික නොහැකියාව යන කරුණු නිසා ඇය අසාර්ථක වසර තුනක දුර්වල ප‍්‍රතිඵල පෙන්නුම් කරමින් සිටින බැව් දෙමාපිය, ගුරුවරුද ආදි ශිෂ්‍යයන්ගෙන්ද දැන ගත් විට මනාවට පසක් වෙයි.

ඇයගේ පරිපාලන නොහැකියාව ලෙස පහත සඳහන් කරුණු මතු කළ හැකිය. පාසලේම රැුඳී සිටින ඇය තම රාජකාරි පුටුවට පැමිණෙන්නේ උදේ 8.30 පසුවීමෙනි. එයින් පසු ලෝකය පෙරළුනද ඇය එම පුටුවෙන් සෙලවීමද සවස 3.00 පමණ වන තෙක් නොහැකිය. පාසලේ වේවා ඕනෑම අවස්ථාවක ඇය පැමිණෙන්නේ අධිකව ප‍්‍රමාද වීමෙනි. මේ නිසා සියලූ රැුස්වීම්, උත්සව හෝ වෙනත් සෑම කටයුත්තක්ම ප‍්‍රමාදවීම සිරිත් පරිදි වන දෙයකි. පාසල් භූමියෙහි හෝ පන්තිකාමරවල නිරීක්ෂණ චාරිකා හෝ කිසිම කටයුත්තක ඇගේ දැවැන්ත ශරීරය සමග අලසකම ඉස්මතු වී පෙනීම නිසා එවැනි කිසිදු කටයුත්තක් සිදු නොවේ.

ඉතා විනයගරුක, සමාජශීලි දරුවන් පිරිසක් හා ගුරුමණ්ඩලයක් සිටි මෙම පාසල අද අයාලේ යන ගව පට්ටියක් වැනිය. මේ වනවිට ගුරු මණ්ඩලයේ උදාසීන බව හා මන්දෝත්සාහීභාවයට ඉහළ ආදර්ශය මැනවින් උපකාරී වී ඇති බව ඕනෑම අයෙකුට බැලූ බැල්මට පෙනී යයි. බොහෝ ගුරුවරුන් වැඩ කරන්නේ ඔවුන්ට අවශ්‍ය පරිදිය. නිවාඩු හෝ වෙනත් කිසිදු කටයුත්තකට ඇයට ඍජුව ගුරු මණ්ඩලය අවනත කර ගත නොහැක.

මෙවර 5 ශ්‍රේණිය පන්තියට ඉගැන් වූ නයනා නම් ගුරුවරිය ශිෂ්‍යත්වයට දරුවන් සූදානම් කරනු වෙනුවට ඇය ඇගේ පෞද්ගලික කටයුතු සඳහා කාලය ගත කරනු ලබයි. එපමණක්ද නොව විෂය නිර්දේශය පවා හරි හැටි ආවරණය නොකොට තවත් පාඩම් 6-7 ඉතිරිව තිබියදී ඇය අපොස උසස් පෙළ විභාග රාජකාරි සඳහා විදුහල්පතිනිය නිදහස් කොට ඇත. අගෝස්තු මාසය පුරාවට අනෙකුත් සියලූ ගුරුවරියන් තම දරුවන් වෙනුවෙන් අතිරේකව කැප වෙද්දී ඇය තම බඩගෝස්තරය වෙනුවෙන් කැපවීම ලැජ්ජාවට කරුණකි. එහෙත් පරිපාලන සේවයෙන් අගතැන්පත් විදුහල්පතිනියට මෙය වගක් නැත.

අදක්ෂ ගුරුවරු හා වැඩ බැරි ගුරුවරු දක්ෂ ළමයින්ගේ පන්තිවලට දමා තොරතෝංචියක් නැතිව දරුවන්ගෙන්ම විවේචනය වුවද අද වන තෙක් ප‍්‍රතිකර්ම නොමැත. උදාහරණයක් ලෙස පසුගිය වසරේ ගෘහ ආර්ථික විiාව ඉගැන් වූ ගුරුවරිය එයින් අසාර්ථක හා අසමත් ප‍්‍රතිඵල පෙන් වූ පසු ඇය ඉංග‍්‍රීසි මාධ්‍ය විiා ගුරුවරියක් ලෙස 8 වසර පන්තියේ රාජකාරිවලට යොමු කරවීය. දරුවන් පවසන්නේ ඇයට විiාවද, ඉංග‍්‍රීසිද දෙකම බැරි බවය. එහෙත් අද වන විටත් මෙයට පිළියම් යෙදීමට හෝ කරුණු විමසීමටවත් ඇයට උවමනාවක් ඇති නොවීය. දරුවන් අනාථය.

නියෝජ්‍ය විදුහල්පතිගේ රාජකාරි කරන කාර්යාලය ඉතාමත් අබලන්ව හා අවලස්සනව පැවතියද ඔවුන් එම සේවයේ නිරත වෙති. මොවුන් ගාල් වී සිටින කාර්යාලයට ඇගේ කාර්යාලයේ සේවකයින්ද දමා එහි තදබදය වැඩි කොට ඇත. මෙම ස්ථානයේ විශාල රාජකාරි කිහිපයක්ම සිදු වුවද ඒ සඳහා සුදුසු ඉඩක් හෝ ඇයට ලබා නොදෙයි. ලේඛනාගාරයකට ඉඩක් විටින් විට ඉල්ලූවද ඒ සඳහා සුදුසු ඉඩක් නොදීමෙන් මෙම කාර්යාලවල ඉඩකඩ ඇහිරී තව තවත් වැඩි වී ඇත.

පාසල් ඉතා වටිනා දේවල් දිනෙන් දින නැති වෙයි. අලූතෙන් දමන සී.එෆ්.එල්.බල්බ දිනෙන් දින අතුරුදහන් වෙයි. අලූතින් සවි කරන ෆෑන්වලටද එම ඉරණමම අත් වෙයි. මේ පිළිබඳව ආරක්ෂක මුර සේවයට දොස් නගා ඇය අත සෝදා ගනියි. එහෙත් එම ආරක්ෂක අංශ වෙත කිසිදු ලිඛිත පැමිණිල්ලක් හෝ විමර්ශනයක් සිදු නොකරයි. පාසලේ සම්පත් සොරකම් කළද ඇයට ඒවා ගැන කිසිදු තැකීමක් නැත. පාසලේ මුර කටයුතු කරන පෞද්ගලික ආයතනයට රුපියල් 130,000ට ආසන්න මුදලක් මාසිකව වැය කරයි. එහෙත් පාසලට හෝ දරුවන්ට ලැබෙන ආරක්ෂාවක් මෙයින් නැත. සිදු වනුයේ පාසලේ සම්පත් නැතිවීම පමණි. එහෙත් මෙම ආයතන ගැන දිගින් දිගටම ප‍්‍රශ්න තිබුණද ඔවුන් පිළිබඳ පසුගිය වසර තුනක කාලයක් බිහිරිි අලින්ට වීනා වයන්නා මෙන් ඇය නිහඬය.

පාසලේ පවත්වාගෙන යන අවන්හලේ ඉතා අපිරිසිදු කෑම විකුණයි. දරුවන් ගැන හෝ ගුරුවරුන් ගැන හෝ ගණන් නොගෙන අත්තනෝමතික ආකාරයෙන් මේවා අලෙවි කරයි. ඔවුන්ගේ දැඩි දුර්වලතා ගැන දරුවරුන්, ගුරුවරුන් පැමිණිලි කළද ඇය ඔවුන් කැඳවා සතුටු සාමිච්චියේ යෙදෙන විට නියෝජ්‍ය විදුහල්පතිනියන්ද අසරණ කරමිනි.

මේ පිළිබඳව ඇයට ලිඛිතව පැමිණිලි කළද ඇයට ඒ පිළිබඳව සැලකිල්ලක් නොදක්වන්නේ ඇයට ඔවුන් විසින් යම් කිසි දීමනාවක් මාසිකව ලබා දෙන නිසා වෙන් බව විය හැකියි ඇතැම්හු චෝදනා කරති. පාසලේ වසර 40කට ආසන්න පැරණි ගොඩනැගිල්ලක් අබලන් වී ඇති නිසා එහි සිටි දරුවන් එම ගොඩනැගිල්ලෙන් ඉවත් කළේ පසුගිය පෙබරවාරි මස දෙමාපියන් ගොසින් අදාළ බලධාරීන්ගෙන් ලිපියක් රැුගෙන ඔවුන් විසින්ම රැුස් වී තම දරුවන් එයින් ඉවත් කරන ලදී. ඒ සඳහාද එතුමිය ගත් උනන්දුව අලසය. එහෙත් මෙම සිසුවියන් පාසල තුළම රඳවා ගැනීම සිදු කළ හැකි වුවද මහ ඇමති ඉසුරු දේවප‍්‍රියගේ සැලැස්මක් අභිබවා යාමට ගත් යටිකූට්ටු ව්‍යායාමයක ප‍්‍රතිඵලයක් ලෙස එම දරුවන් විජේරාමයේ පිහිටි විජේරාම විදුහලට ගාල් කිරීම හුදෙක් නිලධාරීන් සමග කළ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයකිග එහෙත් මැයි මස සිට මේ වන තෙක් ලබන වසර සඳහා එයින් දරුවන් ගලවා ගැනීමට ඇය කිසිදු වෙහෙසක් නොගනීග මන්ද ලබන වසරේද දරුවන් එහි තබා මහ ඇමතිගේ විජේරාම විදුහල අත්පත් කර ගැනීමේ සිහිනය බොඳ කර ලීමේ කොන්ත‍්‍රාත්තුව ඇය විසින් ඉටු කළ යුතු බැවිනිග මෙම ගොඩනැගිල්ලෙන් දරුවන් ඒ අසල පිහිටි ප‍්‍රධාන ශාලාවේ සිටියදී ඔවුන් එයින් ඉවත් කොට විජේරාමට යැවීමේදී ඇය විසින් පැවසුවේ එම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට දරුවන් එම ශාලාවේ සිටීම බාධාවක් බැවිනිග එහෙත් මේ වන තුරුත් එම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමක් සිදු කළ හෝ කඩා ඉවත් කිරීමට ගත් ක‍්‍රියාමාර්ගයක්ද නැතග පාසලේ තිබෙන වාහන නඩත්තු කිරීම අද වන විට සුදු අලියෙක් වී ඇතග රියදුරු වැඬේ කරන රියදුරා අද පාසලේ දෙවැනියාගේ තැන අරන්යග ඔහු යන එන වේලාව කරන වැඬේ හා වාහනය ගෙන යන්නේ කීයටද කොහේටද ආදී සියල්ල තීරණය කරන්නේ ඔහුයග විදුහල්පතිනියට ඔයා මෙයා කියමින් සෙනෙහෙපෑම ගැන නොයෙක් කට කතාද නැතිවාම නොවේග කෙසේ වෙතත් මේ රියදුරු නිසා හිටපු කාර්ය මණ්ඩල සේවකයන් පිළිකුළෙන් හා කළකිරීමෙන් ඉවත් වී ගිය අවස්ථා බොහෝයග ගුරුවරුන්ට හෝ ආදි ශිෂ්‍යාවන්ට හෝ දරුවන්ට පාසලේ වාහනය ලබා ගන්නට ඔහුටද විදුහල්පතිනියටද බැගෑපත් වීමට සිදු වී ඇතග වාහන තුනක් මේ වන විට පාසලේ ඇතත් එකම රියදුරෙක් පමණක් යෙදවීමෙන් මෙහි ඇති අපහසුතාව මතු කොට විදුහල්පතිනියගේ සංචාර පමණක් දින පතා සිදු කරති. තවත් රියදුරකුගේ අවශ්‍යතාව කොතෙක් වුවද ඔහුගේ වැටුප දිනෙන් දින වැඩි කොට එම අවශ්‍යතාව ඇය විසින් හිතාමතා මඟ හරින බව දෙමාපියන් චෝදනා කරති.

පාසලේ විනය, අධ්‍යාපනය හා සංවර්ධනය දිනෙන් දින වළ පල්ලට ගියද සුර සැප විඳිමින් ඇය මෙම අනගි පාසල විනාශයට දිනෙන් දින ගෙන යන බව සියලූ දෙනාගේ දෝෂාරෝපනයට ලක් වී ඇත. මේ වන විට පාසලේ දරුවන්ගේ අධ්‍යාපනික මට්ටම පහත වැටෙන අයුරු ඇය විසින්ම පිළිගෙන ඇත. පාසල් සංවර්ධන සමිතියේ ගිණුමේ කොතරම් මුදල් තිබුණද ඒවායෙන් දරුවන්ට හෝ ගුරුවරුන්ට අවම පහසුකම්වත් නොදී ඇය විසින් ඒවා ඇගේ සුව පහසුවට භුක්ති විඳීමද දැකිය හැකිය.

ප‍්‍රාථමික අංශයේ ප‍්‍රශ්න පත‍්‍ර හා අනෙකුත් සියලූ අවශ්‍යතා සපුරා ගැනීමට දෙමාපියන්ගේ මසකට රුපියල් 1000 බැගින් අය කළ අවස්ථාද ඇත. පාසලේ සියලූ පහසුකම් තිබියදී ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය හා පිටපත් කිරීම දෙමාපියන්ගේ කරමතට යෙදීම දිනෙන් දින සිදු වේ.

පසුගිය කාලයේ තිබූ අධික රස්නය නිසා ගුරුවරුන් හා දරුවන් ඉතා අපහසුතාවයෙන් සිටින බැවින් ඉහළ මහල්වල ඇස්බැස්ටෝස් වහලවලට පිළියමක් ලෙස සිවිලිම ගසන ලෙස දෙමාපියන් කොතෙකුත් ඉල්ලීම් කළද ඇය විසින් එය ප‍්‍රතික්ෂේප කොට පාසල් සංවර්ධන සමිතියේ ලේකම් ලවා දෙමාපියන් විසින්ම එම කාර්යය සිදු කිරීමට පොළඹවන ලදී. එහිදී 2, 3, 5, 6 සියලූ ශ්‍රේණිවල දෙමාපියන් මුදල් එකතු කොට එම පන්තිවල සිවිලිම සකස් කළේ තම දරුවන් විඳින අපහසුතාව ගැන සලකා මිස පාසලේ මුදල් හිඟකම නිසා නොවේ.

ශිෂ්‍ය නායක නිල ලාංඡුන පළන්දන උත්සවවලදී එම උත්සවයේ සියලූ වියදම් එම දෙමාපියන්ගේ ඇෙඟ් ගසනු ලබයි. ඒ අනුව ප‍්‍රාථමික අංශයේ වෙනම හා ජ්‍යෙෂ්ඨ අංශයේ වෙනම උත්සවයක් සඳහා එක් දෙමාපියකුගෙන් රුපියල් 2000කට අධික මුදලක් අය කර ගනී. තවද පාසලේ පවත්වන අනෙකුත් සියලූ උත්සවවලදීද එහි බරපැන දෙමාපියන් වෙත පවරනු ලබයි. ඕනෑම උත්සවයකදී සංග‍්‍රහ වියදම් ලෙස ඉතා අධික මුදලක් සංවර්ධන සමිතියේ ගිණුමට නිතැතින්ම බැර වෙති.

පාසලේ පවතින බස් රථය ගාල් කොට තිබූ ආවරණය ඉවත් කොට වසරක් පමණක් ගත වුවත් තවම ඒ සඳහා පිළියමක් නැත. මෙම අනගි සම්පත වැස්සට තෙමෙමින් අව්වට වේලෙමින් දිනෙන් දින දිරාපත් වීම අපරාධයකි. ඒ ගැන දෙමාපියන් විමසීමේදී ඇය විසින් දෙන පිළිතුර වන්නේ, එය යකඩවලට විකිණීමටද මේ වන විට සුදුසු තත්වයේ නැති බවය.

තවද මෙම පාසලේ ඇති දැවැන්තම සම්පත වනුයේ ගෘහස්ත ක‍්‍රීඩා පිටියයි. එය කෝටි ගණනක් වියදම් කොට පැරණි විදුහල්පතිතුමියන් විසින් පාසලට ලබා දුන් සම්පතකි. එහෙත් මෙම විදුහල්පතිනිය පැමිණිදා සිට එය ඉබාගාතේ පරිහරණය වේ. භක්ති ගීත වැනි උත්සව එහි පවත්වන්නේ ප‍්‍රධාන ශාලාවන් තුනක් පාසලේ තිබියදීය. පොඩි වැස්සටත් වතුරෙන් පිරෙන මෙම ගෘහස්ත පිටිය විනාශ වන්නේ එයට කිසිදු පිළියමක් නොකරන බැවිනි. එම නිසා මෙම ක‍්‍රීඩාංගණයේ පසුගිය වසර තුනටම එකම ක‍්‍රීඩා තරගාලියක්වත් පැවැත්වීමට නොහැකි විය.

පාසලේ සන්නිවේදන උපකරණද නිතර නිතර අලූත්වැඩියා හා නඩත්තු කලද පාසලේ කිසිදු අවශ්‍යතාවකදී ඒවා කි‍්‍රයාත්මක වන්නේ නැත. දරුවන් ලවා තැන් තැන්වලට එම උපකරණ ගෙන යමින් ඒවා තව තවත් විනාශ වුවද ඒ සඳහා ස්ථිර පිළියම් මේ වන තෙක් ගෙන නැත. පාසලේ 10, 11 ශ්‍රේණිවල දරුවන් ඉගෙන ගන්නා පන්ති ඉතා සුළු වැස්සටත් තෙමුනද එම පන්තිවල ගුරුවරු නිතර නිතර ඒවා සෑදීමට ඉල්ලීම් කළද කිසිදු පිළියමක් මේ වන තෙක් යොදා නැත. එහෙයින් දරුවන් වැසි දිනවල මහත් අසීරුතාවෙන් ඉගෙනුම් කට යුතු සිදු කරනු ලබයි. ජාතික පාසලක් නොවන මෙම පාසලට මහඟු සම්පත් ඇත. නමුත් මෙම විදුහල්පතිතුමිය පැමිණීමෙන් පසු දිනෙන දින පාසල මෙන්ම ් සම්පත්ද විනාශ මුඛයට ඇද දමමින් ඇත.

පාසලේ ගොඩනැගිලි පන්ති කාමර එකේ සිට 11 දක්වා ඇති සෑම පන්ති කාමරයකම මූලික අවශ්‍යතා ළදරු මේස, පුටු, විදුලිපංකා, විදුලි බල්බ, කොසු ඉදල් ආදී මූලික අවශ්‍යතා මේ වන විටත් සම්පාදනය කිරීමට ඇය විසින් ක‍්‍රියා මාර්ග ගෙන නැත. එම අවශ්‍යතා සියල්ල ගුරුවරුන් විසින් ලිඛිතව විදුහල්පතිනියගෙන් ඉල්ලා සිටියද ඇය ඒවා ලබාදීමට කටයුතු සිදු කළේද නැත. නමුදු පාසල් සංවර්ධන සමිති ගිණුමේ හා ගුණාත්මක යෙදවුම් ගිණුමේ ලක්ෂ ගණන් මුදල් පවතී. එහෙත් හිතාමතා ඒවා මග හරිමින් සිටින්නේ පාසලේ දෛනික කටයුතු අඩාල වීමට ඉඩ හරිමිනි.

ප‍්‍රාථමික අංශයේ කුඩා දරුවන් පරිහරණය කරන වැසිකිලියේ ඇති යකඩ දොරවල් දිරා පත් වී ගැල වී අනතුරකට අත වනමින් තිබුණද ඒවා පිළිසකර කිරීමට කිසිදු වුවමනාක් නැත. ප‍්‍රාථමික අංශයේ දරුවන් රැුඳී සිටින එළිමහන් ඉඩකඬේ ඇති අඹ ගසේ විවිධ වැල් එතී එම අතු පහතට නැමී අනතුරුදායක තත්වයක පැවතියද එම අතු කපා ඉවත් කිරීමට මේ දක්වා සමස්ත වී නැත. කණිෂ්ඨ අංශයේ දරුවන්ගේ ආපන ශාලාව හා ප‍්‍රධාන ශාලාව අතර ඇති හිඩැසේ යකඩ ආවරණය දිරා පත් වී කැඞී ගොස් එල්ලා වැටෙමින් පැවතියද එය ඉවත් කිරීමටවත් ඇයට වුවමනාවක් නොපවතී.

පාසලේ පැවති රජයෙන් ලබා දුන් කිරි හල ගුරුවරුන්ට හා දරුවන්ට මෙන්ම දෙමාපියන්ටද මහත් පිටිවහලක් විය. වසර ගණනාවක් පවත්වාගෙන ආ මෙම කිරිහල දරුවන්ගේ පෝෂණයටද ඉවහල් විය. එහෙත් දැනට වසරකට මඳක් වැඩි කාලයක් එම කිරිහල සදාකාලිකවම වසා දැමීමට ඇය විසින් කටයුතු කරන ලදී. මේ වන විට කිරිහල තිබුණද එහි කිසිම වෙළෙ\මක් සිදු නොකොට එය කසල ගොඩක් වී ඇත. මේ තුළින් ආපන ශාලාවේ ආදායම ඉහළ දැමීමට ඇය වක‍්‍රාකාරයෙන් අනුබල දුන් බව ගුරුවරුන්ගේ හා දෙමාපියන්ගේ මතයයි. දරුවන්ගේ පෝෂණය වෙනුවට ආපන ශාලා හිමියාගේ ආදායම ගැන ඇයට විශාල ඕනෑකමක් ඇත. 2017 වසර සඳහා දරුවන් ඇතුළත් කිරීම සම්මුඛ පරීක්ෂණයට කැඳවීම් යැවූ ලිපිවල දෙල්කඳ ප‍්‍රාථමික අංශය වන දෙල්කඳ සඳහන් කර තිබුණද අවසාන මොහොතේ එය නුගේගොඩ විදුහලට මාරු කිරීමෙන් සියලූ දෙනාහට දෙල්කඳට පැමිණ එම දැන්වීම බලා නැවත කිලෝමීටර් තුනක් පමණ යාමට සිදු විය. මේ සිදුවීම නිසා පාසල් ඒමට සිටින බොහෝ දෙනාගෙන්ද දැඩි දෝෂාරෝපණයක් එල්ල විය. මෙය සැලසුම් නැති පරිපාලනයේ දුර්වලකමට තවත් නිදසුනකි.

මෙම සියලූ අංශවල දුර්වලතා හා අකාර්යක්ෂමතාව නිසා ගුරු පාසල දිනෙන් දින ප‍්‍රපාතයට යමින් තිබියදී මෙම විදුහල්පතිතුමිය සමුද්‍රදේවියට පැමිණෙන විට පැළඳීමට මාලයක්වත් නොතිබූ, ඉන්න හිටින්න නිවහනක්වත් නොතිබූ මැය වසර තුනක කාලයක් තුළ කළුතර විශාල මන්දිරයක් සාදා කොළඹ ඉඩම් අත්පත් කර ගෙන මේ වන විට පාසලේ මුදල් අවභාවිත කරමින් සිටින්නීය. පරිපාලනය, කළමනාකරණය හා කාර්යක්ෂමතාව යන අංශවලින් දුර්වල වූවද නාස්තිය ¥ෂණය හා වංචාව අතින් ඇය හසල දැනුමෙන් පරිපූර්ණ භාවයක් පෙන්නුම් කර ඇත.

2013 වර්ෂයේ ඇය විදුහලට පැමිණි මුල් වකවානුවේදීම පාසලේම ඉන්න හිටින්න තැනක් වෙන් කර ගත්තාය. ආදි ශිෂ්‍ය සංගමයේ ගිණුමේ රුපියල් 1, 70,000ක් වැය කොට එම නිල නිවසට ගෘහ භාණ්ඩ පමණක් මිලදී ගන්නා ලදී. මෙය බැලූ බැල්මට දෝෂ සහිත ගනුදෙනුවක් විය . ඒ සඳහා බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කරන ලද මූලික විමර්ශනවලදීද එය තහවුරු විය. එම විමර්ශනයේදීම 7/2013 චක‍්‍රලේඛනය උල්ලංඝනය කිරීම පිළිබඳව ඇයගෙන් කරුණු විමසන ලදී.

මේ සඳහා එවකට පළාත් අධ්‍යාපන හා පළාත් ලේකම් දයා සෙනරත් මහතා 2015.4.28 වන දින යවන ලද ලිපියෙන් හා කලාප අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක යවන ලද ලිපිවලින් ඒ සඳහා ඇයගෙන් ලිඛිතව හේතු විමසන ලදී. මේ කාලයේදීම එක වසරට පැමිණි දරුවන්ගේ දෙමාපියන්ගෙන් මුදල් රැුස් කොට එම ලක්ෂ 10ට අධික මුදල් වසර 2කට වැඩි කාලයක් දෙමාපියන් අතෙහිම සංසරණය වන්නට ඉඩ හැරීම සම්බන්ධයෙන් ඇයට අවවාදාත්මක ලිපියක් දෙන ලදී.

නමුත් ඇය මේ කිසි දෙයක් ගණන් නොගෙන මේ වන විට කෝටි ගණන් මුදල් හා දේපළ උපයා ගෙන ඇති බවට දෙමාපියන්ගෙන් හා සියලූ දෙනාගේ මතයයි. 2014 වර්ෂයේ පැවැති නිවාසාන්තර ක‍්‍රීඩා උත්සවයට ආරාධිත අමුත්තෙක් ලෙස පැමිණි මෙම පාසලේම දීප්තිමත් ආදි ශිෂ්‍යාවක් වූ රමණි කුරේ මහත්මිය පාසලට ලබා දුන් රුපියල් ලක්ෂයක පරිත්‍යාගය පාසලේ ගිණුම් ගත නොකොට ඇයගේ අභිමතයට එය පරිහරණය කරන ලදී. මේ සඳහා පාසල් සංවර්ධන සමිතියේ බහුතර කාරක සභිකයන්ගේ දැඩි අප‍්‍රසාදය පළ විය. 2014 අපේ‍්‍රල් මස කාරක සභා රැුස්වීමේදී එම මුදල් පාසලේ සෞන්දර්ය ඒකකය සෑදීම සඳහා යොමු කරන බවට ඇය විසින් ඔවුන්ට පොරොන්දු වන ලදී.

මේ සිද්ධිය මුල් කොට ගෙන පැරණිතම කාරක සභිකයන් හතර දෙනකු එකවර තම නිලතලවලින් ඉල්ලා අස් විය. පසුව මොවුන්ගේ දැඩි ඉල්ලීම පරිදි නොවැම්බර් මස කැඳවූ විශේෂ මහ සභා රැුස්වීමේදී ඔවුන් විසින් එම මුදල් පිළිබඳව ප‍්‍රසිද්ධියේ විමසන ලදී. එවිට එම මුදල් බුදු මැදුර සෑදීම සඳහා තමා යෙදවූ බවට ඇය විසින් පැවසීය. නමුදු එම බුදු මැදුර මෙම පාසලේම ගුරු මෑණියෙක් ලෙස සේවය කළ තම මවට පිං පිණිස වෛi මන්තිලක මහතා හා එම දරුවන් විසින් සම්පූර්ණ දායකත්වයෙන් සිදු කළ බවට ඇය විසින්ම පවසන ලදී. එම බුදු මැදුරේ ස්ථාපිත සමරු ඵලකය මෙයට කදිම සාක්ෂියකි. එම නිසා එම මුදල් අවභාවිතය වූ බව ඉතා පැහැදිලිය.

පාසලේ පැවැති සී.සී.ටී.වී. කැමරා පද්ධති ඉවත් කොට අලූතෙන් එකක් සවි කළේය. ඒ සඳහා මිල ගණන් කැඳවා ඉතා නුසුදුසු ආයතනයකට එම කාර්යය පැවරීය. ඒ සඳහා විශාල මුදලක් එනම්, රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් නාස්ති වූ බව සියලූ දෙනාගේ පිළිගැනීමයි. අදටත් දෝෂ සහිත මෙම කැමරා පද්ධතිය මේ වන විට 10, 15 වතාවක් පමණ අලූත්වැඩියා කොට ඇත. මෙම ප‍්‍රශ්නය පාරිභෝගික අධිකාරිය දක්වාම අවසානයේ යාමට සිදු වූයේ නුසුදුසු පුද්ගලයකුට තම වරප‍්‍රසාදය පමණක් ගැන සිතා මෙම කොන්ත‍්‍රාත්තුව ලබාදීමෙනි. මෙම ප‍්‍රශ්නකාරී ගනුදෙනුවේ රැුඳවුම් ගාස්තුව පවා පාසලේ රඳවා නොගැනීමෙන් මෙම තත්වය තවත් ගැටලූකාරී තත්වයකට යන ලදී.

2015 වර්ෂයේදී දෙසැම්බර් මස වැසිකිලි පද්ධතියක් ඉදි කිරීම සඳහා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් රුපියල් ලක්ෂ 10ක පමන මුදලක් අනුමත විය. පාසලේ දැනටමත් වැසිකිලි තිබුණද මෙම මුදලෙන් පාසලට තවත් වැසිකිලි කිහිපයක් ඉදි කිරීම පාසලට අවශ්‍යතාවයක් බැවින් ඒ සඳහා සියලූ දෙනා එකඟ වන ලදී. එහෙත් සියලූ ක‍්‍රමවේදයන් අබිබවා ඇගේ පෞද්ගලික කොන්ත‍්‍රාත්කරු වන රවීන්ද්‍ර ෆොන්සේකා ලවා මෙම කාර්ය කිරීම ප‍්‍රශ්නකාරී විය. ඔහු පාසලේ ම පියෙකි.

එහෙත් මේ වන විට ඇගේ කළුතර සුවිසල් මැදුරේ කොන්ත‍්‍රාත්කරුද ඔහුය. අවසානයේ මේ සඳහා රුපියල් ලක්ෂ 18ක් වියදම් විය. මේ සඳහා කිසිදු අනුමැතියක් ලැබී නැත. සුඛෝපභෝගී වැසිකිලි පද්ධතියක් සෑදීමටවත් මේ තරම් මුදලක් වැය වෙතැයි කෙනෙකුට සිතා ගැනීමට නොහැකි වී ඇත. මෙම වැසිකිලි බැලූ බැල්මට ඕනෑම කෙනෙකුට ඒ සඳහා ගිය වියදම සිතා ගැනීමට පිළිවන. එසේ අවසානයේ අහිංසක දෙමාපියන්ගේ මුදල් ලක්ෂ 10ක් පමණ අවභාවිත විය.

මෙම වසරේද පෞද්ගලික කොන්ත‍්‍රාත්කරු සමගින් ලක්ෂ තුනක් වතුරේ දැම්මාය. ඩෙංගු මදුරුවන්ට මුවා වී පාසලේ වසර ගණනාවක් පැවැති කාණු පද්ධතිය ඉහත වැසිකිලි වළවල්වලින් ගොඩගැසූ පස් දමා ජූලි මස එම කාණු සියල්ල වසා දැම්මාය. තවත් වළවල් දෙකක් පමණ හාරා ජලය බැසීමට ටැංකි යොදවන ලදී. මේ සඳහා මිල ගණන් කැඳවීමක්ද සිදු නොකරන ලදී. සංවර්ධන සමිතියේද අනුමැතියක් නැත. ඒ නිසා මෙම ¥ෂිත ගනුදෙනුවෙන් ඇය බේරීම සඳහා සෑම විටම උපයෝගී කර ගන්නා ඇගේ පදයට නැටවෙන ප‍්‍රසම්පාදන මණ්ඩලයේ පිහිට පැතුවාය.

එහෙත් මේ සඳහා එම මණ්ඩලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය අත්සන් කිරීම ප‍්‍රතික්ෂේප කරන ලදී. ගොඩනැගිලි අනුකමිටුව විසින් නිරීක්ෂණය කොට මෙම ගනුදෙනුවේ දෝෂ සහිත බව ලිඛිතව ඇයට පෙන්වා දෙන ලදී. මේ සඳහා සියලූ මුදල් නිදහස් කරන ලද්දේ නීති රීති රෙගුලාසි උල්ලංඝනය කරමිනි. මේ සඳහා මේ වන විටත් ප‍්‍රසම්පාදන වාර්තාව ලැබී නැත. මෙම හේතුව මත පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනියට බරපතළ චෝදනා කරමින් ඇයව අපහසුතාවට පත් කොට ඇත. මෙවැනි විවිධ ගනුදෙනු හා අයථා අන්දමින් මුදල් රැුස් කිරීම මෙම පාසලේ සුලබ දසුනකි. රියදුරා සමග කරන පොඩි පොඩි කොන්ත‍්‍රාත් සුලබව ඇත. පාසලේ කුමන වැඩසටහනක් හෝ අතිරේක අවස්ථාවකදී කෑම පාර්සල් සපයන්නේ රියදුරුගේ නිවසිනි. මුරකරුවන්, කම්කරුවන් හා ගුරුවරියන් නියෝජ්‍ය විදුහල්පතිවරියන් හෝ කුමන කෙනෙකුට පාසලෙන් කෑම සපයන්නේ නම් එහි ස්ථිර සැපයුම්කරු එම රියදුරු මහතාය. කෑම කෑවා හෝ නොකෑවා ප‍්‍රශ්නයක් නැත. ඒ සඳහා ඔහුට ගෙවිය යුතු දීමනා සීමාවකින් තොරව ගෙවනු ඇත.

මෙම පාසලට අතරමග දරුවන් ගැනීමේදී ලබා ගන්නා ලද අතිමහත් ධනස්කන්ධය ඇගේ සුඛෝපභෝගී ජීවිතයට මහත් පිටුවහලකි. කිසිදු පිටස්තර පුද්ගලයකුට දරුවකු පහසුවෙන් ඇතුළත් කිරීමට ඇය ඉඩ ප‍්‍රස්තා වසා දමා ඇත. ඇයගේ උවමනාවටම පමණක් එය සිදුවේ. මේ වනවිට මෙම පාසලේ එළියේ ඇති ලංසුව රුපියල් ලක්ෂ 1.5ක් 2ක් පමණ වීම මේ සඳහා ඇයට ලැබූ වරමක් බවට දෙමාපියෝ චෝදනා කරති. පසුගිය කාලයේ දෙක ශ්‍රේණිය සඳහා දරුවකු ඇතුළත් කිරීමට ගිය අවස්ථාවේදී පුරප්පාඩු නොමැති බවට අංක ගණිතය භාවිත කොට සියලූ බලධාරීන් නොමග යවා එම පුද්ගලයන් මහත් අපහසුතාවට පත් කරන ලදී. එහෙත් අවසානයේ වෙනත් විදියකින් එම දරුවා පාසලට ඇතුළත් කරන ලදී.

2016 වසරේ චක‍්‍රලේඛ උල්ලංඝනය කරමින් නුසුදුසු දරුවන් පාසලට බඳවා ගෙන ඇති බවට අදාළ පාර්ශ්ව මේ වන විටත් දැනුවත්ව පැවතියද ඔවුන්ගේ නිහඬතාව මත ඇය විසින් තව තවත් දරුවන් පාසලට බඳවා ගන්නා ලදී. මන්ත‍්‍රී කෝටා යටතේද එන දරුවන් සංඛ්‍යාව අඩු කොට ඇය විසින් ඇගේ අවශ්‍යතාව මත පළමු ශ්‍රේණියට දරුවන් 45 සීමාව උල්ලංඝනය කරමින් පසුගිය අපේ‍්‍රල් මස දරුවන් පාසලට ඇතුළත් කර ඇත.

මේ සියලූ චෝදනා බස්නාහිර පළාත් මහ ඇමැති බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමැති රංජිත් සෝමවංශ සියලූ දෙනා වෙත දෙමාපියන් හා ගුරුවරුන් ඔවුන් දැනුවත් කොට ඇත. ආදි ශිෂ්‍ය සංගමය යනු ඇගේ අතකොළුවකි. කිසිදු වැඩක් කරන්න බැරි දියාරු, අලස, නිවට කීප දෙනකු දමාගෙන තමන්ට රිසි පරිදි එම මුදල් පරිහරණය කිරීම නිසා එහි ඇති මුදල් ඇගේ ග‍්‍රහණයට නතු වී ඇත. ඉඳ හිට සංග‍්‍රහ යන නමින් වියදම් පෙන්වා ඇත. ත්‍යාග ප‍්‍රදාන උත්සවයට අනෙකුත් ගුරුවරුන්ට සාරි ලබා දෙන මුවාවෙන් වසර පුරාවට ඇගේ ඉස්තරම්ම සාරි ටික සපයන්නේ මෙම ගිණුමෙනි.

කොට්ඨාස අධ්‍යක්ෂවරයා ජයවර්ධනපුර කලාප අධ්‍යක්ෂිකාව හා අනෙකුත් අධ්‍යක්ෂිකාවන් කිසිදු විමර්ශනයක් හෝ පරීක්ෂණයක් මේ කිසිම දෙයකට පවත්වා නැත. පළාත් අධ්‍යාපන ඇමැති රංජිත් සෝමවංශ මහතාගේ යටතට ඇති විමර්ශන අංශයද මේ වන විට අකර්මන්‍ය වී ඇත. පළාත් මට්ටමෙන්ද කිසිදු නිලධාරියෙක් මෙම ¥ෂණ හෝ වංචා පිළිබඳව කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගැනීම රටේ අභාග්‍යයකි. මේ වනවිට විදුහල්පතිතුමිය පන්ති කව මගින් දෙමාපියන් කැඳවා ඇගේ වෛරය ඔවුන් වෙත මුදා හරිමින් දෙමාපියන් වෙත ඕනෑම පෙත්සමකට චෝදනාවකට තමාව බය කළ නොහැකි බවට ප‍්‍රචණ්ඩත්වය මුදා හරිමින් පවතී.

මේ වන විටත් දෙමාපියන් දහසක් පාසල් සංවර්ධන අරමුදල් ගෙවීම මේ වනවිටත් පැහැර හැර ඇත. ඒ ඔවුන් පාසල වෙත දක්වන අප‍්‍රසාදය මොනවට පැහැදිලි කිරීමටය. මේ වන විට පාසලේ ගුරුවරියන් දෙමාපියන් ආදි සිසුන් අතිමහත් බහුතරය පෙළ ගැසී මෙම විදුහල්පතිතුමිය පාසලෙන් ඉවත් කළ යුතුය යැයි දැඩි සටනකට අවතීර්ණ වෙමින් පවතී. මෙම විගඩම දිගින් දිගටම සිදු වුවහොත් මෙම පාසලේ මහත් ඛේදවාචකයකට මුල පිරීම ඉතා ආසන්නයේදී සිදු විය හැකිය.

මෙම සියලූ චෝදනා හා කරුණු මෙසේ තිබියදී අධ්‍යාපන බලධාරීන් මුණිවත රකින්නේ තවත් අගනා පාසල විනාශ මුඛයට ඇද දමමින් සුපුරුදු පාසල් වැසීමේ සතුට ලබා ගැනීමටද? දිනෙන් දින අධ්‍යාපන විනය සංවර්ධනය හා පාසලේ කීර්ති නාමය හා බිඳ වැටෙමින් පවතිද්දී වංචාව ¥ෂණය නාස්තිය ඉහ වහා යද්දී මෙම ජාතික වස්තුව රැුක ගැනීමට අදාළ පාර්ශ්ව නිහඬව සිටීම පිළිකුල් සහගතව හෙළාදැකිය යුතුය. මේ එල්ල වී ඇති චෝදනා පිළිබඳව සමුද්‍රදේවි විදුහල්පතිනිය කියන්නේ කුමක්ද? මේවා වැරදිද? එසේ නම් නිවැරදි දෙය කුමක්ද? පුළුවන් නම් පිළිතුරු දෙන ලෙස අප ඇයට අභියෝග කර සිටිමු.

කපිල සිරිමාන්න...
1930 Visits

——–

 

 

contactus-n