Krib mafia

2017-09-03 01:11:59 | ethalayaTv.com


ගනුදෙනුකරුවන් බය කර කප්පම් ගන්නා පෑන් ඒෂියා බැංකුවේ ‘ක‍්‍රිබ්’  මාෆියාවේ ඇතුළේ කතාව ගනුදෙනුකරුවන් බය කර කප්පම් ගන්නා පෑන් ඒෂියා බැංකුවේ ‘ක‍්‍රිබ්’ මාෆියාවේ ඇතුළේ කතාව
බොරලැස්ගමුවේ ලසිත ගුණසේන සහ ඔහුගේ පියා වන එච්.කේ. ගුණසේන පෑන් ඒෂියා බැංකුවේ බද්ධ ජංගම ගිණුමක් තිබී ඇත. එයට ඔවුන් දෙදෙනා විසින් රුපියල් 9,50,000ක ස්ථිර බැංකු අයිරාවක් ලබා ගෙන තිබිණි. එම ස්ථිර බැංකු අයිරාව ලබා ගෙන තිබුණේ ලසිත ගුණසේනගේම අනේවාසික විදේශ මුදල් ගිණුමේ (NRFC) මුදල් තැන්පතු ඇපයට තබමිනි. එම මුදල් තැන්පතුවේ වටිනාකම බි‍්‍රතාන්‍ය ස්ටර්ලින් පවුම් GBP 5000ක් පමණ වේ. එම කාල පරිච්ෙඡ්දයේදී එහි වටිනාකම රුපියල් ලක්ෂ 11ක් පමණ වේ. මෙසේ තමුන්ගේ මුදල් තැන්පතුව සුරැුකුමක් ලෙස තබා ගෙන බැංකුව විසින් ලබා දෙන්නා වූ බැංකු අයිරා හඳුන්වන්නේ Cash Back Facility ලෙසිනි.

මෙම බැංකු අයිරාව සඳහා ලසිත ගුණසේන සහ ඔහුගේ පියා විසින් හිලව් ලිපියක්ද 'Set off Letter' බැංකුවට බාර දී තිබිණි. හිලව් ලිපිය යනු තමුන් ලබා ගන්නා වූ රුපියල් 9,50,000 සීමාව රුපියලකින් හෝ ඉක්ම වූ පසු එය තැන්පතු මුදල හා හිලව් කිරීම සඳහා ලබා දෙන ලිපියයි. අවශ්‍ය නම් රුපියල් 9,50,000 ඉක්මවීමෙන් පසු එම අයිරාවට බැංකුවට ලබා ගත හැක්කේ ඉදිරි මාස තුනක පොලිය පමණ වේ. මාස තුනකින් පසු ගිණුම අක‍්‍රිය තත්වයට පත් වන නිසා 'Non Peforming' දින 90ක් ඉක්මයාමට ප‍්‍රථම Cash Back Facility හිලව් කර ගැනීම ඕනෑම බැංකුවක නීත්‍යනුකූල ක‍්‍රියාවලිය වේ. එය ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නීති රෙගුලාසි යටතේද පැහැදිලිව සඳහන් වේ.

ඒ ආකාරයට මෙම රුපියල් 9,50,000 බැංකු අයිරාව හිලව් කර ගන්නා බවට පෑන් ඒෂියා බැංකුවේ එවකට කළමනාකාරීත්වය දැරූ උමාහරන් ජෙගනාදන් විසින් ලසිත ගුණසේන හා ඔහුගේ පියාට (මාස තුනක පොලී අයකර ගැනීමෙන් අනතුරුව* ලිඛිතව දන්වා එවා ඇත. එසේ හිලව් ර ගැනීමෙන් අනතුරුව ලබා ගත්තා වූ රුපියල් 9,50,000 බැංකු අයිරාව සම්පූර්ණයෙන්ම ගෙවා නිමි බැංකු අයිරාවක් ලෙස ඔවුන්ගේ කි‍්‍රබ් වාර්තාවලද සඳහන් වේ. ඉන් පසුව එය Last Five Years Settled Credit Facility ලෙසද සඳහන් වේ. තත්වය එසේ තිබියදී එක්වරම 2010 දෙසැම්බර් 31 දින "First Disburse date" ලසිත ගුණසේනට පමණක් තනි පුද්ගල බැංකු අයිරාවක් ලබා දුන්නා යැයි සඳහන් කරමින් 2012 අපේ‍්‍රල් 30 දින ක‍්‍රිබ් වාර්තාවට සාවද්‍ය වාර්තා යවා ඇත. මේ සම්බන්ධව ලසිත ගුණසේන විසින් ක‍්‍රිබ් ආයතනයෙන් ලිඛතව විමසීමෙදී එය නිවැරදි වාර්තාවක් බව සඳහන් කරමින් මෙහි ප‍්‍රධාන වංචනික නිලධාරියෙකුවන ඉන්ද්‍රක ලියනගේ කි‍්‍රබ් ආයතනයට ලිඛිතව තහවුරු කර ඇත. එය නිවැරදි වන්නේ කෙසේද? මාස් පතා ස්වයංකී‍්‍රයව යාවත්කාලීන වන දත්ත මෙසේ BackDate කර ව්‍යාජ දත්ත යාවත්කාලීන කරන්නේ කෙසේද? උදාහරණයක් ලෙස ජනවාරි මාසයේ බැංකුවකින් ගනුදෙනුකරුවකු ලබා ගන්නා වූ ණය මුදලක් ක‍්‍රිබ් වාර්තාවේ.

ජනවාරි මස අග යාවත්කාලීන වන්නේ නැත. එවැනි වූ ගනුදෙනුවක් බැංකුවේ පරිගණක පද්ධතිය මගින් කී‍්‍රබ් ආයතනයේ පරිගණක පද්ධතියට ස්වයංක‍්‍රීයව ඇතුළු වන්නේ පෙබරවාරි මාසයේ 10 වැනි දිනයට පෙරය. එසේ ක‍්‍රිබ් ආයතනයේ පරිගණක පද්ධතියේ එම ණය ගනුදෙනුව යාවත්කාලීන වන්නේ පෙබරවාර මස 20 වන දිනෙන් පසුවය. එහෙත් එහි දිනය වශයෙන් සටහන් වන්නේ ජනවාරි මාසයේ වැඩ කරන අවසාන දිනය වේ.

මෙසේ ස්වයංක‍්‍රීයව යාවත්කාලීන වන ක‍්‍රිබ් වාර්තාවට Back Date කරමින් ඉන්ද්‍රක ලියනගේ කළ හොර මගඩිය කුමක්ද? එයට උපදෙස් දුන්නේ කවුරුන්ද? මෙය ශ‍්‍රී ලංකා මහ බැංකු විසින් ශ‍්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයට පනවා ඇති නීති රෙගුලාසිද උල්ලංඝනය කිරීමකි. පෑන් ඒෂියා බැංකුවේ මෙම වංචනික නිලධාරීන්ට සොරකමක්වත් හරියාකාරව කර ගැනීමටවත් නොහැක. ලසිත ගුණසේනගේ ජංගම ගිණුම බද්ධ ජංගම ගිණුමක් නිසා Back Date කර දත්ත ඇතුළත් කළත් එසේ නම් එය ලසිත ගුණසේනගේ පියාගේ ක‍්‍රිබ් වාර්තාවේද සඳහන් විය යුතුය. Back Date කර දත්ත ඇතුළත් කළාත් මෙහිදී මෙම සාවද්‍ය වාර්තාව Blackmail කරමින් පෑන් ඒෂියා බැංකුවේ නීති අංශය සහ ණය අය කර ගැනීමේ අංශයේ වංචනික නිලධාරින් 2013 වසරේ අපේ‍්‍රල් මස අග භාගය දක්වාම මාස්පතා පොලීද එකතු කරමින් රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් ලබා ගැනීමට තැත් කර ඇත. මේ සම්බන්ධව තේවරායන් ක්ලෝඞ්ට පැමිණිලි කළත් කිසිම තැකීමක් නොකළේය. එයට හේතුව වන්නේ මෙහි ප‍්‍රධාන නිලධාරියකු වන සීනිරාජා උමාකාන්තන්ව ආවරණය කිරීම සඳහාය. එයට හේතුව වන්නේ ඔවුන් එක බෝට්ටුවක පුද්ගලයන් වන නිසාය.

පසුව 2013 මැයි මස මුල් සතියේදී ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී කමූර් සහුජා විසින් ලිසිත ගුණසේනට හමුවීමට අවස්ථාවක් ලබා දුනි. ඒ වන විට ඔහු තාවකාලිකව ප‍්‍රධාන මෙහෙයුම් කටයුතු කළේ තේවරයන් කලේකඞ් රටින් පිටවී සිටි නිසාය. එහිදී කමූර් සහූජා විසින් මෙය බැංකුවේ වරදක් බවත් ඒ ගැන සමාව අයදින බවත් තමුන් ප‍්‍රශ්නය නිරාකරණය කරන බවත් ලසිත ගුණසේනට පොරොන්දු වී ඇත. ඒ අනුව ලසිත ගුණසේගේ සාවද්‍ය ක‍්‍රිබ් වාර්තාව 2013 මැයි මස 31 වැනි දින වන විට සම්පූර්ණයෙන්ම ගෙවා නිමි බැංකු අයිරාවක් ලෙස "Settle" ක‍්‍රිබ් වාර්තාවේ සඳහන් විය.

ඒ වන විට ලසිත ගුණසේන සහ ඔහුගේ පියා විසින් ලබා ගෙන තිබූ රුපියල් 9,50,000ක බැංකු අයිරාවද වූ ස්ථාවර බැංකු අයිරාවට Last Five Year Settle Facility ලෙස සඳහන් වී තිබිණි. පසුව කමූර් සහූජාගේ උපදෙස් පිට පරණ යොන් වීදියේ කළමනාකරු ෆ‍්‍රෑන්ක් නේසරාජා විසින් ලසිත ගුණසේනට ලිපි දෙකක් යොමු කර ඇත. ඉන් එක් ලිපියකින් කියවුණේ වැඩිපුර අය කර ගැනීමට උත්සාහ කළ මුදල ඉවත් කර ගත් බවත් ලසිත ගුණසේනගේ සහ ඔහුගේ පියාගේ ජංගම ගිණුම 2013 මැයි 30 දින ගිණුම වසා දැමූ බවත්ය. We Have settle the excess and clÈe the account on 30th May 2013.

මෙහි exess යන වචනයේ තේරුම වැඩිපුර අය කර ගැනීමට හැ¥ මුදල වේ. එය ඔවුන්ම පිළිගෙන ඇත. අනෙක් ලිපියෙක් කියවුණේ ක‍්‍රිබ් වාර්තාව සම්පූර්ණයෙන් නිදහස් කර ඇති බවය. බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ලබා ගන්නා වූ ණය පහසුකමක් සම්පූර්ණයෙන්ම ගෙවා නිම කළත් එය එක්වරම ක‍්‍රිබ් වාර්තාවෙන් ඉවත් නොවේ. සම්පූර්ණ ගෙවා නිමි ණය මුදලක් වුවත් "settle" ලෙස එය එය ක‍්‍රිබ් වා්රතාවේ වසර පහක් පෙන්නුම් කරයි. එම නිසා ලසිත ගුණසේන මොවුන්ගෙන් ඉල්ලීම් කළේ 2010 දෙසැම්බර් 31 දින තමන් ලබා ගත් බැංකු අයිරාවක් නොමැති නිසා, 2013 මැයි 31 දින තමා ගෙවා නිමි බැංකු අයිරාවක්ද නොමැති නිසා මෙම සම්පූර්ණ සාවද්‍ය සටහන ක‍්‍රිබ් වාර්තාවෙන් ඉවත් කර දෙන ලෙසය.

එයට හේතුව වන්නේ වෙනත් බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ලසිත ගුණසේන ණය පහසුකමක් ලබා ගැනීමේදී ඉහත සඳහන් සාවද්‍ය වාර්තාව දැකීමෙන් එය දින 1550ක් ගෙවා නොනිමි බැංකු අයිරාවක් ලෙස පෙනෙන නිසාය. එසේම පෑන් ඒෂියා බැංකුව නීත්‍යනුකූළව පියවර ගැනීමට යාමේදී සම්පූර්ණ ගෙවා නිමි ණය මුදලක් ලෙස ඕනෑම බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් සිතන නිසාය. මක් නිසාද යත් නීත්‍යනුකූලව තම ව්‍යාපාර කටයුතු කරන බැංකු හා මූල්‍ය ආයතන ක‍්‍රිබ් වාර්තාවට සාවද්‍ය වාර්තා යොමු කරමින් ගනුදෙනුකරුවන් Black Mail කරමින් ගනුදෙනුකරුවන් මංකොල්ල නොකන නිසාය. නමුත් පෑන් ඒෂියා බැංකුව එම සාවද්‍ය සටහන ක‍්‍රිබ් වාර්තාවෙන් ඉවත් කළේ නැත. කාලය මෙසේ ගෙවී ගියේය.

සාමාන්‍යයෙන් ක‍්‍රිබ් ආයතනයේ උපදේශය වන්නේ මාස හයකට වරක්වත් බැංකු ගනුදෙනුකරුවන්ට ක‍්‍රිබ් වාර්තාව අයදුම් කරන ලෙසය. ඒ අනුව ලසිත ගුණසේන 2014 ජූලි මස 04 වන දින තම ක‍්‍රිබ් වාර්තාව අයදුම් කරන ලදී. පළමුවැනි වංචාව කර ගැනීමට නොහැකි වූ පෑන් ඒෂියා බැංකුවේ වංචනික නිලධාරීන්ගේ දෙවැනි වංචාව හසු කර ගැනීමට එම අවස්ථාවේදීය. ටයිකෝට් හැඳගෙන රැුකී රක්ෂාවලට ගොස් ඉංග‍්‍රීසි භාෂාව කතා කළාට පෑන් ඒෂියා බැංකුවේ ඉහළ නිලධාරීන් මහත්වරුන් නොවේ. ඔවුන් මහත් හොරුන්ය. උපන් කුපාඩිකම හෙළිදැක්වූ අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැක. ඇත්තටම මොවුන් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කුපාඞීන්දැයි විශාල ප‍්‍රශ්නයක් මතුවනු ඇත.

ලසිත ගුණසේන සහ ඔහුගේ පියා විසින් ලබා ගෙන තිබූ රුපියල් 9,50,000 සම්පූර්ණයෙන්ම ගෙවා නිමි Last Five years settle facility" තිබූ වාර්තාව සම්පූර්ණයෙන්ම අතුරුදන් කර තිබිණි. ප‍්‍රශ්නයට තුඩු දුන් සාවද්‍ය වාර්තාවද ක‍්‍රිබ් වාර්තාවෙන් ඉවත් කර තිබිණි. ඒ වෙනුවට තුප්පහි, කුපාඩි, අමන, අවලං බැංකුකරණයක් අනුගමනය කර පෑන් ඒෂියා බැංකුවේ ඉහළ වංචනික නිලධාරීන් නව සාවද්‍ය වාර්තාවක් ක‍්‍රිබ් වාර්තාවට වාර්තා කර තිබිණි. එනම් නැවතත් ලසිත ගුණසේනට පමණක් රුපියල් 9,50,000ක ස්ථිර බැංකු අයිරාවක් ලබා දී ඇති බවත් ඉන් රුපියල් 88,639ක මුදලක් Write off ලෙස සඳහන් කර ඇත.එසේ වාර්තා කර ඇත්තේ 2014 පෙබරවාරි 28 වැනි දිනය. පෙර ක‍්‍රිබ් වාර්තාවේ තිබූ අලාභය වසර පහකින් නිම වේ.

මෙසේ ක‍්‍රිබ් වාර්තාවට Write off ගැසීම ජීවිතාන්තය දක්වා අලාභයකි. පෑන් ඒෂියා යනු අමන, තුප්පහි නිලධාරීන් සිටින කුපාඩි බැංකුවක්ද යන්න මෙම ලිපිය කියවන පාඨක ඔබ විසින් තීරණය කළ යුතුය. එසේම මෙම බැංකුව සමග ගනුදෙනු කිරීමට ගියහොත් මෙම තුච්ඡු අමන, කුපාඩි නිලධාරීන් ඉදිරියේදී මෙවැනි වූ අමන වංචනික ක‍්‍රියාවලට මුහුණ දීමට සිදු වනු ඇත. මේ වන තුරුත් මෙම ක‍්‍රිබ් වාර්තාවේ සඳහන් Write Off මුදල වූ රුපියල් 88,639ක මුදල ක‍්‍රිබ් වාර්තාවට පැමිණියේ එය ගණනය කළේ කෙසේද? යන්න පෑන් ඒෂියා බැංකුවේ අමන නිලධාරීන් අපොහොසත් වී ඇත. ඒ ගැන පෑන් ඒෂියා බැංකුවේ පරණ යොන් වීදිය ශාඛාවේ කළමනාකරුගෙන් වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විමසීමේදී ඒ ගැන ඔහු නොදන්නා බව පවසා ඇත.

ලසිත ගුණසේනගේ ක‍්‍රිබ් වාර්තාවේ End Date ලෙස 2013 මැයි 31 සටහන් වේ. 2013 මැයි 31 දින End Date තිබී 2014 පෙබරවාරි 28 වන දින ක‍්‍රිබ් වාර්තාවට දත්ත යවන්නේ කෙසේද? Write Off මුදලක් තිබේ නම් End Date එකක් තිබිය නොහැක. තමුන්ගේ වංචනික ක‍්‍රියාව නැවත නැවතත් පෙන්වමින් එම සාවද්‍ය වාර්තාවද දත්ත යවා ඇත්තේ ලසිත ගුණසේනගේ ක‍්‍රිබ් වාර්තාවට පමණි. ස්වයං ක‍්‍රීයව මාස් පතා යාවත්කාලීන වන ක‍්‍රිබ් වාර්තාවට මෙසේ Manually දත්තයන් ඇතුළත් කරන්නේ කෙසේද?

මේ ගැන විමසීම සඳහා ලසිත ගුණසේන 2014 ජූලි 04 වන දිනම පෑන් ඒෂියා බැංකුවට ගියේය. පෑන් ඒෂියා බැංකුවට ගොස් ඉන්ද්‍රක ලියනගේ හමු වී ඇත. ඔහු විසින් සීනි රාජා උමාකාන්තන් සහ ප‍්‍රෑන්ක් නේසරාජාව මේ සිද්ධියට වගකිව යුතු බව ලසිත ගුණසේනට පවසා ඇත. පෑන් ඒෂියා බැංකුවෙන් ඉවත් වන මොහොතේදී ඉන්ද්‍රක ලියනගේ ලසිත ගුණසේනට පවසා ඇත්තේ තමුන් බැංකු ලොක ලොක්කන් කීවාට වැරදි වැඩ කරන බවත් තමුන්ගේ ජීවිතයේ අනාගතය එසේ නොවන අයුරින් තමන් විසින් හැඩගස්වා ගත යුතු බවත්ය. එසේ හෙයින් මේ බව ICIC බැංකුවට පැමිණිලි නොකරන ලෙස ලසිත ගුණසේනගෙන් ඉල්ලා ඇත.

එසේම ඉන්ද්‍රක ලියනගේ තවත් වංචනික ක‍්‍රියාවක් වන්නේ 2014 ජනවාරි 23 දින හා අපේ‍්‍රල් 03 දින Monitoring and Reviewing of an Existint dorrower" ලෙස සඳහන් කරමින් දෙවරක් ලසිත ගුණසේනගේ ක‍්‍රිබ් වාර්තාව පරීක්ෂා කර බලා ඇත. 2013 මැයි 30 දින ගිණුම් වැසූ ගනුදෙනුකරුවකුගේ ක‍්‍රිබ් වාර්තාව මෙසේ පරීක්ෂා කිරීම කි‍්‍රබ් ආයතනයේ නීති රෙගුලාසි උල්ලංඝනය කිරීමකි. 2014 අපේ‍්‍රල් 03 දින වන විට වර්තමාන ප‍්‍රධාන විධායක නිලධාරී ඩිමන්ත සෙනෙවිරත්න මෙම බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරියා වේ. ඔහු පෑන් ඒෂියා බැංකුවට සම්බන්ධ වූයේ 2015 මාර්තු 01 වන දිනය. එසේ නම් අපේ‍්‍රල් 03 දින ලසිත ගුණසේනගේ ක‍්‍රිබ් වාර්තාව මේ ආකාරයට පරීක්ෂා කිරීමට අවසර දුන්නේ ඩිමන්ත සෙනෙවිරත්නද?

ඩිමන්ත සෙනෙවිරත්න යනු අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී වේ. එම නිසා ඔහුට සාමූහික වගකීමක්ද ඇත. ඉන්ද්‍රක ලියනගේ බැංකුවේ නොසිටීම නිසා සංජය වීරසේකර බලෙන් ඇති කළා වූ වගකීම තේවරායන් ක්ලෝඞ් නමැති පෑන් ඒෂියා බැංකුවේ සාමූහික වගකීමක් ඇති අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරියාට ඇති නොවන්නේ කෙසේද? එසේ සාමූහික වගකීමක් ඇති ඩිමන්ත සෙනෙවිරත්න වංචා විමර්ශන කාර්යාංය මග හරින්නේ ඇයි?

To Be Continued..
2010 Visits

——–

 

 

contactus-n