Himi

2017-09-02 12:20:07 | ethalayaTv.com


චිත‍්‍රපට  හා ටෙලි නාට්‍ය නිළිය සමග විවාහ වූ විහාරාධිපති හිමියො චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය නිළිය සමග විවාහ වූ විහාරාධිපති හිමියො
චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය නිළිය සමග විවාහ වූ විහාරාධිපති හිමියෝ ඇයට දරුවෙක් හදා පොල්ල තියා මාරු වෙලා ථෙරවාදී බුදුදහමට අනුව බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට කාන්තාවක් සමග විවාහ වීමේ හැකියාවක් නැත. එය විනය විරෝධී, ශාසන විරෝධී හා බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට නොගැලපෙන නොහොඹිනා ක‍්‍රියාවකි. එහෙත් අප සමාජයේ බොහෝ භික්ෂූන් වහන්සේලා ඉතාමත් රහසිගතව විවාහ වී දරුමල්ලන් හදා වඩාගෙන බිරින්දෑවරුන් සමග කසාවතට මුවා වී ජිවත් වන බව නිතර දෙවේලේ අසන්නට ලැබෙන දෙයකි. සමහර භික්ෂුන් වහන්සේලා එලෙස නීත්‍යනුකූලව විවාහ වී සිටිනවා සේම තවත් භික්ෂුන් වහන්සේලා විවාහ නොවී බිරින්දෑවරුන් හා දරු මල්ලන් නඩත්තු කරන අවස්ථා එමටය. වැඩි වශයෙන් ඇත්තේ එවැනි දේය.

නොමළ ගෙදරකින් අබ අහුරක් රැුගෙන එන ලෙස බුදු රජාණන් වහන්සේ දේශනා කළා සේ අද වන විට භික්ෂු සමාජය මොන තරම් පිරිහී ඇත්දැයි කිවහොත් බිරියක් දරුවෙක් නොමැති භික්ෂුවක් සොයා ගැනීමට නොහැකි තරමට භික්ෂු සමාජය ¥ෂණය වී ඇත. එය ඉතා කණගාටුදායක දෙයකි. භික්ෂුවක් යනු මුළු සමස්ත සමාජයම ගරු කරන ඉතාමත් පූජනීය වස්තුවක් ලෙස බෞද්ධ බැතිමතුන් සලකනු ඇත. බුදු හාමුදුරුවෝ රහසින්වත් පව් නොකළ සේක කීවා සේ උන්වහන්සේගේ අනුගාමිකයන් වන භික්ෂුන් වහන්සේලා රහසින් කෙසේ වෙතත් සැබැවින් හෝ පව් නොකර සිටින්නේ නම් එය ඉතාමත් මැනවි.

එහෙත් එය සිදු වෙනවාද? නැත. අද සමස්ත සමාජයම පිරිහී කුණු ගඳ ගසන වටපිටාවක් තුළ බෞද්ධ භික්ෂුවද එම තත්වයට වැටීම විස්මයජනකය. භික්ෂුන් වහන්සේලාගේ මූලික කාර්යභාරය වන්නේ ඇද වැටී ඇති සමාජය යහපත් තත්වයට ඔසවා තැබීම උදෙසා බෞද්ධ දර්ශනය හරහා කළ හැකි උපරිම කාර්යයන් කිරීමය. එහෙත් භික්ෂුව අතින් එය කොතෙක් දුරට නිවැරදිව සිදු කරන්නේද යන්න ගැටලූවකි. එබැවින් ගිහි සමාජයට වඩා භික්ෂු සමාජය පිරිහී ඇති බව බොහෝ විට එල්ල වන චෝදනාවකි.

එම චෝදනාවලට සමාජයෙන් ඕනෑ තරම් උදාහරණ සොයා ගත හැක. එවැනි චෝදනාවක සුල මුල සොයා ගැනීමට හැකියාව ලැබිණි. ඒ ගාල්ල, වංචාවල, මැළෑගොඩ, ගල්ගමුව, බෝසෙවන දහම් අසපුව විහාරාධිකාරී ශාස්ත‍්‍රවේදී පූජ්‍ය අක්මීමන වාංගීෂ හිමි පිළිබඳවය. ගාල්ල මීගොඩ පූර්වාරාමාධිපති, දකුණු පළාත් අධිකරණ සංඝ නායක, වැලිහේනේ කාස්සප ස්වාමීන් වහන්සේගේ වැඩිමල් ගෝල හිමි නමක් වන අක්මීමන වාංගීෂ හිමි කලක් ගාල්ල ඉම¥ව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක තනතුර දැරුවේය. දැනට එම හිමියෝ බදුල්ල කන්දකැටිය, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක තනතුර දරනු ඇත.

ඉතාමත් අසමජ්ජාති, අවලන්, අසංවර, වංචාකාරී හොර දෙටුවකු ලෙස ප‍්‍රචලිත අක්මීමන වාංගීෂ හිමි බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක යනුවෙන් රජයෙන් රුපියල් 35,000 පමණ වැටුප් ලබමින් අනිසි ක‍්‍රියා කරමින් රාජ්‍ය සේවයද ¥ෂණය කරන අයෙකි. එබැවින් ඒ හිමියන්ට එල්ල වී ඇති චෝදනාවලට අනුව වැඩ තහනමකට පවා ලක් කළ හැක. එහෙත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එය සිදු නොකරන්නේ මන්ද යන්න ගැටලූවකි. භික්ෂුවක් වූ පළියට වැරදි වැඩ කරමින් නීතියට පිටින් හෝ ඉහළින් සිට තම වැරදි වැඩ වසා ගෙන ජීවත් විය නොහැක. ඔහුත් නීතියට යටත් විය යුතුය. එලෙස බලන විට මෙම භික්ෂුවගේ වැඩ තහනමක් අනිවාර්යයෙන් සිදුවිය යුතුව ඇත.

අප එලෙස නිර්භයව ප‍්‍රකාශ කරන්නේ එම හිමියන්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳ ප‍්‍රබල සාක්ෂි හා සාධක අප සතුව ඇති බැවිනි. එම හිමියන්ට එල්ල වී ඇති බරපතළම චෝදනාව වන්නේ චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය නිළියක් වන ස්වර්ණා කුමාරිව නීත්‍යනුකුළව විවාහ කර ගෙන ඇගේ කුසේ දරුවෙක් පිළිසිඳ දරුවා ඉපදුණු පසු ඇයවත් දරුවාත් මග හැර පලා යාමය. ඉන් ඇයත් දරුවාත් දෙදෙනාම දැන් අසරණ වී ඇත. කෝපි කඬේ, පබා, රෝස කටු, අලූපාට, සරා, මිස් ඩයිනමයිට්, සුබා ඇතුළු චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය රාශියක රඟපා ඇති ස්වර්ණා කුමාරි දැනට ජීවත් වන්නේ අතුරුගිරියේය.

1974 දෙසැම්බර් මස 06 වන දින අකුරැුස්ස රෝහලේ ඉපදී ඇති ස්වර්ණා කුමාරි කලක් ජීවත් වී ඇත්තේ සිංගප්පූරුවේය. ඇයට ප‍්‍රථමයෙන්ම අක්මීමන වාංගීෂ හිමි හමු වී ඇත්තේ 2010 වර්ෂයේ ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදීය. එදින යම් අවශ්‍යතාවක් ඉෂ්ට කර ගැනීමට ඇය එම කාර්යාලයට පැමිණ සිටියදී මෙම හිමියෝද කාර්යාලයට කිසියම් රාජකාරියකට පැමිණ ඇත. එම අවස්ථාවේ දැන හඳුනාගෙන දෙදෙනා කතා බහ කර දුරකථන අංකද හුවමාරු කර ගෙන ඇත. එතරම් දෙදෙනා සමීප වූයේ අක්මීමන හිමි විසින් කරන ලද අතීත අත්දැකීමක් විග‍්‍රහ කිරීම හේතු කොටගෙනය.

එනම්, ස්වර්ණා කුමාරි ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ සිටියදී ඇය අසලට පැමිණි අක්මීමන වාංගීෂ හිමි සුහදව කතා බහ කරමින්, ‘‘මං ඔයාව හොඳට දැකලා පුරුදුයි. ඔයාගේ ගම කොහේද? නම මොකක්ද? මොනවාද කරන්නේ?’’ යනුවෙන් පුද්ගලික තොරතුරු විමසන්නට පටන් ගෙන ඇත. එයට ස්වර්ණා කුමාරි පිළිතුරු දෙමින් කතා බහට පිවිස සිටියදී අක්මීමන හිමි අපූරු කතාවක් ප‍්‍රකාශ කර ඇත.

‘‘මම කැම්පස් අක්කා කෙනෙක් එක්ක යාලූ වෙලා හිටියා. එයාව මං බඳින්නයි හිටියේ. එයාගේ ගම දෙනියාය. කියන්න දුකයි. එයාගේ ගෙදරට කන්දක් නාය ගිහින් ඒකට යට වෙලා එයා මරුණා. එයත් ඔයා වගේමයි. ඇරපු අතක් නෑ. ඔයාගේ රූපෙමයි එයාට තියෙන්නෙත්. මට හිතා ගන්න බෑ මේ එයාමද කියලා.’’ යනුවෙන් එම හිමියෝ පවසමින් බොහෝ වේලාවක් එලෙස කතාකරමින් සිට සුහදව වෙන් වී ගොස් ඇත.

ඉන් පසුව නිතර දෙවේලේ ස්වර්ණා කුමාරි හා අක්මීමන හිමි අතර දුරකථන ඇමතුම් සිදු වී ඇත. එවැනි එක් අවස්ථාවක අක්මීමන හිමි අපූරු යෝජනාවක් ඇයට සිදු කරනු ලැබුවේය. ‘‘මට දැන් මේ සිවුරේ ඉඳලා එපා වෙලා ඉන්නේ. මට ඔයා දැක්ක දවසේ ඉඳලා ඔයාව බඳින්න හිතෙනවා. ඔයාත් මං බඳින්න හිටිය කැම්පස් අක්කා වගේ නිසා මට ඔයාව අමතක කරන්න බෑ. මොකද කියන්නේ? ඔයා මාව බඳින්න කැමතිද?’’ යනුවෙන් අක්මීමන හිමි බොහෝ දිනක් සිත තුළ මිරිකි මිරිකී තිබූ අදහස එළියට දමා ඇත. එය අදහා ගත නොහැකි වූ චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය නිලි ස්වර්ණා කුමාරිට එක පාරටම ‘‘මම කොහොමද ඒක කරන්නේ හාමුදුරුවනේ?’’ යනුවෙන් කිය වී ඇත. ‘‘ඇයි? මම ඔයාට ගොඩක් ආදරෙයි. මටත් ඕන ඔයා වගේ හොඳ ලස්සන ආදරවන්ත කෙල්ලෙක් සමග සතුටින් ජිවත් වෙන්න’’ යනුවෙන් අක්මීමන හිමි ඊට ප‍්‍රතිචාර දක්වමින් ඇයට ප‍්‍රකාශ කර ඇත. ඊට ප‍්‍රතිඋත්තර සැපයූ ස්වර්ණා කුමාරි, ‘‘ඔබ වහන්සේ සිවුර හැරදා ගත්ත හාමුදුරුනමක්. ඉතින් මම කොහොමද එහෙම කෙනෙක් කසාද බඳින්නේ. ඒක කොහොමටවත් කරන්න පුළුවන් දෙයක්ද?’’ යනුවෙන් ඇය යළිත් කියන්නට වූවාය.

‘‘මම ඔයාට ආයෙත් කියන්නේ මේ පැවිදි ජීවිතය මට එපා වෙලා ඉන්නේ. මට දැන් ඕන ගෑනියෙක් එක්ක පවුල් කන්න. ඒ නිසා මේ සිවුර ගලවලා දාලා මම කැමතියි ඔයා බඳින්න. ඔයා මොකද කියන්නේ?’’ යනුවෙන් තවත් බොහෝ දේවල් අක්මීමන හිමි දුරකථන මඟින් ස්වර්ණා කුමාරිට ප‍්‍රකාශ කර ඇත. දෙදෙනා අතර දීර්ඝ වශයෙන් සිදු වූ මෙම කතා බහ අවසානයේ ස්වර්ණා කුමාරි තම අදහස ඒ හිමියන් වෙත ප‍්‍රකාශ කර ඇත.

‘‘ඔබ වහන්සේ සිවුර ගලවලා දාලා එනවා නම් මම බඳින්න කැමැතියි. එහෙම නැතුව බෑ. මොකද සිවුරක් දාගෙන දීග කන්න බෑනේ. ඊටත් හාමුදුරු කෙනෙක් එක්ක එහෙම සම්බන්ධයක් පැවැත්වීමත් ලොකු පාපයක්. ඒ නිසා ඔබ වහන්සේ සිවුර ගලවලා එන්න. ඊට පස්සේ අපි බඳිමු. එතකොට ප‍්‍රශ්නයක් නැහැනේ.’’ යනුවෙන් ඇය කීවාය.

දින කිහිපයක් තිස්සේ පැවැති මෙම දුරකථන සංවාද මැද සිදු වූ අවසන් ප‍්‍රතිඵලය වූයේ අක්මීමන හිමි සිවුර ගලවා දමා පැමිණ ස්වර්ණා කුමාරිව විවාහ කර ගැනීමට එකඟ වීමයි. එහෙත් එය එක පාරටම කිරීමට අපහසු නිසා නියමිත විවාහ දිනය පැමිණෙන තුරු සිවුරේ සිටිමින් ඇය සමඟ සිය සබඳතාව ඉදිරියට කර ගෙන යාමට ගිවිස ගැනිණි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් එතැන් සිට අක්මීමන හිමි ස්වර්ණා කුමාරි නැවතී සිටි අතුරුගිරියේ නිවසට ගාල්ල, වංචාවල, බෝ සෙවන අසපු විහාරස්ථානයේ සිට පැමිණෙන්නට විය.

මුලින් සතියකට දෙකකට වරක් දෙවරක් පැමිණි අක්මීමන හිමි ටික කලක් යන විට එම තත්වය වෙනස් කරමින් සෑම සතියකම බ‍්‍රහස්පතින්දා රාත‍්‍රී අතුරුගිරියේ ඇයගේ නවාතැන්පොළට පැමිණ සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා යන දින තුනම ඇය සමග ගත කරමින් සඳුදා අලූයම හතරට පමණ ඇයගේ නවාතැනින්න පිට වී ගාල්ල, වංචාවල විහාරස්ථානය වෙත පිය නඟන්නට වූහ. බ‍්‍රහස්පතින්දා රාත‍්‍රී සිවුර පිටින් ඇයගේ නවාතැනට පැමිණෙන අක්මීමන හිමි එතැන් සිට සඳුදා නවාතැනෙන් පිට වී යන තුරු හැසිරෙන්නේ සිවුර ගලවා දමා සිවිල් ඇඳුම් ඇඳගෙනය. ඩෙනිම් කලිසම හා ටී ෂර්ට් එක ඒ හිමියන්ගේ කැමතිම ඇඳුම වේ. ඒවා ඇඳ පැළඳ ගෙන කැප් තොප්පියක් දමා අත් ඔරලෝසුවක් බැඳ හාමුදුරු කෙනෙක් ලෙස හඳුනා ගත නොහැකි සේ සැරසී ස්වර්ණා කුමාරි සමඟ අත්වැල් බැඳ ගෙන බත්තරමුල්ල දියත උයනේ විනෝදවීම ඒ හිමිගේ ප‍්‍රියතම අංග ලක්ෂණය වේ. අවසානයේ දෙදෙනාට දෙදෙනා නැතිවම බැරි වන තත්වයක් උදා විය. ඔවුන් දෙදෙනාගේ ආදර රංගනය වසර දෙකක් පමණ ඉදිරියට ඇදිනි. ඒ වන විට ස්වර්ණා කුමාරිගේ කුසට අක්මීමන හිමි වෙනුවෙන් දරු පැටියෙක්ද කුස පිළිසිඳ ගෙන තිබිණි. එම නිසා ‘‘සිවුර හැර දා ඉක්මනින්ම විවාහ වෙමු’’ යනුවෙන් ස්වර්ණා කුමාරි අක්මීමන හිමිට දිගින් දිගටම ප‍්‍රකාශ කරන්නට වූවාය. එහෙත් එයට ඒ හිමියන්ගේ එතරම් ලොකු ප‍්‍රතිචාරයක් ලැබුණේ නැත. ඒ වන විට ඒ හිමියෝ ඉම¥ව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක ලෙස ක‍්‍රියා කළ බැවින් සිවුර හැර ගියොත් සිවිල් ඇඳුම් ඇඳගෙන ආපසු රැුකියාවට යාමට අපහසු බැවින් ඉම¥වෙන් කොළඹට මාරුවක් හදා ගෙන සිවුර හැර විවාහ වීමට අක්මීමන හිමි ඇයට යෝජනා කර ඇත. එයට ඇයද එකඟ වී තිබේ.

ඒ අනුව තිඹිරිගස්යාය හා කැස්බෑව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල බෞද්ධ කටයුතු සමාජයෝජක තනතුර පුරප්පාඩු වී ඇති බැවින් එම ස්ථාන දෙකෙන් එක් ස්ථානයකට මාරුවක් ලබා දෙන ලෙස අක්මීමන හිමි ඉම¥ව ප‍්‍රාදේශීය ලේකම්ගෙන් ලිඛිත ඉල්ලීමක්ද කර ඇත. එම කරුණු කාරණා එසේ වුවද ස්වර්ණා කුමාරිගේ කුසට දස මස සපිරී අක්මීමන හිමිට දාව පිළිසිඳ ගත් පුංචි දරු පැටියා 2012 ජූලි 02 දින හෝමාගම මූලික රෝහලේදී මෙලොව එළිය දුටුවේය. එම දරුවාගේ උප්පැන්නයේ අංකය 9664ය. එම දරුවාගේ පියා ලෙස අක්මීමන වාංගීෂ හිමිගේ ගිහි නම වූ නාගොඩ ගමගේ රංජිත් ලසන්ත ලෙස සඳහන් වේ. 1977 මැයි මස 02 වන දින ගාල්ල, මහමෝදර රෝහලේ අක්මීමන හිමි ඉපදී ඇති බව 9929 අංක දරන උප්පැන්න සහතිකය ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයෙන් පරීක්ෂා කිරීමේදී තහවුරු විය. බෞද්ධ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේඛන පරීක්ෂා කිරීමේදී අක්මීමන හිමිගේ උපසම්පදා අංකය 35744 ලෙස සඳහන් වී තිබිණි. එම හිමියන්ගේ අනන්‍යතාව තවදුරටත් තහවුරු කර ගැනීම උදෙසා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලේඛන පරීක්ෂා කිරීමේදී හැඳුනුම්පත් අංකය 771231403ඪ ලෙසද විදේශ ගමන් බලපත‍්‍ර අංකය භ3598201 ලෙසද සඳහන් වී තිබිණි.

හෝමාගම මූලික රෝහලේදී දරුවා ඉපදී මාස දෙකකට පමණ පසු එනම්, 2012 සැප්තැම්බර් මස 28 දින අක්මීමන හිමි සිවුර හැර දා පැමිණ සිවිල් ඇඳුමෙන් සැරසී ස්වර්ණා කුමාරි සමග හෝමාගම විවාහ ලේකම් කාර්යාලයේදී විවාහ ගිවිස ගෙන ඇත. එයට අක්මීමන හිමි වෙනුවෙන් සාක්ෂි ලෙස අත්සන් කර ඇත්තේ හෝමාගම, ප‍්‍රගති මාවතේ අංක 230/1 ස්ථානයේ පදිංචි නීතිඥ ජයවර්ධන කංකානමලාගේ දොන් පද්මසිරිය. ස්වර්ණා කුමාරි වෙනුවෙන් අතුරුගිරිය සදාසිරිපුර අංක 217/බී ස්ථානයේ ව්‍යාපාරික කටයුතු කරන උස්වත්ත ලියනගේ දුමුදු මාධව සිල්වා අත්සන් කර ඇත. 742682064ඪ අංක දරන ජාතික හැඳුනුම්පත හිමි ඔහු හෝමාගම, කටුවාන පාරේ පළමුවැනි පටු මගේ අංග 65/29 නිවසේ පදිංචි අයෙකි.

හෝමාගම දුම්රියපොළ පාරේ පළමු වැනි පටු මගේ අංක 47/12/බී දරන ස්ථානයේ සිටින හෝමාගම විවාහ රෙජිස්ට‍්‍රාර් නීල් කාරියවසම් ඉදිරියේ විවාහ වී ඇති පූජ්‍ය අක්මීමන වාංගීෂ හිමි හා ස්වර්ණා කුමාරි නමැති චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය නිළියගේ විවාහය ලියාපදිංචි කළ පිටපත් ලේඛන අංකය 8882 ලෙස සඳහන්ය. ගාල්ල වංචාවල බෝ සෙවන අසපුවේ වැඩ වාසය කරන ශාස්ත‍්‍රවේදී පූජ්‍ය අක්මීමන වාංගීෂ හිමි විවාහ ලියාපදිංචියට ලබා දී ඇත්තේ මාලඹේ තලාහේන උතුර, පන්සල පාරේ අංක 254/1 අංක දරන නිවසේ පදිංචි වී සිටින අයකු බවටය. විවාහ ලේඛනවලට අනුව අක්මීමන හිමිගේ වයස අවුරුදු 35කි. ස්වර්ණා කුමාරි ඊට වඩා වසර දෙකකින් වැඩිමල්ය. එනම් ඇයට වයස අවුරුදු 37කි.

සිවුර හැර දා පැමිණ විවාහ ගිවිස ගත් අක්මීමන හිමි යළිත් ටික දිනකට පසු සිවුර දමා ගෙන අතුරු ගිරියේ සිට පැමිණ ගාල්ල වංචාවල බෝ සෙවණ අසපුවේ වැඩ වාසය කරන්නට වූහ. මේ හේතු කොට ගෙන ස්වර්ණා කුමාරි හා අක්මීමන හිමි අතර මත ගැටුම්ද ඇති විය. ‘‘ඔයා මා බැන්දේ සිවුර හැර දා නේද? ඇයි ඔයා ආයෙත් සිවුර දා ගෙන මාවත් දරුවාවත් තනි කර දමා පන්සලට වෙලා ඉන්නේ?’’ යනුවෙන් ස්වර්ණා කුමාරි ප‍්‍රශ්න කරන විට, ‘‘ඔයා කලබල වෙන්න එපා. මම සිවුර හැර දාලා ඔයා ළඟට එනවා. ඒක එක පාරටම දැන් එහෙම ආවොත් මගේ රස්සාව නැති වෙන්න පුළුවන්. ඊටත් සිවුරේ හිටපු මම කොහොමද එක පාරටම සිවුර ගලවලා සිවිල් ඇඳුම් ඇඳගෙන ආයෙත් ඉම¥ව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩට යන්නේ. ඒක නිසා ඔයා බය වෙන්න එපා. මම සිවුරේ ඉඳගෙන හෙමින් සීරුවේ කොළඹට මාරුවක් හදා ගෙන ඊට පසු සිවුර ගලවලා ඔයාත් දරුවත් එක්ක දිගටම ඉන්නවා. යනුවෙන් අක්මීමන හිමි දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරදීමත් සමග ඊට සිය එකඟතාව දක්වමින් නිහඬවීමට ස්වර්ණා කුමාරි පියවර ගත්තාය.

එසේම පෙර පරිදිම අක්මීමන හිමි ගාල්ලේ සිට අතුරුගිරිය නිවසට සතියකට වරක් දෙවරක් පැමිණ දරුවාගේ හා ස්වර්ණාගේ සැප දුක් සොයා බැලීමට අමතක කළේ නැත. සිවුරෙන් රාත‍්‍රී කාලයේ අතුරුගිරියට පැමිණෙන හිමි එහි ගෙවන කාලය තුළ සිවිල් ඇඳුමෙන් සිටිනු ඇත. මෙලෙස කාලය ගත කරමින් සිටින අතර තුර අක්මීමන හිමිගේ දුරකථනයට අසාමාන්‍ය ඇමතුම් කිහිපයක් ලැබී ඇත. ස්වර්ණාට හැෙඟන ආකාරයට එම ඇමතුම් ලබාදී ඇත්තේ කාන්තාවකි. ඒ ගැන විමසිල්ලෙන් පසු වූ ඇයට දිනක් එසේ ලැබුණු ඇමතුමකින් අක්මීමන හිමිට එම කාන්තාව නොසෑහෙන ලෙස බැණ වදින බවට දුරකථන ශබ්ද හඬවලින්ගම්‍ය විය. ‘‘තෝ මාව දාලා ඇවිත් දැන් මොන ගෑනිත් එක්කද දී කන්නේ?’’ යනුවෙන් ඉන් කියැවී ඇත. ඉන් දැඩි ලෙස අවුල් වියවුල් වී ඇති ස්වර්ණා එම ඇමතුම පිළිබඳව අක්මීමන හිමිගෙන් ප‍්‍රශ්න කරන්නට වූවාය. එහෙත් එයට ඒ හිමියෝ නිසි පිළිතුරක් ලබාදී නැත. මේ නිසා දෙදෙනා අතර රණ්ඩු සරුවල්ද සිදු වී තිබේ. කෙසේ වෙතත් ඉන් සති කිහිපයකට පසු ස්වර්ණාව සොයා ගෙන අතුරුගිරිය නවාතැනට කාන්තාවක් පැමිණ ඇත. ඇය අක්මීමන හිමි වැඩ වාසය කරන ගාල්ල, වංචාවල බෝ සෙවණ අසපුව විහාරස්ථානය අසල පදිංචිව සිටින ‘මාලූ රංජිත්’ නමින් ප‍්‍රචලිත පුද්ගලයකුගේ බිරිඳකි. ඇය ආචාර ඕවිටගේ රමණීය. ඇය පැමිණ ස්වර්නාට කී කතාවලින් ඇයද දැඩි විස්මයට පත් වී තිබේ. ඉන් ප‍්‍රකාශ වී ඇත්තේ රමණී ද ස්වර්ණා මෙන් අක්මීමන හිමිගේ අනියම් බිරිඳක් බවය.

එම ප‍්‍රශ්නය ඉස්මතු වීමත් සමග ස්වර්ණා කුමාරි අක්මීමන හිමියන්ගෙන් ඒ ගැන විමසන්නට වූවාය. එහෙත් ඒ හිමියෝ ප‍්‍රකාශ කර ඇත්තේ රමණී කියන්නේ අමූලික බොරුවක් බවය. එහෙත් ඇයට එලෙස බොරු කීමට කිසිදු අවශ්‍යතාවක් තිබී නැත. සැබැවින්ම ස්වර්ණා සේ රමණීද අක්මීමන හිමි තබා ගෙන සිටින කාන්තාවකි. ඒ නිසා ප‍්‍රශ්නය උග‍්‍ර වී දිනක් අක්මීමන හිමි ස්වර්ණාව හා දරුවාව අතහැර දමා අතුරුගිරිය නිවසින් පිටවී යළිත් ගාල්ල වංචාවල විහාරස්ථානයට පැමිණ ඇත. එතැන් සිට එම හිමි දරුවා හා ස්වර්ණා ගැන කිසිදු සොයා බැලීමක් කර නැත. ඒ හිමියන් හමුවීමට ස්වර්ණා දරුවා සමග කීප අවස්ථාවකම විහාරස්ථානයට ගියද ඒ හිමියෝ ඇයවත් දරුවාවත් මඟ හැර ගොස් ඇත.

ප‍්‍රශ්නය එන්න එන්නම උග‍්‍ර වීමත් සමගම ස්වර්ණාගෙන් හා රමණීගෙන් බේරුමක් නැති බව තේරුම් ගත් අක්මීමන වාංගීෂ හිමි තමා රාජකාරි කරමින් සිටි ගාල්ල ඉම¥ව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෙමින් සීරුවේ මාරුවක් හදා ගෙන බදුල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් දැන් එහි බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක තනතුර දරනු ඇත. කාන්තාවන් දෙදෙනක් හා දරුවෙක් අනාථ කර දැන් මේ හිමියෝ බෞද්ධ ශාසනයේ නාමයෙන් කසාවතට මුවා වී බදුල්ලට වී යෙහෙන් වැජඹෙනු ඇත.

මෙය බෞද්ධ ශාසනයට කරන මහා අවනම්බුවකි. අප උතුම් වූ බුදු රජාණන් වහන්සේගේ නිර්මළ වූබුදු දහමට කරන අපහාසයකි. සමාජයේ උන්නතිය වෙනුවෙන් පෙනී සිටිය යුතු හිමිනමක් සමාජයට වින කරන අනිසි ක‍්‍රියාදාමයක නියැළී තවදුරටත් එවැනි ක‍්‍රියා සිදු කරමින් මෙලෙස සිවුරක් දමා ගෙන තවදුරටත් ඒ තුජ වැජඹීමට ඉඩ දිය හැකිද? එබැවින් උතුම් වූ බුද්ධ ශාසනයේ නාමයෙන් මෙවැනි හිමිවරු ශාසනයෙන් ඉවත් කර ශාසනයේ නිර්මල බව රැුක ගැනීම උසො බෞද්ධ කටයුත\ු පවිළිබඳ කොමසාරිස්වරයා හා මහ නායක හිමිවරු පියවර ගන්නේ නම් එය උතුම් ක‍්‍රියාවක් බව බුද්ධ ශාසනය කෙරෙහි මා හැඟි භක්තියෙන් ක‍්‍රියා කරන එකම ප‍්‍රාර්ථනය වනු ඇත.
1667 Visits

——–

 

 

contactus-n