Hadson

2017-09-02 11:05:09 | ethalayaTv.com


ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති හඞ්සන් සමරසිංහගේ පුත් ඔසඳ සමරසිංහ කියන කතාවක් ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති හඞ්සන් සමරසිංහගේ පුත් ඔසඳ සමරසිංහ කියන කතාවක්
හඞ්සන් සමරසිංහ මගේ තාත්තා කියලා කියන්නත් ලැජ්ජයි. මටයි අම්මටයි කන්න බොන්න ටිකවත් දෙන්නේ නෑ... ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති හඞ්සන් සමරසිංහගේ පුත් ඔසඳ සමරසිංහ කියන කතාවක් තම පියාණන් ජීවත්ව සිටියදී පිය සෙනෙහස අහිමි වූ දරුවකුගේ යටිසිතේ කැකෑරෙන වේදනාව වචනවලට පෙරලෙන විට එහි කටුක බව පමණක් නොව තිත්ත රසය ගැනද ලෝකයට වැටහෙනු ඇත. තමන්ගේම ලෙයින් උපන් දරුවාට ආදරය සෙනෙහස නොදුන් මේ පියා මුළු ලෝකයාම හඳුනති. ධර්මාධිපතියකු මෙන් ඔහුගේ මුවින් උදේ හවා රැුව් පිළිරැුව් දෙන්නේ හරවත් කතන්දරය. පවුල් සංස්ථාවේ සමගිය ගැන නිතර නිතර ලෝකයා දැනුවත් කළ ඔහු ලෝකයට පරකාසේ ගෙදරට මරගාතේ යනුවෙන් තම පවුලට කළේ කෙණෙහිලිකම්ය. උදේ හවා බිරිඳගේ දෙනෙතට දුන්නේ සතුට නොව කඳුළය. තම එකම පුතනුවන්ගේ ළමා කාලය උදුරා ගත්තේ හිත් පිත් නොමැති පියකු ලෙසය. එවැනි පියෙකු පිළිබඳව ඔහුගේම ලෙයින් උපන් දරුවාගේ මුවින් පිට වන්නේ කෝපය, ද්වේෂය පමණක් නොව කටුක වේදනාවක මොරගෙඩි වන් කඳුළු කැටය. ඔහු ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති හඞ්සන් සමරසිංහගේ පුතනුවන් ඔසඳ සමරසිංහය.

මම මුලින්ම කියන්න කැමතියි හඞ්සන් සමරසිංහ මගේ තාත්තා කියලා කියන්න මම ලැජ්ජා වෙනවා. ඇත්තටම මම ලැජ්ජා වෙනවා. මොකද මගේ අම්මට බොරු කියලා අම්මාව රවට්ටාගෙන තමයි කසාද බැඳගෙන තිබුණේ. මම මේ කතාව කියවගෙන යන කොට ඔයාලාට ඇත්ත නැත්ත තේරෙයි. අහන්න මගේ කතාව.

මගේ අම්මා වාදසිංහ ලියනරත්නගේ තිලකා. පදිංචිය මාතර. හඞ්සන් සමරසිංහ කියන පුද්ගලයා මාතර යනවා. කොහොම හරි මගේ අම්මාව දැන හඳුනා ගන්නවා. අම්මාත් මේ පුද්ගලයාගේ කතාබහට රැුවටෙනවා. කොටින්ම අම්මාගේ කකුල් දෙක ළඟ වැඳ වැටිලා කියනවා, මට කාත් කවුරුවත්ම නෑ මට පිහිට වෙන්න කියලා. මගේ අම්මාගේ හදවත හරිම හොඳයි. අම්මා හඞ්සන් සමරසිංහ කියන පුද්ගලයාගේ කතා බහට රැුවටිලා නීති පොතේ අත්සන් කරලා විවාහ වෙනවා. විවාහ වෙලා මේ දෙන්නා කොළඹට එනවා. කොළඹට ඇවිල්ලා තලවතුගොඩ කුළියට ගෙයක් අරන් පදිංචි වෙනවා. කොහොම හරි මම කුසට ආවට පස්සේ තමයි මගේ අම්මා දැන ගන්නේ හඞ්සන් සමරසිංහ කියන පුද්ගලයා කසාද බැඳපු පුද්ගලයෙක් කියලා හිටපු රූපවාහිනී සභාපති සුනිල් සරත් පෙරේරාගේ එක කුස උපන් නංගී මීමනගේ පද්මිණී පෙරේරා තමයි කසාද බැඳලා හිටියේ. ¥වරු දෙන්නෙකුත් ඉන්නවා. මගේ අම්මාට එදා මේ ආරංචිය දැන ගත්තාට පස්සේ මොන තරම් වේදනාවක් දැනෙන්නට ඇත්ද? ඒත් මගේ අම්මා මං වෙනුවෙන් ඉවසගෙන ජීවත් වුණා. මාව හම්බ වෙන්න ඉද්දී තමයි හඞ්සන් සමරසිංහට ජර්මනියට යන්න අවස්ථාව උදා වුණේ. ජර්මනියේ අවුරුදු පහක් හිටියා.

කොහොම හරි ලංකාවට ආවාට පස්සේ නැවත පද්මිණී ළඟට ගියා. ඒ දරුවො දෙන්නාට ආදරය සෙනෙහස නොඅඩුව දුන්නා. තාත්තාගේ ආදරය, සෙනෙහස ලබන්න මගෙත් කෑදරකමක් තිබුණා. නමුත් තාත්තා මට ආදරේ කළේ නෑ. පද්මිණී ළඟට ගිහින් ටික දවසක් ඉඳලා ආයෙත් අම්මාව හොයා ගෙන එනවා. මගේ අම්මා ආදරයටද, බයටද මන්දා එන එන සැරේට එයාව පිළිගන්නවා.

සමහරදාට එන්නේ මහ ?ට. එනකොට හරක් මසුයි, ඌරු මසුයි අරන් එනවා. එක ජාතියක් බැදලාත්, එක ජාතියක් උයලාත් දෙන්න ඕන. මගේ අම්මා ඉතින් බයිට් එකත් හදලා උයලාත් දෙනවා. මම එතකොට පොඩි එකා. අම්මා උයන අතරට මාව කඬේ අරිනවා. ඒ අරක්කුවලට කලවම් කරන්න සෝඩා ගේන්න. මමත් බයටද මන්දා කඬේට දුවනවා. එතකොට ඒ කඩවල්වල ඉන්න අය රහසින් වගේ කතා වෙනවා, ඔය අය රේඩි එකේ කෑ ගහන හඞ්ඩගෙ පුතා කියලා.

එක දවසක් ඒ කඬේ හිටපු කෙනෙක් කිව්වා, ලෝකෙට බණ කියනවා, තමන්ගේ දරුවා සැන්ඩි ගේන්න කඬේ එවනවා කියලා.මගේ අම්මාට අතින් පයින් පහර දෙනවා. බිව්වහම මාවවත් අම්මාවත් අඳුරන්නේ නෑ. හැමදාම එන කොට අරක්කු බෝතල් දෙකක්ම කිහිළි ගහගෙන එනවා. බෝතලයක්ම තනියම බොනවා. බිව්වට පස්සේ කියන දේවල් අහල පහළ අයටවත් අහගෙන ඉන්න බෑ. ඒත් මගේ අම්මා පහුවදා ආවමත් අර විදියටම උයලා හදලා දෙනවා. පද්මිණී එක්ක රණ්ඩු උනාම අම්මාව හොයාගෙන දුවගෙන එනවා. කොහොම වුණත් එයා ආදරේ කළේ පද්මිණීටයි ඒ දරුවො දෙන්නටයි විතරයි. මමයි අම්මයි එයාගේ වාහනේක රෝදයක් වගේ තමයි.

අම්මයි මායි බඩගින්නේ හිටපු වාර අනන්තයි. අප‍්‍රමාණයි. අම්මාගේ ලොකු මල්ලි අපිට උදව් කළා. ඒත් ඉතිං හැමදාම කාටවත් උදව් කරන්න පුළුවන්කමක් නැහැ. අපි හිටියේ, කුලියට. කුලිය ගෙවා ගන්න අමාරුයි. අම්මා ඉස්සර වෙලා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ වැඩ කලා. ඒ වුණාට ගෙවල් කුළිය දෙන කොට ජීවත් වෙන්න අමාරුයි. තලවතුගොඩ, කිරුළපන, පිටකෝට්ටේ අපි කුළියට හිිටියා. අපි දෙන්නා නොවිඳිනා දුක් වින්දා. අම්මා, වතුර බීලා හිපු දවස් තිබුණා. එහෙම දුක් විඳලා අම්මා කොහොම හරි මට ඉගැන්නුවා. මම ඉසිපතන මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. මම නාරාහේන්පිට ඇපලෝ රෝහලේ සේවය කළා. ක‍්‍රීඩා අමාත්‍යාංශයේ භෞතචිකිත්සක වශයෙන් සේවය කළා. පද්මිණීගේ නෑදෑයෝ මට යන යන තැන කරදර කළා. ඒ නිසා රැුකියාවල්වලින් ඉවත් වෙන්න සිදු වුණා.

තාත්තා එයාගේ අනෙක් බිරිඳගේ ¥වරු දෙන්නාට සැලකුවා. මට කුඩම්මාගේ සැලකිලි තමයි හැමදාම තිබුණේ. මම අඬපු වාර අනන්තයි. මමත් ආසයි ඒ දවස්වල අම්මයි, තාත්තයි එක්ක ලස්සනට පාරේ බැහැලා ගමනක් බිමනක් යන්න. ඒත් ඒ වෙනුවට මම හැමදාම දැක්කේ බීලා, බීලා අම්මාට ගහලා බැනලා කෑ ගහන අසත්පුරුෂ තාත්තා කෙනෙක්. වෙරි වුණාට පස්සේ එයා කරපු අපරාධ එහෙම එකින් එකට කියවනවා. මම තමයි අරූට වැඬේ දුන්නේ, මම තමයි මූට වැඬේ දුන්නේ. මම ඉතින් ඒවා අහගෙන මුල්ලකට වෙලා ඉන්නවා. ඒ වගේ කාලකන්නි ජීවිතයක් තමයි මමයි අම්මයි ගත කළේ.

හඞ්සන් සමරසිංහගේ ගම නුවර, පේරාදෙණිය. එයාගේ අම්මා, ඒ කිව්වේ මගේ ආච්චි අම්මා මහරගම මඩමකට දාලා හිටියේ. මෙන්න බොලේ ආච්චි අම්මා මඩමේ මැරුණට පස්සේ හඞ්සන් සමරසිංහ ආච්චි අම්මගෙ මළ කඳ අරන් පද්මිණීගේ ගෙදර ගියා. ලෝකයටම පේන්න මළ ගමේ උත්සවය අරගත්තා. එතකොට රටේ නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා. මහින්ද මහත්තයාත් මළ ගෙදර ගියා. රාජ්‍ය නායකයන්ට පේන්න, ලෝකෙට පේන්න අම්මාගේ මළ කඳ ගෙදර අරන් ගියාට මඩමට බලන්න ගියේවත් නෑ. ඔන්න හඞ්සන් සමරසිංහගේ වැඩ. ඕවා විතරක් නෙවෙයි, තව හුඟක් දේවල් තියෙනවා. මම ඒවා ඕන තැනක කියන්න ලෑස්තියි.

මේ වෙන කොට මගේ අම්මා නඩුදාලා තියෙන්නේ, හඞ්සන් සමරසිංහ කියන වංචාකාරයාට. ඒක බහු විවාහක නඩුවක්. නඩුව තාම විභාග වෙමින් තියෙනවා. මගේ අම්මාත් මාත් මේ වන කොට පිළියන්දල, මාවිත්තර පොඩි ගෙදරක කුළියට පදිංචි වෙලා ඉන්නවා. අම්මාගේ මල්ලි, ලොකුමාමා අපට පුළුවන් හැටියට උදව් උපකාර කරනවා.

2015 ජනාධිපතිවරණයේදී ශාන් වික‍්‍රමසිංහ මහත්තයා සමග මුළු රටටම ඇහෙන්න මම රට යන අත වැඩසටහන ඉසිර ගුවන් විදුලියෙන් ඔසඳ සමසිංහ නමින් ඉදිරිපත් කළා. ඒක පුරා වසරක් පවත්වාගෙන ගියා. මගේ හඬට මිනිස්සු හුඟක් කැමති වුණා. ඒක ගොඩක් ජනප‍්‍රිය වුණා. මම රංගනයටද සම්බන්ධයි. වැඩ බැරි ටාසන්, ජය පිට ජය, ඉදිරියට එන චිත‍්‍රපටයක් වන රන්සයුර, ජයසේකර අපොන්සුගෙ තරු සොබා වැනි චිත‍්‍රපට කිහිපයකම රඟ පාලා තියෙනවා. සඳ නුඹ නම්, සඳ සාක්කි වැනි ටෙලිනාට්‍යවලටත් මම දායක වෙලා තියෙනවා. සංගීත භාණ්ඩ වාදනය කිරීමටත් ගීත ගායනයටත් හැකියාවක් තිබෙනවා. ඒ වගේම 2010 ලක්හඬ පිහිණුම් තරගයෙන් රිදී පදක්කමකුත් ලබා ගත්තා.

මම හිත හොඳ අවංක කොල්ලෙක්. බොහොම දැහැමෙන් ජීවත් වෙන මාසයකට වතාවක් අටපිරිකර පූජා කරන හොඳ බෞද්ධයෙකි. මගේ අනාගත බලාපොරොත්තුව විදේශයකින් විවාහයක් කර ගෙන ඒ රටටම ගිහින් ජීවත් වෙන්න. මම හඞ්සන් සමරසිංහ වගේ වංචාකාරයෙක්, බොරු කාරයෙක් නෙවෙයි. මම හිත හොඳ අවංක කොල්ලෙක්.

කුමාරි ආරියරත්න....
1917 Visits

——–

 

 

contactus-n