Dimba

2017-08-31 22:04:50 | ethalayaTv.com


ඩිම්භානු ක‍්‍රමවත් වී දරු ගැබක් හටගැනීමේ ප‍්‍රවණතාවය ඩිම්භානු ක‍්‍රමවත් වී දරු ගැබක් හටගැනීමේ ප‍්‍රවණතාවය
දරුඵල අහිමිවීමේ විවිධ හේතු ගණනාවකි. විවිධ ශාරීරික හා මානසික තත්ත්වයන්ගේ බලපෑම නිසා ශරීරය අතිශයින්ම දුර්වල වීම නිසරු ඩිම්භානුවක් ඇතිවීමට ප‍්‍රමුඛ සාධකය වන්නේය. ශරීරය දුර්වල වීමට ආහාර රටාව, රක්ත ප‍්‍රදරය ශ්වේදත ප‍්‍රදරය, මාස් ශුද්ධියේ අක‍්‍රමවත් බව අධික ලෙස ශ‍්‍රමය වැය කිරීම හා එයට ගැලපෙන ලෙස පෝෂණය නොලැබීම වැනි විවිධ හේතු ශරීරය දුර්වල වීමට බලපායි. ශරීරය දුර්වල වූ විට අධික කෝපය වික්ෂිප්ත භාවය ඇතිවේ. නිතර කණගාටුව, ශෝකය අනුන්ට ප‍්‍රකාශ කිරීම සිදුවෙයි. මෙවැනි අය සමාජයේ බහුලව ඇත. මෙම දුර්වලතාවලට පොදුවේ කරන චිකිත්සා පද්ධතියක් ඉදිරිපත් කරමි. මෙකී දුර්වලතාවයට අමතරව අතිශය සංකීර්ණ ගණනාවකි. ගර්භාෂයේ ආසාදන, පැලෝපීය නාලයේ ගැටලූ, ඩිම්බ කෝෂවල දුර්වලතා ආදියයි. එම රෝග තත්ත්වයන්ට පොදු ප‍්‍රතිකාර යෝග්‍ය නොවේ. එකී රෝග ඇති අයගේ ශාරීරික තත්ත්වයන් සුවිශේෂ ලෙස නිරීක්ෂණය හා පරීක්ෂාවට භාජනය කර ප‍්‍රතිකාර කළ යුතුය. එකී රෝග තත්ත්වයන් ඇති චිකිත්සා විධි සැළකිය යුතු සංකීර්ණ තත්ත්වයන් වේ. විවිධ හේතු නිසා ශරීරය දුර්වල වූ කාන්තාවන්ගේ මාංශපේශී, නහර, ස්නායු ශක්තිමත් කරන පොදු ඖෂධ ඇත. ලේ අඩුනම් ලේ අවශ්‍ය ප‍්‍රමාණය වර්ධනය කළ හැක. ශ්වේද ප‍්‍රදරය, රක්ත ප‍්‍රදරය හා අක‍්‍රමවත් මාස් ශුද්ධිය නිසාද කාන්තාවන් දුර්වල වේ. විවිධ හේතු ගණනාවක් නිසා මෙසේ දරුඵල හිමි වීම ප‍්‍රවණතාවය අධිකය. මෙම පොදු චිකිත්සා පංතිය මාස 6ක් පමණ ගත යුතුය. මෙම රෝගී තත්ත්වයට නිෂ්පාදිත බේත් බීමට පෙර කසාය බීම කළ යුතුවේ. එම කසාය බීමෙන් පසු ඉදිරියේදී නියමිත බේත් වර්ග හොඳින් ශරීරය තුළ කි‍්‍රියා කරයි. ඇහැල පොතු, බෙලි මුල්, මුරුංගා මුල, ඉඟුරු, කලාදුරු අල, හීං අරත්ත, කලං බැගින් හැල 6- වේලයි. කෝප්ප 2 බැගින් කෝප්ප 6 කෝප්ප 2ට සිදුවා උදේ සවස කෝප්ප 1 බැගින් සහිඳ ලූණු තේ හැඳි කාලක් (ස්වල්පයක්* දමා බීම දින 6යි. (2* රසකිඳ, හාතවාරිය, ඉරමුසු, වැල්මී, නෙළුම් අල, ඉගුරු කලං 2 බැගින් වඩි 6 දොලොස් වේලයි. වතුර කෝප්ප 6 ක් කෝප්ප 2 ට සිඳුවා කෝප්ප 1 බැගින් උදේ සවස කෑමට පසු 1 ග්ලූකෝස් මේස හැඳි 1 දමා බීම. (3* රසකිඳ, බින්නල් අල, හාතවාරිය අල, ඉර මුල්, සැවැන්දරා, අරත්ත අල කලං 2 වතුර කෝප්ප 6 කෝප්ප 2ට සිදුවා උදේ හවස හැලි 12 ක් (දින 12ක්* කෑමට පසු ග්ලූකෝස් මේස හැඳි 1 දමා බීම. (4* හාතවාරිය අල, අමුක්කරා, ගොකටු, කපුකින්ස, මානෙල් අල, වියලි ඉඟුරු කලං 2 බැගින් හැලි 12 (දින 12 වතුර කෝප්ප 1 බැගින් උදේ සවස කෑමට පසු ග්ලූකෝස් මේස හැඳි 1 දමා බීම. (5* ඉහත බෙහෙත් බීමෙන් පසු ශරීරවල ති‍්‍රදේාෂ සමතුළිත වේ. ආහාර ජීර්ණ ඉන්දාිය පද්ධතිය සක‍්‍රිය වී පෙනහලූ වල ඇති අහිතකර සෙම (විනාශ වූ සුදු ප‍්‍රතිදේහ* ඉවත් වී ගතසිත ප‍්‍රබෝධ ජනක තත්ත්වයක් ඇති කරයි. එමෙන්ම වාජිකරණ, රසායන ඖෂධ හිතකර ලෙස ශරීරයට අවශෝෂණය කර ගැනීමටද ශාරීරික අභ්‍යන්තර ඉන්ද්‍රිිය පද්ධතිය සකස් වෙයි. මෙම නිෂ්පාදිත බෙහෙත් නියමිත ප‍්‍රමිතියට නිෂ්පාදනය කරන වෛද්‍යවරු හා නිෂ්පාදන සමාගම් වලින් බෙහෙත් ගැනීම ගැන සැළකිලිමත් විය යුතුය. න්‍චන ප‍්‍රසව ලේහය(මාසයකට ප‍්‍රමාණවත් බේත් ග‍්‍රෑම් ගණන ගත යුතුය. මෙය උදේ සවස රාත‍්‍රී නෙල්ලි ගෙඩියක ප‍්‍රමාණය කිරි සමග හෝ බෙලි මල් තැම්බු වතුර සමග දින පතා මාසයක් බීම x ආශෝක අරිශ්ඨය කෑමට පෙර මේස හැදි 2 බැගින් තුන් වේලක් දිනකට x හිසට දැමීමට නිර්ගුංඩාදී තෛලය තේ හැදි භාගයයි පමණ දිනපතා කොඳු ඇට පෙලෙහි ගෑම. (6* ධාත‍්‍රී මෝදක උදේ 9 හවස 4 රාත‍්‍රී 9 රණවරා මල් තැම්ඹු වතුරෙන් නෙල්ලි ගෙඩියක ප‍්‍රමාණය. x මුස්ණකාරිෂ්ඨය කෑමට පෙර මේස හැඳි උදේ දවල් රාත‍්‍රී. x නිර්ගුංඩාදි තෛලය මාසයක් පමණ හිසට කොඳු ඇට පෙළෙහි තේ හැඳි භාගයක් ගෑම මෙම බෙහෙත් නොකඩවා මාසයක් පමණ. (7* ලෝද්‍ර රසායන - නෙල්ලි ගෙඩියක ප‍්‍රමාණය බෙලිමල් කොත්තමල්ලි තැම්බු වතුරෙන් බීම උදේ සවස රාත‍්‍රී. x පිප්පල්යාසවය කෑමට පෙර මේස හැඳි 2යි. x චන්ද්‍ර කාන්ති තෛලය හිසට තේ හැඳි භාගයයි. මෙම බෙහෙත් මාසයයි. (8* වර්ණක රසායනය උදේ 9 සවස 4 රාත‍්‍රී 9ට නෙල්ලි, රසකිඳ තැම්බු වතුරෙන් බීම. දින 15 යි. හිසට තෙල් දැමීම. (9* ප‍්‍රමේභ ගජාකුශය උදේ 9 සවස 4 රාත‍්‍රී 9 නෙල්ලි ගෙඩියක ප‍්‍රමාණය. x වන්ද්‍ර කාන්ති තෛලය හිසට ගෑම කොඳු ඇට පෙලේ තේ හැඳි 1 පමණ දිනපාතා ගෑම. x මෙම බේත් මාස 1 ක් පමණ ගැනීම. (10* වර්ණක රසායනය උදේ 9 සවස 4 රාත‍්‍රී 9ට නෙල්ලි, රසකිඳ, කොත්ත මල්ලි තැම්බු වතුරෙන් නෙල්ලි ගෙඩියක ප‍්‍රමාණය. මහාරෂ්නා ක්වාතය මේස හැඳි 2 බැගින් කෑමට පෙර දිනකට 3 වේලයි. කුමාරි පද්ම තෛල හිසට දැමීම තේ හැඳි භාගයයි. කොඳු ඇට පෙලෙහි ගෑම දිනපතා මාසයක් පමණ. ඉහත සඳහන් චිකිත්සාව මාස 6ක පමණ කාලයකින් නිම වේ. මෙම බෙහෙත් කඩින් කඩ බීමෙන් ප‍්‍රතිඵල ඇති නොවේ. අඛන්ඩව නියමිත පරිදි පාවිච්චි කළ යුතුය. මෙම කාලය තුළ අධික උෂ්ණ සහ අධික ශීත ආහාර පාන නොගත යුතුය. සමබල ආහාර ගැනීම වඩාත් හිතකරයි. දිනපතා කොළ කැඳ වර්ග විශේෂයි. සෑම කොළ කැඳ වර්ගයකටම සුදු ලූණු බික් කීපයක් හා ඉඟුරු අලයක් සිහින් වෙන්න අඹරා එම මුට්ටිය ලිපෙන් බෑමට පසු දැමිය යුතුය. මාසික වශයෙන් ශුභදායක සිතිවිලි සහ චින්තනයක් ඇති කරගැනීම ඉතාම හොඳයි. තමන් අදහන ආගමික වත් පිළිවෙත් පැය බාගයක් පමණ කිරීම හෝ තමන් කැමති සංගීතයකට පැයක් පමණ කන්දීමද ඉතා හිතකරය. අශුභවාදි සිතුවිලි වලට ප‍්‍රවේශ වීම හොඳ නැත. අඛණ්ඩ මෙම චිකිත්සා සම්පූර්ණ කළ විට ශරීරයේ ත‍්‍රිදේෂ සමතුළිත වේ. ඉන් පසු ආහාර රුචිය වැඩි වීමෙන් අවශ්‍ය ලේ ප‍්‍රමාණය නිපදවීමෙන් ලේ පිරිසිදු වීමත් ස්නායු, නහර පද්ධතිය හා මාංශපේෂි ශක්තිමත් සක‍්‍රිය බවට පරිවර්ථනය වීමත් ක‍්‍රමිකව සිදු වෙයි. එම ක‍්‍රියාවලිය සාපේක්ෂව අවශ්‍ය යෙන්ම ක‍්‍රියාත්මක විය යුතු ග‍්‍රන්ති සියල්ලම සක‍්‍රිය වෙයි. අක‍්‍රිව හෝ සාමාන්‍ය දුර්වලතාවයට භාජනය වී තිබු ඩිම්බ කෝෂ සක‍්‍රිය පවට පත් වී සරු (ශක්තීන්* ඩිම්බානු නිපදවීම ආරම්භවෙයි. ශරීරය අවශ්‍ය ලේ ප‍්‍රමාණය ලැබීමත් අභ්‍යන්තර බාහිර ඉන්ද්‍රිය පද්ධතිය සියල්ල නිසි ලෙසත් ශක්තිමත් ක‍්‍රියාත්මක වීම නිසා ප‍්‍රබෝධමත් බවක්ද ඇති වේ. නිතර ශෝකයෙන් කනගාටුවෙන් මැසිවිලි කියමින් සිටි තත්ත්වය අවම වේ. මෙම බෙහෙත් පංතිය නිමවීමෙන් පසු තමන්ගේ ආහාර රටාවේද සාමාන්‍ය වෙනසක් ඇතිකර ගැනීම අවශ්‍ය වේ. ධාන්‍ය වර්ග වැඩියෙන් අනුභව කළ යුතුය. පලා වර්ග වැඩි වශයෙන් ආහාරයට එක්කර ගැනීමත් මාලූ, හීංකරවල වර්ග නිතර ආහාරය සඳහා ගැනීමත් හොඳය. විෂ අඩු ගම්බදව ඇති එළවළු හොඳය. නිතර පලතුරු වර්ග ආහාරයට එක්කර ගැනීමත් අධික ලෙස රසකාරක, වර්ණක යෙ¥ ආහාර හා ජාන වෙනස් කරන ලද මස් හා පළතුරු වර්ග වලින් වැලකීමද අත්‍යාවශයෙන්ම පිළිපැදිය යුතුය. ශරීරය නිරෝගී හා ශක්තිමත් වූ විට ඩිම්බානු ක‍්‍රමත්ව වර්ධනය වී දරු ගැබක් හට ගැනීමේ ප‍්‍රවණතාවය වර්ධනය වේ.
1957 Visits

——–

 

 

contactus-n