Medicine

2017-08-31 21:59:46 | ethalayaTv.com


කාන්තා වඳභාවයට දේශීය පිළියම් කාන්තා වඳභාවයට දේශීය පිළියම්
අශ්ඨාංග ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක‍්‍රමයේ දරුඵල ඇති කර ගැනීමේ චිකිත්සා ක‍්‍රම විධි ගණනාවක් පෙන්වා දී ඇත. නිරෝගී ශරීරයක් හා යහපත් මානසික තත්වයක් පවත්වා ගැනීම හා එය ස්ථාපිත කර ගැනීමේ සංකීර්ණ චිකිස්සා ඇතුළත්ය. චිකිස්සා අතර උපදෙස්, අවවාද අනුශාසනා, මඟ පෙන්වීම්, මානසික සමබරතාවයට උපදෙස්, සෞඛ්‍ය සංරක්ෂණයට අවශ්‍ය චිකිස්සා සහ මඟ පෙන්වීම් ඇතුළත්ය. දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ විශේෂ සේවාවක් වශයෙන් මෙය හැදින්විය හැකිය. වර්තමාන සමාජයේ නව යෞවනයේ යුවතියන් හා කාන්තාවන් බාහිර අලංකාරයට හා ඔපයට අදාල කටයුතුවලට වැඩි සැලකිල්ලක් දක්වයි. එමෙන්ම අධිබල රසකාරක හා වර්ණක යෙදු අහිතකර ආහාරපාන වර්ග වලට හුරු පුරුදුව සිටීම මානසික හා ශාරිීරික නිරෝගිතාවය පවත්වා ගැනීමට අඩු සැලකිල්ලක් දක්වයි. කාන්තාවකගේ ගර්භාෂය තුළ කළලයක් බිහි වීමටත් එම කළලය නියමිත දින සති මාස වශයෙන් ආරක්ෂිතව වර්ධනය විය යුතුය. මෙය සඳහා මූලික හිතකර සාදක වන්නේ යහපත් වූ ශුභ දායක වූත් ශාරීරික හා මානසික නිරෝගිභාවය හා ශක්තියයි. යහපත් පවුල් පසුබිම, කාලගුණයේ හා දේශගුණයේ හා පිරිසිදු වතාශ‍්‍රයේ තත්වය, ආහාර රටාව චර්්‍යා හා පැවතුම්, සුවිශේෂ පිරිසිදු බව අනෙකුත් හිතකර සාදක වේ. දරුවකු ගර්භාෂය තුළ බිහි කිරීමට ශක්තිමත් අතිශය ප‍්‍රමාණවත් ඩිම්බානුවක් සහ ශුක‍්‍රණු පැවතිය යුතු වේ. ඩිම්බ කෝෂවල නිපදවෙන ඩිම්බානු පිටවී පැලෝපීය නාලවලට පැමිණීමෙන් ශුකාණුවක් සමග සංසේචනය වී කළලය බවට පරිවර්තනය වේ. මෙසේ කළලය සෑදුණු පස් ගර්භාෂය වෙත පැමිණීමත් නියමිත පරිදි දරු ගැබ වර්ධනයටත් ජනනේන්‍දය පද්ධතියේ සියලූ උප අංග ඉතා හිතකර සුවදායක ස්ථානයක් විය යුතුය. මෙසේ වුවත් ජන විකෘතිතා හා වෙනත් අහිතකර බාහිර සාදක නිසා විකෘති දරුවන් හා දරු ගැබ විනාශ වීමේ ඉඩ කඩ ද දැක්විය හැකිය. දරුඵල අහිමි වීම පිළිබඳව ඉතා සංකීර්ණ හා විශේෂ පරීක්ෂණ දැනට ඉතා පහසුවෙන් කරගත හැක. විවිධ තාක්ෂණික හා අධිතාක්ෂණික උපකරණ උපයෝගි කර ගනිමින් ඵලදායක හා නිවැරදි ලෙස මෙම ප‍්‍රතිඵල ලබා ගත හැක. දේශීය වෛද්‍ය ක‍්‍රමවලදී එකී චිකිත්ස්සා මගින් දරු ඵල අහිමි අයට දරුඵල ඇති කර ගන්නා අතිශය සාර්ථක ක‍්‍රම විධි ඇත. මේ සඳහා පාරම්පරික කටයුතු කරන වෛද්‍යවරු හා ආයුර්වේද වෛද්‍යවරු සිටිති. දරුඵල අහිමි වීමට කාන්තාවකගේ ශාරීරික හා මානසික විෂමතා ගණනාවක් තිබිය හැක. අපිරිසිදු රුධිරය අභ්‍යන්තර සියලූ ඉන්ද්‍රය පද්ධතිවල දුර්වලතා නිසා සමස්ත ශරීරයේ නහර, ස්නායු, මාංශ පේශි හා හෝමෝන නිපදවෙන ග‍්‍රන්ථින් දුර්වල වීමත් එම දුර්වලතාවලට සාපේක්ෂව අයහපත් මානසික තත්වයක් ඇති වීමත් දරුඵල අහිමි වීමට සෘජුව බලපායි. විෂබීජ ඇතුළු වීමෙන් වන දුබල ආසාදන තත්වයන්ද අතිෂ්‍ය අහිතකර වේ. ඩිම්භානු දුර්වල වීම, ඩිම්බ කෝෂවල විකෘතිතා, පැලෝපීය නාලයේ සංකීර්ණ ආසාධනයන්, ගර්භාෂයේ අතුළත හා පිටත ඇති වන විෂමතා, ගැබ්ගෙළ පිළිකා තත්වයන්, ගෙඩි හා වන වශයෙන් ආසාධනයන්ට ලක් වී තිබීම දරුඵල අහිමි වීමේ ප‍්‍රධාන හේතු වේ. එමෙන්ම විෂබීජ වර්ග ඇතුළු වී ඒවා ප‍්‍රවර්ධනය වෙමින් අභ්‍යන්තර උප ඉන්ද්‍රයන් සියල්ල ආසාධනයන්ට ලක් කරයි. ඩිම්බ කෝෂ පැලෝපීය නාල ගර්භාෂය යෝනි මාර්ගය ඉතා අහිතකර රෝගී තත්නයන්ට ලක් වේ. මෙසේ වෙන ආසාධනයන්ට පණු වර්ග හා පුස් වර්ග ද බල පැවැත්වෙයි. සමාජ රෝග වැළදුණු විටද දරුවන් හට නොගැනීම හෝ දරු ගැබක් හට ගන්නත් එය විනාශ වීම සිදු වීමේ ඉඩකඩ පවතී. තරුණ අවදියෙහි මැලේරියාව, ඩෙංගු, චිකන් ගුන්‍යා, සරම්ප වැනි රෝග කීපවතාවක් වැලදුන විටද දරුඵල අහිමි වීමේ ඉඩකඩ පවතී. ඉහත සඳහන් රෝග පීඩාවලට අමතරව ස්වේත ප‍්‍රදරය හා රක්ත ප‍්‍රදරය උත්සන්න තත්වයක පැවතීම නිසාද කාන්තාවකගේ ශාරීරික තත්වය මෙන්ම මානසික මට්ටමද අතිශය දුර්වල වේ. මෙම රෝග වලට ඉතා සාර්ථක ප‍්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ ඇත. සමහර කාන්තාවන්ගේ විකෘති (අස්වාභාවික* ලෙස බාහිර මෙන්ම අභ්‍යන්තර ඉන්ද්‍රය පද්ධතියක් ඇතිව උපත ලබයි. ගර්භාෂයේ ආසාධන ඩිම්බ කෝෂ හා පැලෝපීය නාලයේ දුර්වලතා නූතන සමාජයේ කාන්තාවන්ට බහුලව පවතී. ඩිම්භ කෝෂවල විකෘතිතාවය නිසාත් සමස්ත ශරීරයේ මන්ද පෝෂණ තත්වය නිසාත් දුර්වල ඩිම්භානු ඇතිවේ. ශරීරය ශක්තිමත් වූවත් මත් කුඩු හා සංකීර්ණ අහිතකර චර්යා රටා උරුම කර ගත් අයගේ ද දරුඵල වලට හානි සිදු වීමේ ප‍්‍රවණතාවය අධිකය. ස්ත‍්‍රියකගේ හෝමෝන නිපද වීමේ ක‍්‍රියාවලිය එම හෝමෝන නිපද වීමේ ක‍්‍රියාවලිය එම හෝමෝන වර්ගවල විෂමතා ද දරුඵල අහිමි වීමට හෝ දරු ගැබ විනාශ වීමට හේතු විය හැක. මාස් ශුද්ධියේ අක‍්‍රමවත් භාවයද අතිශය අහිතකර තත්වයකි. ඊස්ටජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝමෝනවල ඌණතාවය නිසා ඩිම්භානු නිපදවන ඩිම්බ කෝෂවල ක‍්‍රියාකාරීත්වය දුර්වල වේ. මෙම හෝමෝන අනවශ්‍ය ලෙස වැඩියෙන් නිපදවීමද අහිතකරය. දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක‍්‍රම අනුව ඉහත රෝග පීඩාවලට ඉතා හිතකර චිකිස්සා ඇත. මෙම චිකිස්සාවෙන් ආසාදනයේ ස්වභාවය අනුව වෙනස් වේ. ප‍්‍රතිකාර කාලසීමාවද එසේම වෙනස් වේ. ශාරීරික නිරෝගීභාවය මෙන්ම මානසික නිරෝගිතාවයද ඇති කිරීම ප‍්‍රමුඛ වේ. මේ සඳහා පළමුව ත‍්‍රිදෝෂ සම කිරීම, මානසික ශාරිීරික සප්ත ධාත ප‍්‍රවර්ධනය කිරීම, මානසික ශාරීරික ශක්තිය ස්ථාපිත කිරීම සිදු කරයි. මීට අමතරව බාහිර අභ්‍යන්තර විෂබීජ නිසා ඇති වන ආසාධන වලට ශෝදනය (ප‍්‍රතිජීවක යෙදු* කිරීම සිදු කරයි. එමෙන්ම ශුද්‍ර ජීවී විශේෂ හා පණු වර්ග ඉවත් කෙරේ. ඉහත රෝග වලට ප‍්‍රතිකාර කරන වෛද්‍යවරයා රෝගියාට ගතයුතු ආහාර හා පාන වර්ග නියම කරයි. දුර්වල මානසික තත්වය පාලනය වීමට උපදෙස් දෙයි. ත‍්‍රිදෝෂ සම කිරීමට සප්ත ධාතු වර්ධනයට ඒ ඒ රෝගී තත්වය අනුව කසාය වර්ග, (ආසව* අරිශ්ඨ, ගුලි, කල්ක, චූර්ත රසායන වර්ග, තෘණ වර්ග (වාෂ්පීකරණ* නියම කරයි. ආහාරය සඳහා විශේෂ කොළකැඳ මෙන්ම පළතුරු වර්ගද අධිබල පෝෂණය සහිත ධාන්‍ය වර්ග නියම කරයි. ශෝදනය(විෂබීජ ඉවත් කිරීමට* මල් වර්ග ගෙඩි කොළ පොතු මුල් තැම්බු දියර යොදයි. මේවා ප‍්‍රබල ප‍්‍රතිජීවක තත්වය ඇති ඖෂධ චිකිස්සාවේදී රෝගය හා රෝගියාගේ ශාරීරික මානසික තත්වයන් වයස අනුව වෙනස් වේ. ඉහත චිකිස්සා වලට රෝග තත්වය අනුව මාස 3 සිට වර්ෂයක කාලය දක්වා ප‍්‍රතිකාර සිදු වන අවස්ථා ඇත. ප‍්‍රතකාර කරන කාලය තුළ යහපත් මානසික තත්වයක් තහවුරු කර ගැනීමට ද වෛද්‍යවරයා උපදෙස් දෙයි. අහිතකර ග‍්‍රහ සාදක පවතී නම් ඊට යෙදිය යුතු පිළියම්ද ලබා දෙයි. ඇවතුම් පැවතුම් ශුභ දුක චර්යාවන් මෙන්ම ශාරීරික හා ඵලදායක චින්තන රටාවක් ඇති කිරීමත් දක්ෂ වෛද්‍යවරයා කටයුතු කරයි.
1613 Visits

——–

 

 

contactus-n