Abortion in birth

2017-08-31 21:51:05 | ethalayaTv.com


ඇබෝෂන් හෙවත් ගබ්සා සහ උපන්ගෙයි මිනී මැරීම ඇබෝෂන් හෙවත් ගබ්සා සහ උපන්ගෙයි මිනී මැරීම
මව් පදවිය උත්තරීතර වූවකි. නමුත් ක‍්‍රමක් ක‍්‍රමයෙන් අද මේ උත්තරීතර මව් පදවිය කෙලෙසී යනු දැකිය හැකිය. ගැබිණි කතක් වමක වීමෙ සිහින දකිමින් පෙරුම් පුරන්නේ දින ගනිමිනි. බලවත් වූ ආශාවකිනි. නූතනයේ ළමන් අඩු වයසින් මව්වරු වීමට ගොස් ගබ්සාව නැමැති මරු රකුසා විසින් ගිලගෙන ඇත. මෙලොවට බිලිදෙකු බිහිවීම ස්වභාව ධර්මයේ ඉතා අපූර්වතම වූ විශ්මිත ක‍්‍රියාවලියකි. කාන්තාවකගේ සරු ඩිම්බයක් පිරිමියෙකුගේ සරු ශුක‍්‍රාණුවකින් සංසේචනය වීම මිනිස් ජීවිතයේ ඇරඹුමයි. ලෝකයේ වටිනා සම්පත දරු සම්පතයි. මෙසේ මවගේ කුසේ පිළිසිඳ ගනිමින් දිනෙන් දින වැඞී දසමසකට පසු මෙලොව එළියදකිනා බිළිදාට මෙලොව දැකීමටත් ජීවත් වීමටත් අයිතියක් ඇත. කළලයකට තමා මගින්ම ජීවත් වීමට හැකියාව ලැබීමට පෙර ස්වභාවික හෝ ස්වෙච්ඡුාවෙන් එය ගර්භාෂයෙන් ඉවතට ගැනීම හෝ පිටමං කිරීම ගබ්සාව යනුවෙන් සැලකේ. බුද්ධ ධර්මයේ පන්සිල් පද පහෙන් පළමු ශික්ෂා පදය මම ප‍්‍රාණ ඝාත නොකරමි යන්නයි. එසේම කතෝලික දහම අනුව දස පණතේ පස්වෙනි පණතේ සඳහන් වන්නේ මිනී නොමරමි යන්නියි. ඒ අනුව විශේෂයෙන් කතෝලික සභාව ගබ්සාව සම්බන්ධව දැඩි විරෝධයක් දක්වනු ඇත. එසේම ඉස්ලාම් දහමට අනුවද ගබ්සාව නීති විරෝධීය. ශ‍්‍රී ලංකාවේ දින පතාම පාහේ ගබ්සාවන් රැුසක් සිදු කරන බවට වාර්තා පළ වේ. මෙහි ඛේදවාචකය නම් මේවා නීති විරෝධී වීමයි. මේවායින් බොහොමයක් සිදුකරනුයේ සැබෑ වෛද්‍යවරු නොවන බැව්ද සඳහන් වේ. එවන් නීතිවිරෝධී ක‍්‍රියාවන්ගෙන් ඔවුන් විශාල වශයෙන් මුදල් උපයන බව නොකිවමනාය. අද අප රට කාමාතුරයන්ගේ රජ දහනක් බවට පත් වී ඇත. දිනපතා පුවත් පත් බැලූවහොත් අපට මේ බව පසක් වේ. ස්ත‍්‍රී ¥ෂණය ඉහළ ගොස් ඇත. මෙයින් ළාබාල වූ දැරියන්ට අතවර කිරීම නිතර සිදුවේ. දිනපතා මාධ්‍ය තුළින් මේ බැව් සඳහන් කරයි. ජාතික ළමාරක්ෂක අධිකාරිය යටතේ ක‍්‍රියාත්මක ළමා උපකාරක සේවයටද ළමා අපයෝජනය පිළිබඳව පැමිණිලි ගත වූ මෙම වසරේ මුල් මාස තුනට 1361 වාර්තා වූ බැව් පසුගිය දිනයන්හි මාධ්‍ය තුළින් ප‍්‍රකාශ වූ දෙයකි. මේ වන විට ගබ්සාව පිළිබඳ කතිකාවත කරළියට පැමිණ තිබේ. මෙය උණුසුම් මාතෘකාවක් බවට පත්න ඇත. බොහෝ දෙනා මේ ගැන කතා කරති. මේ පිළිබඳ මුද්‍රිත මාධ්‍යයන් තුළ ලිපි පළ වේ. ගබ්සාව නීති ගතකරන බැව් සඳහන් කෙරේ. මීට එරෙහිව ආගමික නායකයන් අවි අමෝරාගෙන ඇතx මේ අතරතුර ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය ගබ්සාව පිළිබඳව නීති රීති ලිහිල් කර සීමා සහිත තත්ත්වයන් කීපයකට පමණක් බලපාන අයුරින් මෙය නීති්‍යානුකූල කීරීමට කෙටුම්පත් සකසා ඇති බැව් දැන ගන්නට ලැබෙන දෙයකි. ළමයින්ගේ හා කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඔවුනට හිතකර වූ සංවේදී සමාජයක් ගොඩ නැගීම ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට පැවරී ඇති සුවිශේෂ වූ වගකීමකි. මෙම අමාත්‍යාංශය යටතේ ළම ලේකම් කාර්යාලය, පරිවාසක හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ශ‍්‍රී ලංකා කාන්තා කාර්යාංශය සහ ජාතික කාන්තා කමිටුව යන ආයතනයන් ඇතුළත්ය. මේ සියලූ ආයතනයන් හි විවිධ අරමුණු මුල්කොට ගනිමින් සමාජය තුළ සුවිශේෂ වූ කාර්ය භාර්යක් ඉටුකරන බැව් සැබෑය. ළමා අපයෝජන පිටු දැකීමේ ලා කටයුතු කරන යාන්ත‍්‍රණය ජාතික ළමා ආරක්ෂක අධිකාරියයි. මොවුන්ට මෙම වසරේ මුල් කාර්තුව තුළ ළමා අපයෝජනයන් 1361 වාර්තා වූ බව සඳහන්ය. මේවාට සම්බන්ධ වැරදිකරුවන් නීතියේ රැුහැනට හසුකර ගන්නට හැකි වුණිද? ගබ්සාව නීති ගත කරනවා වෙනුවට කළ යුතු දේ බොහෝය. ගබ්සාව මිනී මැරුමක් බැව් මොවුන්ට නොතේරීම පුදුමයකි. අද තැනින් තැන ඇත්තේ තාවකාලික ලැඟුම් හල්ය. මේවාහි මුදල් ගෙවා පැය කිපයක් නිදහසේ ගත කිරීමට හැකිය. නීතියේ රැුහැනට හසු නොවී ජයමට කරන මෙවැනි තැන් බොහොමයක් ඇත. පෙම්බස් දොඩමින් මේවාට යන ළාබාල පෙම්වතියෝ සල්ලාලයින් හමුවේ අමාරුවේ වැටී අසරණ වෙති. ඉන් පසු මෙවුන් සිදු කරනුයේ සමාජයට වසං කොට ගබ්සාවක් සිදු කිරීමට යෑමය. මීට අමතරව විවිධ පුද්ගලයන් අතින් කාන්තාවන අපහරණයට ලක් වේ. පයබරවා යට පිටකර බෙහෙත් බදිනවා සේ මේ පිළිබඳව දැනුවත් කිරීම හා අදාළ තත්ත්වයන් සමනය කීරීමට හැකි උපරිම වෙර දැරීම පසෙකලා ගබ්සාව නීති ගත කිරීම මෙයට දිය හැකි ප‍්‍රායෝගික නොවු භායානක විසඳුමකි. ගබ්සාවට ඉඩ දුන් විට ස්ත‍්‍රී ¥ෂකයන් හා ළමා අපයෝජකයන්ට ඉනිමං බඳිනවා වැනිය. මොවුන් කිසිදු බියක් සැකක් නොමැතිව කටයුතු කරනු ඇත. අද නීති්‍යානූකූල නොවූ ගබ්සාවන් සිදුකරන වෛද්‍යවරු ගබ්සාව නීති ගත කළහොත් හංදියෙන් හංදියට ඇබෝෂන් ක්ලිනික් හෙවත් ගබ්සා මධ්‍යස්ථානයන් ආරම්භ කරනු ඇත. අද තත්ත්වය අනුව මේ සඳහා දිගු පෝලිමක්ද සිටිනු ඇත. ළාබාල පෙම් යුවල්වලට නිවැරදි ගබ්සාවක් සිදු කරන අයුරු පිළිබඳව දේශක මහතුන් අනාගතයේ පංතිද ආරම්භ කරනු ඇත. පෞද්ගලික විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය ප්ලාස්ටික් එළවළු කූඩ හා පුද්ගලික විශ්ව විද්‍යාල නියාමන පනත ගෙන ඒමට පෙර මහජන අදහස් විමසීමට කටයුතු නොකිරීමෙන් ගැටලූකාරී වූ තත්ත්වයක් රට තුළ උද්ගත වී ඇත. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය ගබ්සාව නීති ගත කිරීම සම්බන්ධයෙන් විද්වත්, ආගමික හා මහජන අදහස් විමසීමට කටයුතු කළේ නම් කොතරම් අගේද? මන්ද අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා වැඩක් නැති බැවිනි. එබැවින් ගබ්සාව නීති ගත කිරීමට පෙර ඒ පිළිබඳව සමාජයේ විවිධ තරාතිරම්වලට අයත් උගත් බුද්ධිමත් විද්වතුන්ගේ සහ මහජනතාවගේ අදහස් විමසා කිසියම් නිශ්චිත සුදුසු ක‍්‍රියා මාර්ගයට එළඹෙන්නේ නම් ඉතා වැදගත් බව වගකිවයුතු අංශ වල අවධානයට යොමු කිරීමට කැමැත්තෙමු.
1721 Visits

——–

 

 

contactus-n