Aids

2017-08-31 21:42:28 | ethalayaTv.com


ජනප‍්‍රිය නළුනිළි යුවළට ඒඞ්ස් ජනප‍්‍රිය නළුනිළි යුවළට ඒඞ්ස්
ඒඞ්ස් යනු භායානක රෝගයකි. එය යම් කිසි පුද්ගයෙකුට වැළදුනහොත් සුව කිරීමට අපහසුය. දැනට ලෝකයේ මිලියන ගණනක් ඒඞ්ස් ආසාදිත රෝගීන් සිටී. මියගිය පිරිසද ඉතා විශාලය. ලංකාවේද මේ වන විට ඒඞ්ස් රෝග කාරක රෝගීන් 1500 කට අධික සංඛ්‍යාවක් සිටින බව කියැවෙයි. සියළු ලෙඩ රෝග සුවකලද මෙම රෝගය සුවකිරීමට තවමත් නිශ්චිත වශයෙන් බෙහෙතක් සොයා ගෙන නැත. එම නිසා තාවකාලිකව ජිවිතය රැුකගැනීම උදෙසා විවිධ ප‍්‍රතිකර්ම කරනු ඇත. එසේ වුවද රෝගකාරක තත්ත්වයන් උත්සන්න වූ විට අනිවාර්යෙන්ම ඔහු මියයනු ඇත. මීට පෙර ලංකාවේ සුප‍්‍රසිද්ධ චරිතයක් ඒඞ්ස් රෝගය වැළදී මිය ගියේය. ඒ ලෙහෙසි පහසු ස්ථානයක අයෙක් නොවේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගාමීණී ජයකුරු මහතාගේ පුද්ගලික ලේකම්වරියයි. සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි බලගතු ස්ථානයක ලේකම්ගේ ලේකම්වරියට මෙවැනි රෝගයක් ඇති වී මිය යෑම බොහෝ දෙනාගේ විශ්මයට හේතුවු කරණකි. සැබවින්ම ඇයට එම රෝගය වැළදුනේ කෙසේද යන්න තවමත් නිශ්චිත වශයෙන් නිසි තොරතුරක් දැනගැනීමට නැත. එසේම මෙරට සුප‍්‍රසිද්ධ වෛද්‍යවරියක් වූ කාමලිකා අබේරත්න මහත්මියද ඒඞ්ස් රෝගයට ගොදුරුවූ තැනැත්තියකි. ඇය අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගනිමින් සිටියදි හදිසියේ මිය ගියාය. ඇයට ඒඞ්ස් බෝවී තිබුණේ ඒඞ්ස්කාරකයෙකු සමග ලිංගික ක‍්‍රියාකාරීත්වයේ යෙදීම හේතුකොට ගෙන නොව, අත්වැරදීමකින් එවැනි රෝගියෙකුගේ ලේ එන්නත් ශරීරගත වීමෙනි. මෙය ඉතාමත් කණගාටුදායක දෙයකි. ඒඞ්ස් රෝග කාරකයින්ගේ අළුත්ම ගොඩට දැන් එකතු වී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ ඉතාමත් ජනප‍්‍රිය නළුනිළි යුවලකි. චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය විශාල ප‍්‍රමාණයක රංගනයෙන් දායකත්වය සපයන ජනප‍්‍රියතාවයේ ඉහළින්ම වැජඹෙන මෙම යුවළ ඉතාමත් හොඳ මනුෂ්‍ය ගුණාංගවලින් හෙබි දෙදෙනෙකි. ඔවුන්ගේ පවුලේ දෙදෙනෙක්ද දැනට රංගනයට සම්බන්ධ වී ජනප‍්‍රිය තළයේ ක‍්‍රියාකාරී නළුවන් ලෙස ඉහළ ප‍්‍රතිචාරයක් ජනතාවගෙන් ලබාගෙන ඇත. මෙම නළුනිළි යුවළට ඒඞ්ස් රෝගය කුමන ආකාරයෙන් බෝවී ඇත්ද යන්න පැහැදිලි නැත. දැන ගන්නට ඇති තොරතුරුවලට අනුව ස්වාමි පුරුෂයාගෙන් බිරිඳට එම රෝග වාහක සිරුරට ඇතුළු වී ඇති බව කියැවේ. දැනට ඔවුන් දෙදෙනා අංගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයකින් අවශ්‍ය ප‍්‍රතිකාර ලබාගනිමින් සිටිති. එම ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ ඔවුන් දෙදෙනා පිළිබඳ සබෑ විස්තර නැත. ඔවුන් දෙදෙනාගේ පුද්ගලික ආරක්ෂාව තකා එම කරුණු වසංකර වෙනත් විස්තර නාමයන් යටතේ අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගන්නා බව කියැවේ. නමුත් ඒඞ්ස් රෝගයට ගොදුරු වී ඇති මෙම යුවළ පිළිබඳව සියළු විස්තර අප සතුව ඇත. එහෙත් අප ඒවා කිසිදු දෙයක් මෙහි සටහන් කරන්නේ නැත. සාමන්‍යයෙන් මෙවැනි රෝගයකට ගොදුරු වී සිටින අයගේ පුද්ගලික තොරතුරු හෙළිදරව් කිරීමෙන් වැළකී සිටීමේ සිද්ධාන්තයක් ඇත. එයට ගරු කිරීමක් වශයෙන් අපද ඔවුන් දෙදෙනාගේ තොරතුරු මෙහි සටහන් කිරීමෙන් වැළකී සිටිමු. මෙම නළුනිළි යුවළ කවුරුත් දන්නා කියන දෙදෙනෙකි. පුළුල් තිරයෙත්, පුංචි තිරයේත් වික‍්‍රමාන්විත රංගනයන්වල යෙදෙන ඔවුන් දෙදෙනා හාස්‍යජනක රූපවාහිනී වැඩසටහන්වලටද රංගනයෙන් දායකත්වය සපයයි. මෙම දෙදෙනාගේ රෝග කාරක තත්ත්වය දෙස බලන කළ යම් කිසි අවස්ථාවක එය උග‍්‍ර අවස්ථාවකට පැමිණ ඉතාමත් නොසිතූ විරූ ලෙස මිය පරළොව යෑමට පුළුවන. එදාට අපේ රංගන සිනමාවේ තවත් සුරූපී ප‍්‍රතිභාපූර්ණ හොඳ නළුනිළි යුවළක් දැයට අහිමි වි යනු ඇත.
1973 Visits

——–

 

 

contactus-n