Wear Gem

2017-08-31 20:44:10 | ethalayaTv.com


රෝගවලින් ගැලවෙන්න මැණික් පැළඳීම රෝගවලින් ගැලවෙන්න මැණික් පැළඳීම
රවිට පද්මරාග, සඳුට චන්ද්‍රකාන්ති, කුජට රතු, බුදට පච්ච, ගුරුට පුෂ්පරාග, සිකුරුට දියමන්ති, සනීට කාක නිල්, රාහුට ගෝමේද, කේතුට වෛරෝඩි ලෙසිනි. මැණික් ගල් පැළඳීම ඉතාම බුද්ධිමත් ආකාරයෙන් සිදු කළ යුතු කාරණාවකි. මැණික් ගල් පැළදීමෙන් සිදු වන්නේ අදාළ ග‍්‍රහයින්ගේ කිරණ බලය, කිරණ ශක්තිය ශරීරයට අවශෝෂණය කර ගැනීම හෝ විකර්ශනයට ලක් කිරීමයි. ග‍්‍රහ අපලයකදී සිදු වන්නේ අදාළ අපල කාරක ග‍්‍රහයා ගෝචරය වීමේදී එල්ල වන දෘෂ්ටි කිරණ තමා වෙත ගලා ඒමකි. එහිදී තීරණය කළ යුත්තේ පළඳින මැණික් ගලේ හැඩය, ආකෘතිය, කෝණය කිනම් ආකාරයකින් සකස් කළ යුතුද යන්නයිx මැණික් ඔප දැමීමෙන් ශිල්පීය ක‍්‍රමවේදය අනුව ග‍්‍රහයාගේ කිරණ බලය අවශෝෂණය කිරීමේ හැකියාව මෙන්ම විකර්ශනය කිරීමේ හැකියාවද උපදවා ගත හැකිය. මැණික් යනු තද පාෂාණයකි. සෑම මැණික් ගලකටම විද්‍යානුකූල වර්තන අංකයක් තිබේ. දෘඩතා අංකයක් මෙන්ම ගුරුත්වාකර්ශන අංකයක්ද වේ. මැණික් ගලක් ඔපදැමීමේදී එහි මතුපිට කෝණය අංශක 38-42 ක් අතර අගයක් පවත්වා ගත් විට ග‍්‍රහ කිරණ අවශෝෂණය කිරීමේ හැකියාවක් උදා කර ගත හැකි අතර මැණික් ගලේ මතුපිට අංශක 42ක් ඉහළ අගයක පවත්වා ගැනීමෙන් කිරණ පරාවර්තනයට භාජනය කර ගත හැකිය. මෙහිදී විශේෂයෙන් සලකා බලනුයේ මැණික් ගල හරහා ඇති වන ආලෝකය කාන්දුවීම පිළිබඳවය. මැණික් ගල් පළුඳු වී ඇති නම් එය නියමාකාරයෙන් ප‍්‍රතිඵල පෙන්වන්නේ නැත. ගල ඇතුළට ලූණු කැට මෙන් පිපුරුම් තිබීම, එක් පැත්තකින් සුදු පැහැති වී තිබීම, සුළං බුබුළු පැවතීම, ගලේ මැදින් පැලී ගිය ඉරක් සහිතව තිබීම ආදිය නිසා එවැනි ගල් පැළඳීමෙන් අතුරු ආබාධ ඇති කෙරේ. එක් එක් ග‍්‍රහයාට අයත් මැණික් ගල්වල වරතන අංකයද වෙනස් අගයක් ගනී. මේ නිසා මෙම කාර්යේදී මැණිත් ඔප දැමීමේ ශිල්පීය දැනුමද ප‍්‍රධාන අවශ්‍යතාවක් වන බව ඔබට පසක් වෙනවා ඇත. එම නිසා ඔබට මැණික් ගල් පැළඳීම හිතුමතේට කළ හැකි කාර්යයක් නොවේx මැණික් පැළඳීමේදී අනිවාර්යෙන් සැලකිය යුතු කරුණු ජ්‍යෝතිෂ නිර්ණායකයන්ට අනුව තත්වාකාර අවබෝධයෙන් කළ යුතු බව පැරණි සෘෂිවරු දක්වා තිබේ. යම්කිසි කෙනෙකුගේ කේන්ද්‍රයක් පරීික්ෂා කොට ඔහුට හෝ ඇයට සුභ ඵල දෙන ග‍්‍රහයාගේ බලය වැඩිකර ගැනීමෙන්ද අපල කරන ග‍්‍රහයාගේ බලය දුර්වල කර ගත හැකි ක‍්‍රමවේදයක් ජ්‍යෝතිෂයේ පවතී. එසේ නොමැතිව ආවාට ගියාට අපල කරන ග‍්‍රහයාගේ කුලයට අයත් මැණික් ගල පැළඳීමෙන් ග‍්‍රහ අපලය වඩාත් තීව‍්‍ර වී අසුබ ඵල වඩාත් වැඩි වීමට ඉඩ තිබේ. මේ නිසා මැණික් ගල් පැළඳීමේදී ඔබ ඉතා කල්පනාකාරී විය යුතු බව වැටහෙනවා නේද? ජ්‍යොතිෂයේදී මැණික් පැළඳිය යුතු අත සහ ඇඟිල්ලද දක්වා තිබේ. කාන්තාව වමතද පිරිමි දකුණතද වේ. තවද මැණික් පැළඳිය යුතු ලෝහය, බර ප‍්‍රමාණය හා තනි මුදුවකට නොපැළඳවිය යුතු මැණික් වර්ගද දක්වා තිබේ. රෝග සඳහා, විවාහ ප‍්‍රමාද දෝෂ සඳහා, දරුඵල ප‍්‍රමාද දෝෂ සඳහා, රැුකියා ව්‍යපාර දියුණුව සඳහා මැණික් ගල් පැළඳීමෙන් විශේෂ ජයග‍්‍රහණ උදා කර ගත හැකිය. අසුබ ග‍්‍රහයින් මර්දනය කොට අපල දුරු කොට සුබ ග‍්‍රහයින් බල ගන්වා ගණ වාසනාව ලබාදීමට මැණිකට හැකියාව තිබේ. අද වෙළඳපොළේ බහුලව ඇත්තේ විදෙස් රටවලින් කෘත‍්‍රිමව සකස් කරන ලද ආනයනික මැණික් ගල්ය. ඒ පිළිබඳව අවබෝධයක් නොමැතිව මෙම කෘතිම හා දෝෂ සහිත මැණික් ඔබ්බවා ආභරණ නිර්මාණය කර පැළඳීම තුළින් විවිධ පීඩාවන්ට හා රෝගාබාධවලට මුහුණ දී ජ්‍යොතිෂයට බැණ වදින අවස්ථා එමටය. එම නිසා ගැණුම්කරුවා තුළද එම නිෂ්පාදන කෙරේ විශ්වාසයක් තහවුරු වීම වඩා වැදගත් වේ. කේන්ද්‍රයක 3, 6, 8, 12 යන භාවවල අධිපතීන්ගේ දිසා වලදීද බාධක හා 22 දෙකර්ණාධිපතිගේ දසාවද අසුභ ඵල ගෙන දේ. මැණික් ප‍්‍රතිකාරය කිරීමේදී නිවැරදි ලෙස හඳුනා ගෙන ඉහත කී කාරණා පිළිබඳවද සැලකිලිමත් වී නිෂ්චිත දිනක නියමිත වේලාවක මැණික් පැළඳිය යුතු අතර වඩාත් සුදුසු වන්නේ පූර පක්ෂයේ පැළඳීමයි. එයට නියමිත නැකත් සාදා ගන්නේ නම් මැනවි. එමෙන්ම එම ග‍්‍රහයාට අයිති ලෝහයෙන්ම ආභරණයක් නිර්මාණය විය යුතු අතර නියමිත බර ප‍්‍රමාණයද ඉතා වැදගත් වේ. මැණික් ගලෙන් නිම වූ මුදුවක් නම් ග‍්‍රහයාට අදාළ මන්ත‍්‍රයෙන් 108 වර මතුරා නියමිත ඇඟිල්ලේ පැළඳීිමෙන් ප‍්‍රතිඵල සුබදායී ලෙස අත්පත් කර ගත හැකිය. මැණික් තුළ අන්තර්ගත රසායනික සංයුතීන් පිටස්තරින් සිරුරේ අභ්‍යන්තරයට කිරණ බලයෙන් ලැබීම නිසා සිරුරේ අඩු මූලද්‍රව්‍ය සම්පූර්ණ වී සිරුර ජරාවට යාම අත්හිටුවයි. ග‍්‍රහ අපලයන් මඟ හරවා ගැනීමේ ක‍්‍රමවේදයන් කිහිපයක්ම ජ්‍යොතිෂයේ සඳහන් වේ. ස්වාභාවික ගුණාත්මක මැණික් පැළඳීමද ඉන් ප‍්‍රතිඵලදායී ක‍්‍රමවේදයකි.
1995 Visits

——–

 

 

contactus-n