Gem

2017-08-31 20:39:08 | ethalayaTv.com


ග‍්‍රහ අපල දුරු කිරීමට මැණික් පළඳින ක‍්‍රමය ග‍්‍රහ අපල දුරු කිරීමට මැණික් පළඳින ක‍්‍රමය
දවසින් දවස දිරා යාමට ලක්වන මිනිස් සිරුර ලෙඩ දුක් සහිත මස් වැදැල්ලකි. කර්මානුරූපව මෙන්ම ස්වභාදහම තුළින් ජනිත වන විවිධ ශක්තීන්ගේ ප‍්‍රබලතාව මතද අහාර පාන රටාව හා සතුන්ගේ වෙනස්වීම අනුවද විශ්වය තුළින් ගලා එන්නා වූ ග‍්‍රහ වස්තූන්ගේ කිරණමය බලපෑම නිසාද මිනිස් සිරුරේ විවිධ රෝග පීඩා ඇති වේ. මේ අනුව විශ්වයේ පවතින ග‍්‍රහ වස්තූන්ගේ කිරණ ශක්තිය වායුගෝලය තුළින් අවුත් මිනිස් සිරුරට අවශෝෂනය වීමෙන් ඇති රෝග පීඩාදියෙන් ගැලවීම සඳහාත් ඒ නිසා ඇති වූ රෝග පීඩාදියෙන් සුවය ඇති කර ගැනීම සඳහාත් සිරුරය ස්පර්ෂ වන සේ මැණික් ගල් පැළදීම ඉතා ඈත අතීතයේ සිටම පැවත ආ බවක් පෙනෙන්නට තිබේ. එමෙන්ම, මැණික් ගල් පැළඳීම තුළින් කිසියම් බලයක් ශක්තියක් ගොඩ නගා ගෙන තම ලෞකික ජීවිත සැපවත් කර ගැනීමේ හැකියාවක්ද ඇති බව නොරහසකි. අතීතයේ රජවරු තමා පළඳින ඔටුන්නටද අසිපතටද සිංහාසනයටද මැණික් ගල් ඔබ්බවා සකස් කර සිටීම මීට කදිම නිදර්ශනයකි. එමගින් ඔවුන් තම බලය හා ශක්තිය වර්ධනය කර ගත් ආකාරය පැහැදිලිව දක්නට ලැබේ. කෙසේ වෙතත් මැණික් ගල් පැළඳීමෙන් විශේෂ ශක්තියක් බලයක් තම සිරුරට ආරෝපණය කර ගත හැකි බව පැරැුන්නෝ දැන සිය ඇත. ග‍්‍රහයින්ට අදාළ මැණික් ගල් වර්ගීකරණය කර ඇති ආකාරය මෙසේය.
1977 Visits

——–

 

 

contactus-n