Kalukumara

2017-08-31 20:35:52 | ethalayaTv.com


කළු කුමාර දෝෂ තිබෙන කාන්තාවන්ට විවාහ හරියන්නේ නෑ කළු කුමාර දෝෂ තිබෙන කාන්තාවන්ට විවාහ හරියන්නේ නෑ
විෂ්මිත මෝහන ප‍්‍රතිකාරයෙන් කායික, මානසික රෝග සුව කරන බස්නාහිර පළාත් මෝහන විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති මනෝ වෛද්‍ය උපදේශක ගුණසේකර මුදලිගේ සමග කරන ලද සම්මුඛ සකච්ඡුාවකි. මෝහනයට නැත්නම් ස්වාපනයට යමෙක් පත් කරනවා යනුවෙන් සඳහන් කරන්නේ කුමක්ද? ස්වාභාව ධර්මයා විසින් අපට ලබා දී තිබෙන මහඟු සම්පතක් තමයි සිත. සිත නැත්නම් මනස මනසට දුක, සතුට කලකිරීම්, අසහනකාරී සිතිවිලි වරින් වර නිරායාසයෙන් ගලා ගෙන එනවා. මේ සිතිවිලි හොඳ හා නරක සිතිවිලි වශයෙන් වර්ග කිරීමට හැකි වෙනවා. ඒ වගේම උඩ සිත යටි සිත වශයෙන්ද මනස කොටස් දෙකකට බෙදෙනවා. බාහිර ක‍්‍රියාකලාපයන් සියල්ල සිදු කරන්නේ උඩු සිත මුල් කරගෙනයි. එහෙත් සෑම සිදුවීමකටම යටි සිතේ බලපෑම් ප‍්‍රබල ලෙස බලපෑම් කරනවා. මෝහනයට නැතිනම් ස්වාපනයට යමෙක් පත් කරනවා යනුවෙන් සඳහන් කරන්නේ උඩු සිත නීද්‍රාවට පත් කොට යටි සිත අවදි කිරීමයි. සාමාන්‍ය නින්දේදී යටි සිතේ දේවල් දැන ගැනීමට නොහැකිය. එහෙත් මෝහනයෙන් නිද්‍රාවට පත් පුද්ගලයන්ගේ යටි සිත කියවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා පුද්ගලයන්ගේ සි’’ත පෙර ආත්මවලට රැුගෙන ගිහින් සියලූ තොරතුරු ලබා ගැනීමට හැකි වෙනවා. මෝහනය නැත්නම් ස්වාපනය කියන්නේ නිද්‍රාවට පත් කොට යටි සිත අවදි කිරීමයි. මෝහනය කිරීමෙන් පසු කායික හා මානසික රෝග සුව කළ හැකිද? යම් කෙනෙක් මෝහන නිද්‍රාවට පත් කොට ඔහුගේ කායික හා මානසික රෝග සුව කිරීමේ ප‍්‍රතිකාරයක් හැටියට යොදා ගැනීමට හැකිවීම මෝහනයේ හාස්කමක් හැටියට සඳහන් කරන්න පුළුවන්. සෑම කෙනෙක්ම මෝහනයට පත් නොකළත් ඒ සෑම කෙනෙකුගේම ලෙඩ රෝග මනෝ චිකිත්සක ප‍්‍රතිකාර මගින් සුව කිරීමට හැකියාව තිබෙනවා. බොහොමයක් ලෙඩ රෝග කායික එකක් හැටියට පෙනුනත් මානසික හේතූන් මත ඇති වන ඒවායින් මනසට ලෙඩවීම නිසා ඇති වන කායික රෝග හැටියට එම රෝග පිටතට පැමිණෙනවා. හිසේ කැක්කුම, කෑම අරුචිය,ඇඟපත අප‍්‍රාණිකත්වය, උදරාබාධ, ආමාෂයේ ආම්ලික තත්වයන් වැඩිවීම, කෙලොස්ටරෝල් වැඩිවීම වැනි රෝග උදාහරණ ලෙස හඳුන්වන්න පුළුවන්. මේ ආකාරයෙන් ඇති වන මනෝ රෝග සඳහා කොතරම් ඖෂධ ප‍්‍රතිකාර කළත් ඒවා සුව වෙන්නේ නෑ. ඒ නිසා දීර්ඝ කාලීනව සැර බෙහෙත් වර්ග භාවිතා කරනවා. සැර බෙහෙත් වර්ග භාවිතා කිරීමේදී අතුරු ආබාධ රාශියක් ඇති වනවා. විශේෂයෙන් වකුගඩුවලට බලපානවා. ඒ වගේම පුරුෂයන්ගේ ලිංගික දුර්වලතාවන් ඇති වීමට සෘජුවම මෙය බලපානවා. මෙයට අමතරව මෝහන ප‍්‍රතිකාරවලින් සුව කළහැකි රෝග තවත් තිබෙනවාද? බය, සැකය, කලකිරිම්, අමතකවීම, ජීවිතය එපා වී කේන්ති යාම, ඉගෙනීමේ දුෂ්කරතා, දුක් සහගත සිතිවිලිද මෙම මෝහන ප‍්‍රතිකාරයෙන් සුව කළ හැකිය. පුද්ගලයන්ගේ යටි සිතේ පවතින අසුබවාදී හා අහේතුවාදී සිතිවිලි ඉවත් කිරීමක් සිදු වෙනවා. මේ ප‍්‍රතිචාර සඳහා වැඩිපුරම යොමු වන්නේ කාන්තා පක්ෂයද? පිරිමි පක්ෂයද? මේ දෙගොල්ලම මගේ ළඟට පැමිණෙනවා. නොයෙක් මානසික ගැටලූ ඔවුන්ට තිබෙනවා. කාන්තාවන්ට කළු කුමාර දෝෂය තිබෙන විට විවාහයක් හරි යන්නේ නෑ. විවාහ වුණත් විවාහයේ රැුඳී සිටිින්නට ඉඩ දෙන්නේ නෑ. දරුවන් ලැබෙන්නේ නෑ. ඒ වගේ ගැටලූ රාශියක් අරන් මගේ ළඟට එ නඅය හොඳ මානසික සුවයකින් තමයි ආපසු යන්නේ.
1674 Visits

——–

 

 

contactus-n