Abotion Women in Sri Lanka

2017-08-31 20:11:11 | ethalayaTv.com


ලංකාවේ ”ඇබෝෂන් ” කරන කාන්තාවෝ  ලංකාවේ ”ඇබෝෂන් ” කරන කාන්තාවෝ
සතුන්ගේ වර්ගයා බෝ කිරීමටත් එය යම් පාලනයක් යටතේ සිදු කිරීමටත් අවශ්‍ය සැකසුම් සෙබාදහමේ පවතී. ඇතැම් සත්ව වර්ගවල ස්ත‍්‍රී සතුන් සංසර්ගය සඳහා පිරිමි සතෙකු තෝරා ගැනීමේදී ශක්තිමත්භාවය වැනි ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කරන බව පර්යේෂකයෝ පවසති. ඒ බිහිවන පැටවා ශක්තිමත් නිරෝගී හා ඔරොත්තු දෙන පැටවකු වීම සඳහාය. මිනිසුන් අතරද මේ ලක්ෂණ දැකිය හැකිය. කාන්තාවන් වඩාත්ම ශක්තිමත්, දක්ෂ, කැපී පෙනෙන පිරිමින් කෙරෙහි ආකර්ෂණය වීම මෙම ලක්ෂණයේ විකාශනයේ අවස්ථාවක් බව හඳුනා ගත හැකිය. එමෙන්ම බිහි වු පැටවුන් නිරෝගී නොවේ නම් හෝ දුර්වලතා සහිත නම් උපතේදීම මරා දමන සත්ව වර්ග තිබෙන බව පර්යේෂකයන් පවසා තිබේ. උදාහරණයක් ලෙස පැටවුන් බිහි කළ පසුව බැළලිය ඇතැම් දුර්වල පැටවුන් කා දමන බවටත් නිරෝගී පැටවුන් පමණක් ඉතිරි කරන බවටත් මතයක් තිබේ. මිනිසුන් අතරද ආදි කාලයේදී මේ ලක්ෂණය තිබු බව ඉතිහාසඥයන්ගේ මතයයි. අංග විකල දුර්වල දරුවන් උපන් විගස මවට නොපෙන්වා මරා දැමීමේ චාරිත‍්‍ර ග්‍රෝතික සමාජයේදී තිබිණි. දියණියක ඉපදීම අසුබ ලක්ෂණයක් යැයි සලකන ඉන්දියාවේ ඇතැම් ප‍්‍රදේශවල දියණියන් උපන් මොහොතේම මරා දමන බව ප‍්‍රකට කරුණකි. ආදි ග්‍රෝතික සමාජ තුළදී අංග විකල හෝ දුර්වලතා සහිත දරුවන් මරා දැමීමේ චාරිත‍්‍රයක් පැවැතීිමට හේතුව නිෂ්පාදනයේ පැවැති අඩු දියුණු මට්ටම බව පැහැදිලිය. සමාජයේ අතිරික්ත නිෂ්පාදනයක් නොතිබු අතර ජීවත් වන සියලූ දෙනාටම තමන්ගේ යැපීම සොයා ගැනීමට බල කෙරී තිබිණි. ඒ නිසා නිෂ්පාදනයට දායක විය නොහැකි සමාජිකයන් නඩත්තු කිරීමේ හැකියාවක් එම සමාජයට තිබුණේ නැත. සරලව කියන්නේ නම් දඩයම් කළ හැකි අත් නොමැති මිනිසුන්ගේ බඩවල් පිරවීමට තරම් ආහාර ඒ සමාජයේ තිබුණේ නැත. ඒ තරම් නිෂ්පාදන ක‍්‍රියාවලියට වැඩි වැඩියෙන් ශක්තිමත් අත් අවශ්‍ය විය. ඒ නිසා වැඩි වැඩියෙන් නිරෝගී ශක්තිමත් දරුවන් බිහි කළ යුතු විය. මෑතක් වනතුරුම ලංකාවේ ගොවි පවුල්වල දරුවන් ගණන දහය ඉක්මවා තිබුණේ මේ අවශ්‍යතාව මතය. නිරෝගී දරුවන් ආරක්ෂා කිරීමේ සම්ප‍්‍රදායක් මානව සමාජයේ ආරම්භයේ සිටම පැවැති බව පෙනේ. ක‍්‍රමයෙන් නිෂ්පාදන උපකරණවල දියුණුවත් නිෂ්පාදනයේ වැඩිවීමත් විසින් නව සංස්කෘතික ලක්ෂණ බිහිවන්නට පටන් ගත්තේය. ඇතැම් පැරණි සංස්කෘතික ලක්ෂණ, චාරිත‍්‍ර වාරිත‍්‍ර අභාවයට ගියේය. නිෂ්පාදනයට දායක විය නොහැකි ආබාධ සහිත සාමාජිකයන් නඩත්තු කිරීමට තරම් ප‍්‍රමාණවත් නිෂ්පාදනයක් බිහි වන්නට පටන් ගත් පසුව එවැනි දුර්වලතා සහිත දරුවන් උපතේදීම මරා දැමීමේ චාරිත‍්‍රය මැකී යන්නට පටන් ගත් බව පෙනෙන්නට තිබේ. එමෙන්ම එක් පැත්තකින් ලෝකයේ ජනගහනය වේගයෙන් ඉහළ යමින් තිබෙන නිසාත් නිෂ්පාදන ක‍්‍රියාවලියට යන්ත‍්‍ර සූත‍්‍ර පැමිණීමෙන් ඊට අවශ්‍ය මිනිස් ශ‍්‍රමය අවම වෙමින් පැවතීම නිසාත් ඉඩම් සීමාසහිත වීම නිසාත් දරුවන් විශාල ප‍්‍රමාණයක් බිහි කිරීමේ උවමනාව ඉවත් වී පවුලක සිටින දරුවන් ගණන සීමා කිරීමේ මනෝභාවය වර්ධනය විය. ‘පුංචි පවුල රත්තරං’ වැනි සංකල්ප බිහි වුයේ මෙහි ප‍්‍රතිඵලයක් ලෙස විනා සිංහල ජාතිය වඳ කිරීමේ අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙස නොවේ. මේ වන විට එම චාරිත‍්‍රය එහි ප‍්‍රතිවිරෝධී අන්තය දක්වා වර්ධනය වී ඇත. එනම්, ආබාධිත, අඩු මානසික වර්ධනයක් සහිත පුද්ගලයන් විශේෂිත අවශ්‍යතා හෝ විශේෂිත දක්ෂතා සහිත පිරිස් වශයෙන් නාමකරණය කරමින ඔවුන් වෙනුවෙන් විශේෂ පහසුකම් සැලසීිමේ මනෝභාවයක් වර්ධනය වී ඇත. එය සැලකිය හැක්කේ යහපත් ලක්ෂණයක් ලෙසිනි. අඳ, ගොලූ, බිහිරි හෝ අඩු මානසික වර්ධනයක් සහිත දරුවන් සඳහා විශේෂ අධ්‍යාපන ක‍්‍රම, සමාජ අවස්ථා නිර්මාණය මෙකී වර්ධනයට නිදසුන් ලෙස දැක්විය හැකිය. දැන් ගබ්සාව පිළිබඳ සංවාදය උත්සන්න වී තිබෙන්නේ එක් අතකින් මෙවැනි වර්ධනයක් අත්පත් කර ගත් සමාජයක් තුළය. සමාජයේ ආකල්ප වර්ධනය වී තිබුණත් සමාජයම නිෂ්පාදනය ඉහළ ගොස් තිබුණත් දරුවන් සමාජය සතු යැයි මතයක් වර්ධනය වී තිබුණත් ඒ කිසිවක ප‍්‍රතිලාභ සාතිශය බහුතරයක් මිනිසුන්ට ලැබෙන්නේ නැත. උදාහරණයකින් කියන්නේ නම් තම දරුවන්ගේ කුස පිරවීමට නොහැකිව දරුවන් සමඟ දිවි නසා ගන්නා මව්වරුන් ගැන වාර්තා පළ වන අතරම ආහාරයට නොගැනීම නිසා ගබඩා තුළදී විනාශ වී සත්වාහාර ලෙස අඩු මිළට වී හෝ සහල් විකුණා දැමීමට සිදුවීම පිළිබඳවද පුවත් වාර්තා වේ. මේ නිසා සමාජය අත්පත් කර ගෙන තිබෙන වර්ධනයේ ප‍්‍රතිලාභ සැබවින්ම හිමි වන්නේ කොතරම් සුළු ප‍්‍රමාණයකට යන ගැටලූව අප හමුවේ තිබේ. ගබ්සාව කිසිදු ආගමක් අනුමත කරන්නක් නොවේ. ලංකාවේ ප‍්‍රධාන ආගම්වන බෞද්ධ, කිතුණු, හින්දු හෝ ඉස්ලාම් ආගම් ගබ්සාව අනුමත නොකරයි. පසුගිය කාලයේ ගබ්සාව නීතිගත කිරීම සඳහා යම් යම් සංශෝධන ඉදිරිපත් වු අවස්ථාවේදී ඒවා සම්මත නොවීමට බලපෑවේද මෙකී ආගමික, සදාචාරවාදී විරෝධයයි. 50 ‍්‍ර ක් විවාහක කාන්තාවන් පෝලන්තය වැනි ලෝකයේ ඇතැම් රටවල ගබ්සාව යම් යම් සීමාවන්ට යටත්ව අනුමත කර තිබේ. එහෙත් ලංකාවේ පවතින නීතියට අනුව ගබ්සාවක් කළ හැක්කේ මවගේ ජීවිතය අවදානමට ලක්ව තිබෙන්නේ යැයි වෛද්‍යවරුන් නිගමනය කරන අවස්ථාවකදී පමණි. එවැනි තත්ත්වයක මව සිටින බවට වැරදි වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ගබ්සා සිදු කරන්නේ නම් එවැනි අවස්ථාවක අදාළ වෛද්‍යවරයාට විරුද්ධව දඬුවම් පැමිණ විය හැකිය. එහෙත් නීතියෙන් කොතරම් තහනම් කොට තිබුණත් ලංකාවේ දිනකට සිදු කෙරෙන ගබ්සා ප‍්‍රමාණය 700ත් 1000ත් අතර යැයි ගණනය කර තිබේ. මේවා සිදුවන්නේ නීතියට පිටින් හොර රහසේය. වර්ෂයකට සිදු කෙරෙන ගබ්සා ප‍්‍රමාණය ලක්ෂ තුනකට වඩා වැඩිය. මින් පෙනෙන්නේ කොතරම් ආගමික විශ්වාස, මතිමතාන්තර, නීති රීති තිබුණත් දිනපතා කාන්තාවන් විශාල පිරිසක් නීති විරෝධි ගබ්සා මධ්‍යස්ථානවල සේවය ලබා ගන්නා බවයි. ගබ්සාව ආකාර දෙකකින් සිදුවේ. එකක් නැකත් ගබ්සාවයි. එනම් ස්භාවික සංසිද්ධියක් හේතුවෙන් සිදු වන ගබ්සාවයි. දියවැඩියාව, අධික රුධිර පීඩනය, වකුගඩු ආසාදන, ගර්භාෂය ආශ‍්‍රිත ගැටලූ, හෝමෝනවල ගැටලූ, වෛරස් හෝ විෂබීජ නිසා වැළඳෙන රෝගී තත්ත්වයන් නිසා ස්වාභාවිකව ගබ්සාව සිදුවේ. අනෙක් ආකරය බාහිර බලපෑමකින් සිදු කරන ගබ්සාවයි. එයද ආකාර දෙකකට වර්ග කර තිබේ. ඒවා නම් චිකිත්සීය ගබ්සාව සහ සාපරාධී ගබ්සාවයි. ලංකාව තුළ චිකිත්සීය ගබ්සාව හෙවත් නීත්‍යනුකුලව වෛද්‍ය නිර්දේශ මත රෝහල්වලදී ගබ්සාව සිදු කරන්නේ ඉහත සඳහන් කළ ආකාරයට මවගේ ජීවිතයට අවදානමක් පවතින අවස්ථාවකදීය. එසේ නැතිව ආර්ථික, සංස්කෘතික, සමාජයීය හෝ වෙනත් හේතු මත පවතින නීතියට පිටින් සිදු කරන ගබ්සාව සාපරාධී ගබ්සාව වේ. එය දඬුවම් ලැබිය හැකි වරදකි. නීති විරෝධී ආකාරයෙන් ගබ්සා කරන මව්වරුන්ගෙන් සාතිශය බහුතරයක් මුළු ජීවිත කාලයටම බලපාන කායික හෝ මානසික රෝගවලට ලක් වන බවත් ගබ්සා කරන කාන්තාවන්ගෙන් 10‍්‍ර - 15‍්‍ර පමණ ප‍්‍රමාණයක් මිය යන බවත් ඇතැම් වාර්තා පෙන්වා දෙයි. අධික රුධිර වහනය, අශ‍්‍රිත අවයව ආසාදනය වීම, වඳ භාවයට පත්වීම, විෂ වර්ගවලින් සිදු වන ආසාදන හා ඒ නිසා ඇති වන රෝගී තත්ත්වයන් වැනි රෝගී තත්ත්වයන්ට ඔවුහු ගොදුරු වෙති. ඊට හේතුව වන්නේ එවැනි මධ්‍යස්ථානවල භාවිතා කරන උපකරණවල අපිරිසිදුභාවය, ගබ්සාව සිදු කරන පුද්ගලයන් ඒ සඳහා පුහුණුවක් නොමැති අය වීම, ගබ්සාව සිදු කරන අවස්ථාවේ මවගේ ශරීර අභ්‍යන්තරයට හානි සිදුවීම හා විෂබීජ ශරීරගත වීම වැනි හේතුය. මෙම ස්ථානවලදී බහුල වශයෙන් කළලය විනාශ කිරීම සඳහා විවිධ විෂ වර්ග සහ ඖෂධ භාවිතා කරන බව අනාවරණය වී තිබේ. ගබ්සාවක් සිදු කිරීම සඳහා මෙම ස්ථානවල රුපියල් 3,000 පමණ සිට රුපියල් 50,000 පමණ දක්වා මුදල් අය කරයි. මෙවැනි ස්ථානවල පවතින බරපතළම ගැටලූවක් වන්නේ ගබ්සාවෙන් පසුව ඇති වන තත්ත්වයන්ට ප‍්‍රතිකාර ලබා ගත නොහැකිවීමයි. ගබ්සාවක් සඳහා පෙළඹෙන කාන්තාවන් අතරින් 50‍්‍ර ක් පමණ විවාහක කාන්තාවන්ය. අවිවාහක තරුණියන් ගබ්සා කිරීම්වලට යොමුවන අවස්ථා ගණන මේ වන විට වැඩි වෙමින් පවතී. කෙනෙකු ගබ්සාවක් කිරීමට යොමු වන්නේ කවර හේතුවක් මතද යන්න අවධානයට යොමු විය යුතු වැදගත් ප‍්‍රශ්නයකි. මේ කෙරෙහි අවධානය යොමු කළ අය පෙන්වා දෙන්නේ විවාහක කාන්තාවන් ගබ්සා සඳහා යොමුවීමේදී ආර්ථික සාධකය ප‍්‍රධාන තැනක් ගන්නා බවයි. සැලසුම් නොකළ හා බලාපොරොත්තු නොවු ගැබ් ගැනීමක් නිසා උපදින දරුවා නඩත්තු කිරීමට තරම් ප‍්‍රමාණවත් ආර්ථික තත්ත්වයක් නොමැතිවීම නිසා ඔවුහු ගබ්සාවට යොමු වෙති. රැුකියාවල ගැටලූ නිසාත් දැනට සිටින දරුවන් වයසින් අඩු දරුවන් වීම නිසාත් ගබ්සාවට යොමු වන පිරිස් සිටින බව සොයා ගෙන ඇත. විවාහකයන් මුහුණ දෙන ප‍්‍රධාන ගැටලූවක් වන්නේ පවුල් සැලසුම් ක‍්‍රම පිළිබඳව ඔවුන්ගේ ඇති අඩු දැනුමයි. එසේ නැත්නම් ලිංගිකත්වයට අදාළ මාතෘකා පිළිබඳව සාකච්ඡුා කිරීමේදී තවමත් බාධාවක්ව පවතින සංස්කෘතික සීමාකම් නිසා සැමියා හා බිරිඳ අතර අවශ්‍ය තරමේ සංනිවේදනයක් සිදු නොවීමයි. මේ නිසා බලාපොරොත්තු නොවු අවස්ථාවලදී ගැබ් ගැනීම් සිදු වේ. අවිවාහක තරුණියන් මුහුණ දෙන ප‍්‍රධාන ගැටලූ අතර තිබෙන්නේ උපත් පාලන ක‍්‍රම පිළිබඳව ඇති අඩු දැනුමයි. ඇතැම් අවස්ථාවලදී උපත් පාලන ක‍්‍රම පිළිබඳ යම් දැනුමක් තිබුණද ඒවා කෙරෙහි යොමු වීමට ඇති ලැජ්ජාව හෝ අකමැත්ත දක්නට ලැබේ. තරුණ තරුණියන් අතර පවතින ඉක්මන්කාරී, හැඟීම්වලට යටවන ස්වභාවයද මීට බලපා තිබේ. මින් පෙනෙන්නේ ප‍්‍රමාණවත් තරමේ ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්නේ නම් ගබ්සාව වෙත යොමු වන පිරිස යම් ප‍්‍රමාණයකින් පහත හෙළිය හැකි බවයි. අල්කෙමිස්ට්ස්ඩයරි වර්ඞ්ප්‍රෙස් වෙබ් අඩවියේ නාරිවේදය පිළිබඳ ඇමරිකානු සඟරාවක පළවු ලිපියක කොටසක් උපුටා දක්වා තිබිණි. එහි සඳහන් ආකාරයට ඇමරිකාවේ තරුණ තරුණියන් අතර උපත් පාලන කොපු නොමිලේ බෙදා හරින්නේ නම් ගබ්සා සිදු කර ගැනීමේ ප‍්‍රතිශතය 40‍්‍ර ත් 71‍්‍ර ත් අතර ප‍්‍රමාණයකින් අඩු කර ගත හැකිය. මිසූරි ප‍්‍රාන්ත‍්‍රයේ නව යොවුන් තරුණියන් සහ වැඩුණු කාන්තාවන් 9000 ක් දෙනා අතරේ උපත් පාලන කොපු, ගිලින පෙති, ලූප සහ වෙනත් උපත් පාලන ක‍්‍රම බෙදා හැරීම මඟින් සිදු කරන ලද පරීක්ෂණයකදී ගබ්සාව සඳහා යොමු වන ප‍්‍රමාණය 62‍්‍ර - 87‍්‍ර ප‍්‍රමාණයකින් අඩු කර ගැනීමට හැකි වී තිබෙන බව අධ්‍යයනය කර ඇත. කෙසේ වෙතත් අවිවාහක තරුණියන් අතර උපත් පාලන ක‍්‍රම බෙදා හැරීමේ වැඩසටහනක් දියත් කළහොත් ඊට ලංකාවේ සමාජය කෙසේ ප‍්‍රතිචාර දක්වාවිදැයි අවධානයට ගත යුතු වැදගත් කරුණකි. එවැනි උත්සාහයක් ලංකාවේ සංස්කෘතිය විනාශ කිරීමට බටහිර අධිරාජ්‍යවාදීන් ගෙන එන උපක‍්‍රමයක් ලෙස සලකා විරෝධය පළ කිරීමේ අත්දැකීම් විඳීමට සිදුවන බවට නම් සැකයක් නැත. දැනටත් විවාහයක් වෙත නොමිලේ උපත් පාලන කොපු ලබාදීම, දැනුවත් කිරීම වැනි කටයුතු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා සිදු කෙරුණත් ඊට යොමු වන ප‍්‍රමාණය අඩුය. ඒ සංස්කෘතික සීමාකම් නිසාය. ඒ නිසා ලිංගිකත්වය පොල් කටුවෙන් වසා තිබෙන සංස්කෘතික ලක්ෂණ කඩා බිඳ දැමීම නම් අද අත්‍යවශ්‍ය කටයුත්තක්ව තිබෙන බව පෙනේ. ගබ්සාව වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ පුද්ගලයන් ඉදිරිපත් කරන කරුණුද පහසුවෙන් බැහැර කළ හැකි ඒවා නොවේ. සමාජය කවරාකාරයේ දියුණුවක් ලබා තිබුණත් එම දියුණුවේ ප‍්‍රතිලාභ සියලූ වැසියන් වෙත ලැබෙන්නේ නැත. එය පවතින ධනවාදීි ආර්ථික ක‍්‍රමයේ ලක්ෂණයකි. ඒ නිසා දරුවන් සමාජය සතු සම්පතක් දැයි කුමන ව්‍යවස්ථාවක, කුමන නීතියක සඳහන්ව තිබුණත් දරුවන් හදා වඩා ගැනීිම මුළුමනින්ම දෙමාපියන් පිට පැටවී තිබෙන කටයුත්තකි. ඒ නිසා දරුවකු හදා වඩා ගැනීමට තරම් ආර්ථික පසුබිමක් නොමැති අවස්ථාවක උපදින දරුවකු දෙමාපියන්ට බරක් බවට පත්ව තිබේ. එවන් අවස්ථාවක දරුවන් ලැබිය යුතු ශාරීරික, මානසික, සමාජයීය පෝෂණය නිසි පරිදි ලැබෙන්නේ නැත. එහිදී ඔවුන් පෙන්වා දෙන වැදගත් කරුණක් වනනේ ගැටලූ සහිත දරුවන් උපන් විට මව්පියන්, විශේෂයෙන්ම මව මුහුණ දෙන අර්බුදකාරී තත්ත්වයයි. තාක්ෂණික දියුණුව විසින් එවැනි උපත් කලින් හඳුනා ගැනීමේ හැකියාව තිබෙන නිසා එබඳු ගැටලූ සහති කළල ඉවත් කිරීමට නෛතික අවසරය දිය යුතු යැයි ඔවුහු තර්ක කරති. එය පදනමක් සහිත තර්කයකි. අනෙක් අවස්ථාව වන්නේ ලිංගික බලහත්කාරකමකට ලක් වීම නිසා ගැබ් ගන්නා කාන්තාවන් මුහුණ දෙන ගැටලූවයි. එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ මානුෂික ප‍්‍රශ්නයකි. එම ගැනීම ඇයගේ අනුදැනුමකින් තොරව හා බලහත්කාරයෙන් සිදු කරන ලද්දකි. බලහත්කාරකම සිදු වූ අවස්ථාව ගැන ඇයට ඇත්තේ වෛරයක් හා පිළිකුළකි. එවැනි සිදුවීමකින් පසු සිය කුස තුළ වැඩෙන දරුවකු පිළිබඳ ආදරණීය වීමට ඇයට හැකියාවක් නැත. ඒ වෙනුවට ඇයට සිදුව තිබෙන්නේ මාස නවයක් තිස්සේ කරදරකාරී සහ ඇයව වේදනාවට පත් කරන බරක් දරාගෙන සිටීමටය. දරුවා බිහිවීමෙන් පසුවද දරුවකුට ලැබිය යුතු ආදරය, සෙනෙහස ඇතුළු කිසිවක් දීමට ඇය අසමත් වන අතර ඒවා ඇය විසින් කරනු ලබන්නේ නම් ඒ කරන්නේද කැමැත්තෙන් නොවේ. එවැනි අවස්ථාවක මව මෙන්ම දරුවාද සිටින්නේ අසාධාරණයකට ලක්වූ තත්ත්වයක් යටතේය. ඒ නිසා ලිංගික බලහත්කාරකමකට ලක් වූ අවස්ථාවකදී සිදුවන ගැබ් ගැනීම් ඉවත් කිරීමට නෛතික අවසරය ලබා දෙන ලෙස කරන ඉල්ලීමද සාධරණ පදනමක් සහිත ඉල්ලීමකි. දරුවකු බිහි කිරීම යනු යාන්ත‍්‍රිකමය නිෂ්පාදන ක‍්‍රියාවලියක් නොවේ. ඊට ශාරීරික සහ මානසික සූදානම අවශ්‍ය වේ. කාන්තාවක් දරු ගැබක් මාස නවයක් සිය කුස තුළ දරාගෙන පෝෂණය කළ යුතුය. දරුවා බිහි වූ පසුවද සැලකිය යුතු කාලයක් දරුවා වෙනුවෙන් වෙන් කළ යුතුය. එසේ කළ නොහැකි අවස්ථාවක සමාජයට අවශ්‍ය අන්දමේ මිනිසකු බිහි වන්නේ නැත. එහිදී කාන්තාවගේ වැඩකොටස අතිවිශාලය. දරුවකු කෙරෙහි අත්‍යවශ්‍ය වන මෙම වැඩ කොටස ඇයට කළ හැක්කේ ඇය අසාධාරණයට, අවමානයට, අයිතීන් අහිමිවීමට හෝ අපහසුතාවට පත් නොවූ තත්ත්වයක් යටතේය. පුරුෂ මූලික මනෝභාවයකින් ගබ්සාවට එරෙහි වන්නන් මෙම කරුණ කෙරෙහිද අවධානය යොමු කළ යුතුව ඇත.
1790 Visits

——–

 

 

contactus-n