kataragama devalaya

2017-08-31 11:16:12 | ethalayaTv.com


කතරගම දෙවියෝ තුෂ්නිම්භූත වෙති... නිලමේ හා කපුවෝ කෝපවෙති... කතරගම දෙවියෝ තුෂ්නිම්භූත වෙති... නිලමේ හා කපුවෝ කෝපවෙති...
දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග’ යනුවෙන් කියමනක් ඇත. එහෙත් දැන් නම් දැන ගෙන ගියත් කතරගම, අතරමං වන බව පසුගියදා පැහැදිලිව පෙන්නුම් කෙරිණි. උතුම් වූ බෞද්ධ බැතිමතුන් හා හින්දු බැතිමතුන්ගේ මහත් ගෞරවයට පාත‍්‍ර වී ඇති කතරගම දෙවියන්ට ඇත්තේ මහත් ගෞරවයකි. එබැවින් හින්දු සහ බෞද්ධයෝ වසරකට වරක් බාර හාර ඔප්පු කිරීමට හා කතරගම දෙවියන්ගෙන් දේව පිහිට ලබා ගැනීම සඳහා වැළ නොකැඞී යන අයුරු අප ඉතිහාසයේ සිටම අසා ඇත්තෙමු. එය අදටත් එලෙසම පවතිනු ඇත. කොටි ත‍්‍රස්තවාදී යුද්ධය පැවැති වකවානුවේ පමණක් නොව අදද උතුේර හින්දු ජනයා පයින්ම කතරගමට ළඟා වනුයේ එහි දෙවියන්ගේ ඇති ආශි්රවාදය මුළු ජීවිත කාලයටම මහත් භාග්‍යයක් උදා කර දෙන බවට ඔවුන් තුළ පවතින දැඩි විශ්වාසය හේතු කොට ගෙනය.

වැදි ජනතාවද සිය දේව විශ්වාසයන් ඇදහීම උදෙසා කතරගම බලා පෙරහැරවල්වලින් පැමිණෙන්නේ ඔවුන්ගේ සංස්කෘතික ගති ලක්ෂණද විදහා පාමිනි. අප සමාජයේ බොහෝ පිරිස්වලට විවිධ ඇදහිලි, මතවාද හා විශ්වාස ඇත. ඒවා කොතෙක්දැයි කිවහොත් සමහර උදවිය මෝට්ර රථයක් අ`ඵතෙන්ම මිල දී ගතහොත් එයට ආශි්රවාද ලබා ගැනීම සඳහා කතරගම ගොස් දෙවියන් බැහැ දැක ලොකු පූජා වට්ටියක් පිරිනමා දණ නමස්කාර කරමින් අ ̈තෙන් ලබා ගත් මෝට්රරථයට දෙහි ගෙඩි කිහිපයක්ද එල්ලා ගෙන ආපසු නිවස බලා පැමිණෙනුයේ ඉන් මුළු ජීවිතයටම සෞභාග්‍ය උදා වන බව සිතමිනි. එපමණක් නොව කිසියම් දරු දැරියෙක් කිසියම් විභාගයකට පෙනී සිටින අවස්ථාව ළඟා වන විට කතරගම දෙවියන් බැහැ දැක පුද පඬුරු පූජා කරමින් ආශි්රවාදය ලබා ගනුයේ විභාගය ඉහළින්ම සමත්වීමේ චේතනාවෙනි. සමහර දරුවන්ට අකුරු කියවීමට පෙර කතරගම දෙවියන්ගෙන් ආශි්රවාද ලබා ගනු ඇත. එසේම සමහර පවුල්වල ඇති වන ආරවුල් හා විවිධ ප‍්‍රශ්න හා ආ්රථික ගැට ̈ හේතු කොට ගෙන දැඩි පීඩනයකට ලක් වන විට තමන්ට අපලයක් ඇති බව ප‍්‍රකාශ කරමින් දිව යන්නේ කතරගම දෙවියන්ට කියන්නය. අතේ සතේ නැතිනම් ණයට හෝ පොලියට හෝ ඉල්ලා ගෙන එසේත් නැත්නම් කණකර හෝ උගස් කර මහා පූජා වට්ටියක් රැුගෙන නොපෙනන කතරගම දෙවියන්ට වැඳුම් පිදුම් කරමින් ඉල්ලා සිටින්නේ තමන්ගේ ජීවිතයට එල්ල වී ඇති අපල උපද්‍රව දුරු කර දෙනලෙසය. පෙනෙන මිනිසුන්ට කළ නොහැකි දේවල් නොපෙනෙන දෙවියන්ගෙන් අයැද සිටින මිනිස් පරපුරක් අප සමාජය තුළ බිහි වී ඇත්තේ එසේය. බැතිමතුන්ගෙන් ලබා ගන්නා පූජා වට්ටි ටික අනෙක් පැත්තෙන් දේවාලයේ කපුවා කඬේට විකුණා එයින්ද කීයක් හෝ සරි කර ගන්නේ එය පූජා කළ බැතිමතාට සෙත සැලසීම කෙසේ වෙතත් තමන්ගේ පවුලට, දරු මල්ලන්ට සෙත සැලසීමේ භාග්‍ය උදා කර ගැනීමටය. කතරගම දෙවියෙක් සිටියා නම් එම දෙවියා මේ රටේ ජනතාව බොහෝමයක් දෙවියන්ගෙන් ආශිරවාද ලබා ගෙන සිය ජීවිතය සැපවත් කළේ නම් එම ජනතාව අද වන විට සිටිනු ඇත්තේ කිසිදු ප‍්‍රශ්නයක් නැතිව ඉතාමත් සුවබර අනාගතයකය. එහෙත් එවැනි දෙයක් සිදු වී ඇත්ද? පෙනෙන්නට නම් නැත. මේවා සියල්ල මතවාදයන් පමණි. කතරගම දෙවියාගේ දේව බැල්මේ ස්වභාවය පසුගියදා අපට ඇස් පනා පිට දැක ගත හැකි විය. එනම්, එම දේවාලයේ කපුවෝ පිරිසක් බස්නායක නිලමේ සමඟද ගැටුනේ දේවාලයේ යතුර බෙදා ගැනීමට නොහැකිවය. අවසානයේ දෙපා්රශ්වයේම මැරවර තක්කඩි පිරිස් දේවාල භූමියට කඩා වදිමින් දොරවල්වලට පයින් පහරවල් දෙමින් කතරගම දෙවියන් බලා සිටියදී ගුටි ඇණ ගෙන අමු තිත්ත කුණුහරුප කියා ගත්තේ දෙවියන් තුෂ්නිම්භූතව බලා සිටියදී නිලමේ හා කපුවෝ කෝප වී ගුටි ඇන ගන්නා බව මුළු ලෝකයම මාධ්‍ය තුළින් බලා සිටියදීය. මේ කියන ආකාරයෙන් දෙවියෙක් කතරගම සිටියා නම් එම දේවාලය ඇතුළේම මේ කපු රැුල ගුටි ඇණ ගත වී ඇතත් තවමත් කතරගම දෙවියන් එම මැරයන්ට කිසිදු දඬුවමක් කළ බවක්ද අසන්නට දකින්නට නැත. මෙතෙක් කලක් කතරගම දේවාලය පිළිබඳව බෞද්ධ හා හින්දු බැතිමතුන් තුළ බරපතළ විශ්වාසයක් හා භක්තිවන්තභාවයක් තිබිණි. මිනිසුන්ට කළ නොහැකි දේවල් කතරගම දෙවියන්ට කළ හැකි බවට ඔවුන්ගේ මතයක් තිබිණි. එහෙත් මේ ගුටි බැට හුවමාරුව හරහා දෙවියන්ටත් කළ නොහැකි දේවල් දේවාලයේ කපු මැරයන්ට කළ හැකි බව එම මැරයෝ දෙවියන්ගේ ඉදිරිපිට ඔප්පු කර පෙන්නුවේ තමන්ටත් වඩා බලයක් ඇති කපු දෙවියෝ රැුලක් කතරගම සිටින බව මුළු ලෝකයටම පෙන්වමිනි. දැන්වත් මෙම දේව බැල්ම සහ අදහස් පිළිබඳව විශ්වාසයෙන් පසුවන ජනතාවට තේරුම් ගත යුතු කරුණක් ඇත. එනම්, මේ සියල්ල බොරු බවය.

ඒවා සියල්ල මිනිසුන්ගේ සිත් තුළ තිබෙන මිත්‍යා මත පමණි. එසේ නොමැතිව නොපෙනෙන දෙවියන්ට කළ හැකි දෙයක් නැත. ලෝකයේ තිස් තුන් කෝටියක් දෙවි දේවතාවෝ සිටින බව කියැවේ. එලෙස බලන කල ලංකාවේ කෝටි දෙකක් ජනතාව සිටිති. එවිට එය ගණනය කළොත් එක් අයකුට ලක්ෂ 16ක් පමණ දෙවියෝ සිටිති. ඒ දෙවියන්ගෙන් එක් අයෙක් හෝ එක පුද්ගලයෙක් දෙස බැ ̈වත් මේ රටේ කෝටි දෙකටම කිසිදු ප‍්‍රශ්නයක් නැතිව ජීවිතය සරි කර ගැනීමට හැක. එහෙත් එය සිදු වේද? මේවා සියල්ල මිත්‍යා මතවාදය. බොරුය. අතීතයේ සිට පැමිණි මේවා සංස්කෘතික ලක්ෂණ පමණි. ඊට එහා ඒවායෙන් අපට ජීවිතයට උකහා ගත හැකි වෙනත් දෙයක් නැත. විද්‍යාවෙන් දියුණු වී ඇති ලෝකය දෙස දෑස් දල්වා බලා මේ මිත්‍යා මතවලින් දුරු වුවහොත් අප සිය ̈ දෙනාටම කතරගම දෙවියන්ගේම පිහිට හා ආනුභාවය ලැබෙනවා නියතය.

2002 Visits

——–

 

 

contactus-n