kadala biriyani

2017-08-30 21:36:37 | ethalayaTv.com


කඩල බිරියානි කඩල බිරියානි
ශ්‍රි ලාංකිකයෝ විදියට අපි ගොඩක් ආසයි නේද දේශීය කෑම වර්ග වල රස බලන්න? ඒ වගේම අපේ ගොඩක් කාන්තාවෝ කැමතියි, විවිධත්වය අත්දකින්න. අපි හැමෝම දන්නවා කඩල කියන්නේ ඉස්සර ඉදන්ම අපේ ගෙවල් වල, විශේෂයෙන් උදේ ආහාර වේලට සකස් කර ගන්න කෑම වර්ගයක් බව. ඒ වගේම කඩල ගොඩක් පෝෂ්‍යදායක කෑමක්. නමුත් සමහර අයනම් වැඩියම කඩල වලට කැමතිත් නෑ. කොහොම නමුත් අද අපි කියන්න යන්නේ, කඩල වලින් අලුත් කෑම වර්ගයක් හදා ගන්න විදිය. ඒ තමයි "කඩල බිරියානි"! අවශ්‍ය දෑ: කඩල - 100g ක් රට ළූණු - ගෙඩි 2ක් අමුමිරිස් කරල් - 2ක් තක්කාලි - ගෙඩි 1ක් කැරට් අල - 1ක් බිත්තර - 2ක් ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස් - තේ හැඳි 1ක් සාදන අයුරු: මුලින්ම කඩල හොදින් තම්බා ගෙන ඔයාගේ පසකින් තබා ගන්න. ඊට පස්සේ, රට ළූණු, අමු මිරිස්, තක්කාලි කොටුවට කපා ගන්න. කැරට් අලයත් සිහින්ව කොටුවට කපා ගෙන පසෙකින් තබා ගන්න. ඉන්පසු භාජනයක් ගෙන එයට තෙල් ස්වල්පයක් දමා, එයට කපා ගත් කැරට්, ළූණු, අමු මිරිස් එක් කර හොදින් පිස ගන්න. එය හොදින් පිසුන පසු ගසාගත් බිත්තර ද එකතු කර හොදින් එය කලවම් කරන්න. ඊටපස්සේ, ඔයා පැත්තකින් තියල තිබ්බ කඩල ගෙන (තම්බා ගත් කඩල), මෙම මිශ්‍රණයට දමා හොදින් කලවම් කර ලිපෙන් බා ගන්න. දැන් මේ රසවත් කඩල බිරියානි එක ඔයාගේ පවුලේ අයත් සමග රස විඳින්න.
1867 Visits

——–

 

 

contactus-n