muneta kiribath

2017-08-30 21:32:29 | ethalayaTv.com


මුං ඇට කිරිබත් මුං ඇට කිරිබත්
අපේ රටේ පොල් කිරිවලින් සාදා ගන්නා රසවත් කෑමක් තමයි මුං ඇට කිරිබත් කියන්නේ.. විශේෂ අවස්ථා වලට වගේම නිවසේ සාමාන්‍ය දවසක වුනත් මේ මුං ඇට කිරිබත් හදා ගන්න පුළුවන්. හැබැයි ගොඩක් අපේ තරුණියෝ දන්නේ නෑ කොහොමද මේ මුං ඇට කිරිබත් හදා ගන්නේ කියලා. ඉතින් දැන් අපි බලමු මෙය සාදා ගන්නා අයුරු. අවශ්‍ය දෑ; කැකුළු හාල්/ බාස්මති - කෝප්පා 3ක් මුං ඇට - කෝප්පා 1ක් පොල් කිරි - කෝප්පා 2 1/2ක් - 3ක් රස අනුව ලුණු සාදා ගන්නා අයුරු; ඔයා හෙට දවසේ මේ මුං ඇට කිරිබත් හදන්න ඉන්නවනම්, අද රෑට මුං ඇට වතුරේ පෙගෙන්න දමන්න. නමුත්, ඔයාට ක්ෂණිකයෙන්ම මෙය සාදා ගන්න අවශ්‍ය නම්, මුං ඇට වෙනමම තම්බා ගන්න. දැන් මුලින්ම සහල් සෝදා අවශ්‍ය පමණට වතුර දමා ලිපේ තබන්න. එයට ලුණුද එක් කරන්න. බත් එක හොදින් ඉදිගෙන එනවිට එයට මුං ඇට එක් කරන්න. ඉන්පසු මෙම මිශ්‍රණයට පොල් කිරිද එක් කරන්න. දැන් මෙය හොදින් කලවම් කර තව මිනිත්තු කීපයක් ලිපේ තිබෙන්නට හරින්න. ඉන්පසු, රසය අනුව, අවශ්‍ය නම් ලුණු නැවතත් එක් කර ගන්න. ඉන්පසු එය ලිපෙන් බා, පැතලි තැටියක හෝ පලගනාවක දමා කොටු හැඩයට හෝ ඩයමන්ඩ් හැඩයට කැබලි කපා ගන්න. දැන් මෙය ලුණු මිරිස් හෝ මාළු ඇබුල් තියල් සමග හෝ කට්ට සම්බෝල එක්ක කෑමට පිළිගන්වන්නට පුළුවන්.
1736 Visits

——–

 

 

contactus-n